"මුඩුක්කු සහ පැල්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
මොවුන් පුද්ගලික ඉඩම් තුළ නිවාස ඉදිකොට පසුව ඉඩම් හිමියන් සමග කුලියක් ගෙවීමට හෝ මිලදී ගැනීමට එකඟතාවකට පැමිණි පිරිස්ය.
 
=='''මුඩුක්කු සහ පැල්පත් හරහා මතු වන ගැටළු'''==
 
විශේෂයෙන්ම මෙම මුඩුක්කු සහ පැල්පත් ආශ්‍රිතව ඔවුනට ආවේණික සංස්කෘතියක් දැකගත හැක. එම සංස්කෘතියට අනුගත වීමෙන් මෙ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමේ ඉහළ අනුපාතයක් පවතී.බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරතවේ. එනම් මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය, මංකොල්ල කෑම මෙන්ම අවිධිමත් ආර්ථික ක්‍රියා ආදී ධන උපාය මාර්ග වලටද යොමු වීම හරහා විවිධ සමාජ ගැටළු උද්ගතවීම දැකගක හැක.එවැනි තත්ත්‍වයන්ට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආර්ථික වශයෙන් මොවුන් ඉතා දුෂ්කර තත්ත්‍වයන්ට මුහුණ දී සිටීමය. ඒ හැරුණු විට මෙම සමාජ කණ්ඩායම තුළ දැකිය හැකි වෙනත් ගැටළු සහගත තත්ත්‍වයන් ලෙස විවාහ වල අස්ථාවරත්වය, බාල අපරාධ, මදිරාබාධය, පාසැල් හැර යාම ආදිය කීපයක් ලෙස පෙන්වා දිය හැක. මෙම ගැටළු බොහෝමයකට පදනම වී ඇත්තේ මුඩුක්කු සහ පැල්පත් පරිසරයයි. අනෙක් අතට අපිරිසිදු පරිසරය සහ සෞඛ්‍ය පහසුකම් නොමැති වීම ආදිය නිසා සෞඛ්‍ය තර්ජනයන්ද මෙම වාසස්ථානවල බහුලව දැකගත හැකිය. ඉන්දියාව සලකා බැලූ විට 60% කට වැඩි කල්කටා, බොම්බේ, කාන්පූර් සහ නාග්පූර් ආදී ප්‍රදේශ වල තනි කාමරයේ මුඩුක්කු වාසය සඳහා සුදුසු නොවේ. එම පැල්පත් වල අඳුරු සහගත බව සහ තදබදය පිරිසිදු වාතය අවම කරයි. එසේ වුවද මෙම තනි කාමරයේ ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව 4 - 10 තරම් වේ.
 
කෙසේ වෙතත් එක්සත් ජාතීන් වාර්තා කරන පරිදි සියලු නාගරික වැසියන්ගෙන් තුනෙන් එකකට වඩා මුඩුක්කු සහ පැල්පත් වල වාසය කරන අතර ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල නගර වේ.වර්ෂ 2006 UN-HABITAT වාර්තාවට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මිනිසුන් මිලියන 327ක් මුඩුක්කු සහ පැල්පත් වල ජීවත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් හතරෙන් එකකම (අප්‍රිකානු, ආසියානු, පැසිෆික්) නාගරික පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක්ම මුඩුක්කු වල ජීවත් වන අතර මෙම රටවල් බොහෝමයක් සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතී.
 
පැල්පත් නගරද අද වන විට රටවල් ගණනාවක දැකගත හැක.
ලොව විශාලතම පැල්පත් නගරය ලෙස මෙක්සිකෝවේ "Neza-Chalco-Itza barrio" හැඳින්වේ. එමෙන්ම ආසියාවේ විශාලතම පැල්පත් නගරය පාකිස්තානයේ කරච්චි නුවර "ඔරන්ගි" නාගරිකය වන අතර අප්‍රිකා මහද්වීපයේ නම් කෙන්යාවේ නයිරෝබි නුවර "කිබේරා" නාගරිකය විශාලතම පැල්පත් නගරය වේ.
=='''පිංතූර ගැලරිය'''==
 
"https://si.wikipedia.org/wiki/මුඩුක්කු_සහ_පැල්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි