"උප පරමාණුක අංශු" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
}}</ref> ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ.{{Citation needed}} එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.
 
භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ [[ක්වාක් අංශු]] යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් අංශු [[ෆර්මියෝන]] යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම ෆර්මියෝන සහ [[ලෙප්ටෝන]] ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම [[පදාර්ථය|පදාර්ථයේ]] මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ [[උඩු-අත් ක්වාක් අංශුව|උඩු-අත් ක්වාක් අංශු]] (up quark) දෙකක් හා [[යටි-අත් ක්වාක් අංශුව|යටි-අත් ක්වාක් අංශු]] (down quark) එකකිනි. උඩු-අත් ක්වාක් අංශුවක් හා යටි-අත් ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට මාධ්‍යය ලෙස [[ග්ලූවොන]] නමින් හැඳින්වෙන අංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන, [[බොසෝන]] යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/161040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි