"නාගරීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[ගොනුව:japan city.jpg|250px|right]]
කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතු සදහා ඒකරාශී වු පුද්ගලයන් සමුහයක් වාසය කරන ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. නාගරික යැයි නිර්වචනය කළ ප්‍රදේශ වල ජන සංඛ්‍යා ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වීම නාගරීකරණය ලෙස හැදින්විය හැකිය.
 
නාගරීකරණය යනු ලෝකය පුරා විශාල ලෙස පැතිරී ඇති සමාජමය විපර්යාසයන් අතර ප්‍රධාන එකකි.ලෝක ජනවිද්‍යාත්මක වෙනස්‍වීම් පැහැදිලි ලෙස පෙන්විය හැකි දර්ශකයක් වුව ද නාගරීකරණය සෑම තැනකම සමාකාරව වර්ධනය වූ ක්‍රියාවලියක් නොවේ.එමෙන්ම "නගර" යන්න සඳහා පැහැදිලි ඍජු නිර්වචනයක් සපයා ගැනීම ද දුෂ්කර වූවකි.නගරයක් යනු වාණිජ,කාර්මික, මූල්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය ,පරිපාලන, නේවාසික යනාදී විවිධ වූ කාර්යයන් සංකේන්ද්‍රණය වූ ජනාවාසයකි.එබැවින් කඩසාප්පු, කර්මාන්තශාලා, බැංකු, පාසල්, රෝහල් ,රාජ්‍ය ආයතනයන්, නිවාස වැනි විවිධ කාර්යයන් සඳහා වෙන්වූ ගොඩනැඟිලි නගරය තුළ පවතී.නගරයක් තුළ වගාබිම්, වනාන්තර වැනි භූමි පරිභෝජනයන්ට වඩා ඉදිකළ බිම් සාපේක්‍ෂව කැපී පෙනෙයි.මෙවැනි ලක්‍ෂණ සහිත ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස හඳුන්වනු ලබයි.
‍බොහෝ රටවල ජනසංඛ්‍යාව පදනම් කර ගනිමින් නාගරික ප්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ කරනු ලබන අතර ග්‍රීසිය, [[ප්‍රංශය]] වැනි ර‍ටවල පරිපාලන කටයුතු සඳහා බෙදා ඇති කුඩා පරිපාලන ඒකකයක් තුළ සිටින වැඩිම ජනසංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් මුළු ඒකකයම නාගරික හෝ ග්‍රාමීය ජනාවාසයක් ලෙස පිළිගනු ලබයි.
ලෝකයේ සමහර රටවල නිවාස සංඛ්‍යාව පදනම් කොට ගෙන නාගරික ප‍්‍රදේශ හඳුනා ගනු ලබන අතර ශ‍්‍රී ලංකාව, පකිස්ථානය වැනි රටවල් පරිපාලන සීමා පමණක් යොදාගනිමින් නාගරික ප‍්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ ගනී. කෙසේ වෙතත් නාගරික ප‍්‍රදේශ හඳුනාගැනීමේදී මුළු ජන සංඛ්‍යාව, භූමි ප‍්‍රමාණය, ජන ඝණත්වය හා ආර්ථික, සමාජ සංවිධාන ව්‍යුහය යන සියලූම සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත. එබැවින් නාගරික ප‍්‍රදේශයක් ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් වෙන් කර හඳුනාගැනීම සඳහා 1971 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිශ්චිත නිර්ණායක කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය. එනම්,
 
01. පරිපාලන තත්වය
 
02. ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය
 
03. පළාත් පාලන ප‍්‍රදේශ
 
04. නාගරික ලක්ෂණ
 
05. මූලික ආර්ථික කටයුතු
 
එබැවින් නාගරීකරණය යනු කාර්යාංශ රාශියක් කේන්ද්‍ර කරගත් අවකාශීයව සංකීර්ණ මාර්ග ජාලාවකින් එකිනෙකට සම්බන්ධ වූ භූමි කොටසකි.
 
නාගරික ප‍්‍රදේශයේ හඳුනාගැනීම සඳහා ජනසංඛ්‍යාව, නිවාස සංඛ්‍යාව, පරිපාලනමය ප‍්‍රදේශ වශයෙන් එක් නිර්වචනයක් පමණක් යොදාගැනීම සාර්ථක නොවීම හේතුවෙන් ඉන්දියාව, උස්බෙකිස්ථානය, ලිතුවේනියාව ආදී රටවල් කිහිපයක නාගරීකරණය සඳහා නිර්වචන කිහිපයක් භාවිතා කරනු ලබයි.
 
නාගරීකරණය මැනීම සදහා ප්‍රධාන ක්‍රම සතරක් උපයෝගී කොට ගැනේ. නාගරික ප්‍රදේශයක් සාධක සතරක ශ්‍රිතයක් ලෙසද දැක්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/නාගරීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි