"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
14 පේළිය:
== α-ක්ෂය වීම ==
 
අස්ථායී පරමාණුවක් [[ඇල්ෆා අංශුව|α-අංශුවක්]] නොහොත් [[හීලියම්]] න්‍යෂ්ටියක් පිට කරමින් ස්ථායී අවස්ථාවකට පත් වීම α-ක්ෂය වීමයි. සාමාන්‍යයෙන් α-ක්ෂය වීම දැකිය හැකි වන්නේ ස්කන්ධ ක්‍රමාංකය 200 ට වඩා වැඩි න්‍යෂ්ටි වෙතිනි. මෙම ක්ෂය වීමේදී සෑදෙන දුහිතෘ න්‍යෂ්ටිය පීතෘ න්‍යෂ්ටියට වඩා [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංක]] 2ක් ද [[ස්කන්ධ ක්‍රමාංකය|ස්කන්ධ ක්‍රමාංක]] 4ක් ද අඩු වෙයි.
 
සෑදෙන දුහිතෘ න්‍යෂ්ටියෙහි සහ α-අංශුවෙහි ස්කන්ධ එකතුව පීතෘ න්‍යෂ්ටියෙහි ස්කන්ධයට වඩා අඩු වෙයි. මෙම අඩු වන [[ස්කන්ධය]] [[ශක්තිය|ශක්තියට]] පෙරළෙන අතර α-අංශුවට සහ දුහිතෘ න්‍යෂ්ටියට මෙම ශක්තිය [[චාලක ශක්තිය]] ආකාරයෙන් ලැබේ. නමුත් දුහිතෘ න්‍යෂ්ටිය α-අංශුවට වඩා ස්කන්ධයෙන් ඉතා වැඩි නිසා [[ගම්‍යතා සංස්ථිති මූලධර්මය|ගම්‍යතා සංස්ථිති මූලධර්මයට]] අනුව α-අංශුව ඉමහත් වේගයකින් ඉවතට ප්‍රක්ෂේපණය වනු ඇත. α-කිරණ යනුවෙන් හඳුන්වන්නේ මෙ බඳු අංශු ය.
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි