"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
|||
2 පේළිය:
[[Image:Alpha Decay.svg|thumb|'''α-ක්ෂය වීම''' [[විකිරණශීලී ක්ෂය වීම]] සදහා උදාහරණයකි. මේහිදී පරමාණුක න්‍යෂ්ටීන් [[ඇල්ෆා අංශුව|ඇල්ෆා අංශු]] නිකුත් කරමින් [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංක]] 2ක් ද [[ස්කන්ධ ක්‍රමාංකය|ස්කන්ධ ක්‍රමාංක]] 4ක් ද දක්වා අඩු පරමාණුවකට පරිවර්ථනය ([[විකිරණශීලී ක්ෂය වීම]])කට ලක් වේ. '''α-ක්ෂය වීම''' හැර වෙනත් වර්ග වල විකිරණශීලී ක්ෂය වීම් බොහෝ ගනනක් ඇත.]]
අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම [[විකිරණශීලී ක්ෂය වීම]] නම් වේ. න්‍යෂ්ටියක ඇති [[නියුක්ලියෝන]] එකිනෙක බැඳ තබා ගන්නා [[ප්‍රබල බලය|ප්‍රබල බල]] න්‍යෂ්ටියේ අරයට සාපේක්ෂව කුඩා වූ විට පරමාණුක න්‍යෂ්ටියක් අස්ථායී අවස්ථාවකට පත් වේ. විකිරණශීලී ක්ෂය වීමකදී [[α-අංශු]], [[β-අංශු]], [[ප්‍රෝටෝන]], [[නියුට්‍රෝන]],[[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ අංශු]] සහ γ-කිරණ යන විවිධ වර්ග වල විකිරණ නිකුත් වේ.
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයංසිද්ධ විමෝචනයක් ලෙස සිදු වේ.
විකිරණශීලී ක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
|