"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
90 පේළිය:
නේටෝ සංවිධානය‍ට අනුබද්ධව ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා බළකාය පිහිටුවා ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන තාවකාලික පරිපාලනයට සහයෝගය දැක්වීමටත් සහ තලේබාන් පාලනයෙන් පසු බලයට පත් රජයට සහය දැක්වීමටත් ය.
 
==තුවාල කරුවන්==
අංක 175 දරන ගුවන් යානය දකුණු කුළුණේ ගැටීමෙන් පසුව ඇති වූ ගින්නෙන් කුළුණු ද්විත්වයටම හානි සිදු වීම.
මෙම සිදු වීමෙන් කොල්ලකරුවන් 19 දෙනා හැර 2,974 දෙනෙකු හට මාරක විපත් අත්වීය. ගුවන්යානා 04 තුළ 246 ක් සිටි අතර [ සිටි කිසිවෙකුගේ ජීවිත බේරී නැත] වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි හා ඒ ආශ්‍රීත නිව් යෝර්ක් නගර පරිශ්‍රය තුළ 2603 ක්ද පෙන්ටගනයේ 125 ක් හටද මාරක විපත් අත් විය. තවද, පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට සඳහන්ය.
119 පේළිය:
 
වාර්තා හුවා දක්වන පරිදි ද්විත්ව කුළුණුවල වානේ ආකෘතීන්හි ගිනි ප්‍රතිරෝධී බව ගුවන්යානාවල ක්ෂණික ඝට්ටනය නිසා ඇති වූ අතර එසේ නොමැති වූයේ නම් කුළුණු ඍජුව පවතිනු ඇති බවයි. ප්‍රධාන පරීක්ෂණයේ අධ්‍යක්ෂකවරයාවන ජීන් කෝලි විසින් විචාරය කළ පරිදි “කුළුණු පුදුමාකාර ලෙස නිවැරදිව ක්‍රියා කළේය. ගොඩනැගිලි කඩා වැටීමට හේතුව වූයේ ත්‍රස්තවාදීන් ගුවන්යානා නොව ඉන් අනතුරුව ඇති වූ ගින්නයි. එයින් පසුව ද කුළුණුවලින් තුනෙන් දෙකක් ඍජුව පවතින ආකාරය ඔප්පු විය” . ගින්න මගින් මහල්වලට ආධාරවන බැමි දුර්වල කළ අතර ඒ බැමි කඩා වැටීමට හේතු වේ. කඩාවැටෙන මහල් පිටත වානේ රාමු ඉදිරියට නැවෙන ලක්ෂ කරා යොමු කළේය. හර රාමූන්‍ට හානිවීමෙන් පසුව ආධාරක බාහිර රාමුවලට ගොඩනැගිල්ල දරා සිටිය නොහැකි වූ අතර එය කඩා වැටීමට හේතු විය. මීට අමතරව කුළුණුවල සෝපානයන් බලපෑම් ඇති වූ ප්‍රදේශවල ජනතාවට ඉක්මණින් ඉවත්වීමට උචිත පරිදි සවිගන්වා නොමැති බව වාර්තා විය. NIST ප්‍රකාශ කළ පරිදි WTC 7 කඩා වැටීම පිළිබඳ අවසාන වාර්තාව වෙනමම වාර්තාවක් ලෙස නිකුත්වනු ඇත. මෙය Purdue විශ්ව විද්‍යාලය මගින් කළ ස්වාධීන අධ්‍යයනයන් මගින් තහවුරු කෙරිණි.
 
==සිදු වූ හානි==
ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි බොහෝ අනෙක් ගොඩනැගිලි විනාශ හෝ දරුණු ලෙස හානි හෝ වී ඇත. ඒ අතරට ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මැරියට් මධ්‍යස්ථානය සහ ශාන්ත නිකලස් පල්ලියද ඇත. ලිබර්ට් වීදියේ පිහිටි බැංකු ගොඩනැගිල්ල ද භාවිතයට නුසුදුසු යැයි තීරණය වූයේ ප්‍රහාරයෙන් එයට ඇති වූ දැඩි බලපෑම් නිසාවෙනි. මෑන් හැටන් සමාජ විද්‍යාල පරිශ්‍රයද ප්‍රහාරයෙන් දැඩි අලාභ සිදු වූ අතර එයද භාවිතයට නුසුදුසු යැයි තීරණය විය. තවත් අසළ පිහිටි ගොඩනැගිලි අතර 90 වැනි බටහිර වීදිය හා වෙරිසෝන් ගොඩනැගිල්ලටද තදබල හානිවලට ලක් වී ඇත. ඒවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමටද කටයුතු යොදා තිබේ. ලෝක මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල, ලිබර්ටි ප්ලාසා, මිලේනියම් හිල්ටන් සහ 90 වැනි පල්ලවීදිය නම් ස්ථානවල ද හානි සිදු වී ඇතත් එම හානි තදබල ඒවා නොවේ.සන්නිවේදන උපාංගවන සම්ප්‍රේෂණ රේඩියෝ, රූපවාහිනී, රේඩියෝ කුළුණු ආදියටද හානි ගෙන දී ඇති අතර එම කොටස ආසන්නව ගිනි ගැනීම් හටගත් නිසා තවත් කොටසකට හානි සිදු වී ඇත.
 
බේරා ගැනීම්
පෙන්ටගන් ප්‍රහාරයේදී තුවාල ලද ප්‍රහාරකයකු බේරා ගනී.
 
නිව්යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ඒකක 200 ක් ( දෙපාර්තමේන්තුවෙන් අඩක්) ප්‍රහාරය සිදු වූ පරිශ්‍රයට අන්යුක්ත කළ බවත් ඔවුන් තම රාජකාරීවලට අමතරව තවත් විශාල උපකාර රැසකට සහභාගී වූ බවත් සඳහන්ය. නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් හදිසි සේවා ඒකක හා අනෙකුත් පොලිස් නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට එවන ලදී‍. සීමිත හැකියාවක් මත තොරතුරු සන්නිවේදනය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව හා වරාය අධිකාරී පොලීසිය තම ප්‍රයත්නය සාර්ථක කරගනු වස් මෙම හදිසි අවස්ථාවේදී රාජකාරී ඉටුකර ඇත. ඉහත පාර්ෂව තම ර‍ාජකාරීවලට වඩා සිවිල් ජනතාව අතුරින් බේරා ගැනීමට මහන්සි වූහ. තත්වය නරක අතට හැරෙද්දී නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු එම දෙපාර්තමේන්තු හෙළිකොප්ටර් විසින් ලබා දුන් අතර එය ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර බේරා ගැනීම් සිදු කිරීමට මහත් උපකාරී විය. කෙසේ වෙතත් පොලීසිය හා ගිනි නිවීමේ ඒකක අතර සන්නිවේදන කටයුතු අඩාල වූ අතර ගිනි නිවීමේ ඒකක ප්‍රධානීන් හට අවශ්‍ය දත්ත නොලැබීමෙන් දුෂ්කරතා රැසක් උද්ගත විය. පළමු ගොඩනැගිල්ල ඇද වැටීමත් සමග ගිනි නිවීමේ ඒකක ප්‍රධානීන් හට මෙම සන්නිවේදන දුෂ්කරතා අත්විඳිය හැකි වූයේ තම භටයන් මෙහෙයවීමට නියෝග ලබා දිය නොහැකි වීමෙනි.එම තත්වයට හේතු වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ ඇති සන්නිවේදන පද්ධති අඩාල වීමයි. තවද 911 හදිසි ඇමතුම් අංශයටද ලැබුණු තොරතුරු අදාල අංශවලට ලබාදිය නොහැකි විය.අති විශාල මෙහෙයුම් රැසක් පැය කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වූ අතර සමහර මෙහෙයුම් මාස ගණනක් ක්‍රියාත්මක විය.
 
[[als:11. September 2001]]
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි