"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
added "Alpha decay" immage from commons...~~~~
No edit summary
8 පේළිය:
 
මීට අමතරව ඉහත පරිදි විකිරණශීලී ක්ෂය වීමෙන් පසුව සැකෙබුණු අවස්ථාවේ පසු වන පරමාණුක න්‍යෂ්ටීන් [[γ-කිරණ]] ස්වරූපයෙන් ශක්තිය නිකුත් කරමින් ස්ථායී අවස්ථාවට පත් වේ. ඒ අනුව විකිරණශීලී ක්ෂය වීමකදී [[α-අංශු]], [[β-අංශු]] සහ γ-කිරණ යන ත්‍රිවිධ විකිරණය නිකුත් වේ.
 
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. ‍මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයං විමෝචනයක් ලෙස සිදු වේ.
 
විකිරණශීලී ක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
 
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි