"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු හරිතාගාර ආචරණය/Temp යන්න හරිතාගාර ආචරණය වෙත ගෙන යන ලදි: History merge
1 පේළිය:
{{mergewith|හරිතාගාර ආචරණය}}
[[Image:Greenhouse Effect.svg|thumb|250px|right|]]
 
Line 18 ⟶ 17:
 
පෘථිවියට ශක්තිය සම්ප්‍රේෂණය වන ප්‍රධාන ආකාරය වනුයේ සුර්යාලෝකයයි. නමුත් වායුගෝලය පාරදෘශ්‍ය බැවින් මෙම ආලෝක ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමකින් තොරව පරාවර්තනය වෙයි. නමුත් සුර්යයාගෙන් ලැබෙන තාපයෙන් 50% පමණ ප්‍රතිශතයක් අවශෝෂණය කරගැනීමට පෘථිවිය සමත්ය. මෙනිසා සිදුවන උෂ්ණත්වයේ ඉහලයාම මගින් පෘථිවි පෘෂ්ඨය හා වායු ගෝලය මගින් අධෝරක්ත කලාපයේ පිහිටි කිරණ විමෝචනය කරයි. මෙම කිරණ අවශෝෂණය කරගන්නා හරිතාගාර වායුන් ඒවා තාපය ලෙස මුදාහරියි. මේ හේතුව නිසා පෘථිවි පාෂ්ඨය හා පහල වායුගෝලය උණුසුම් වන අතර පෘථිවිය මත ජීවය පැවතීමට මෙය සාධකයක් වේ.
 
පෘථිවිය ජිවීන්ගේ වාසයට සුදුසු ග්‍රහලෝකයකි.ඊට හේතුව වෙනත් දේට අමතරව පෘථිවි පෘෂ්ඨය මතුපිට සහ ඊට ආසන්නව ජීවය පවත්වා‍ ‍ගෙන යාම සඳහා සුදුසු උෂ්ණත්වයක් පවත්වා ගැනිමට හැකි වායුගෝලයක් තිබිමයි.මේ සඳහා බලපා ඇත්තේ ස්වභාවික '''හරිතාගාර ආචරණය''' නමින් විස්තර කෙරෙන ක්‍රියාවලියයි.
 
කාබන්ඩයොක්සයිඩ්CO<sub>2</sub>,මී‍තේන්(CH4),ක්ලෝරෝ ‍ෆ්ලෝරෝ කාබන්, නයිට්‍රස් ඔක්සයිඩ්,සහ ජල වාෂ්ප ප්‍රධාන හරිතාගාර වායු වශයෙන් හැඳින්වේ.මෙම වායු පෘථිවියේ වායුගෝලයේ පහළ මට්ටම්වල සුළු ප්‍රමාණවලින් ස්වභාවිකව පවති.සුර්යයාගේ සිට පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ නැවතත් ආකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලය තුළ රඳවා ගැනිමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීම හරිතාගාර වායු මඟින් සිදු කරයි.මෙයට හරිතාගාර ආචරණය යයි කියනු ලැබේ.මෙයින් අදහස් කරන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා හරිතාගාර වායු වැඳගත් කාර්යයන් ඉටු කරන බවයි.එහෙත් පසු ගිය දශකවලදි වායුගෝලයේ ඇති හරිතාගාර වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බව සොයා ගෙන ඇත.ඉන්ධන පිළිස්සීම, වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බවට දේශගුණ වෙනස්වීම් හා සම්බන්ධ පර්යේෂණ කටයුතුවල යෙදෙන විද්‍යාඥයින්ගේ මතයයි.මෙසේ අස්වභාවිකව හරිතාගාර වායුවල සාන්ද්‍රණය ඉහළ යාම වැඩි කරන ලද හරිතාගාර ආචරණය යනුවෙන් හැඳින්වේ.ඒ අනුව හරිතාගාර ආචරණය ස්වභාවික ක්‍රියාවලියකි. වැඩි කරන ලද හරිතාගාර ආචරණය අස්වභාවික ක්‍රියාවලියක්‍ වේ.
 
මෙසේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩි විමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ පැවැති උෂ්ණත්වයේ වැඩි විමට වඩා වැඩි ‍වේගයකින් ඉහළ යනු ඇත.විද්‍යාත්මක තොරතුරු අනුව 20 වන ශත වර්ෂය තුළදි සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3-0.6 ප්‍රමාණයනකින් වර්ධනය වී ඇති බව හෙළි වී ඇත. දේශගුණය වෙනස්වීම් පිළිබඳ අන්තර් ජාතික අනුකමිටුව 1995 නොවැම්බර් මස මැඩ්රිඩ් නුවරදි සම්මත කර ගන්නා ලද දේශගුණ වෙනස්විම් පිළිබඳ අලුත්ම විද්‍යාත්මක ඇගයීම් වාර්තාවට අනුව වර්ෂ 1990ට සාපේකෂ වර්ෂ 2100 දී මුළු පෘථිවි ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3.5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකියයි.සඳහන් කරයි.වර්ෂ 2030 වනවිට කාර්මික යුගයට පෙර තිබු සාමාන්‍ය උෂ්ණ්ත්වයට වඩා අංශක දෙකකින් සාමාන්‍ය ලෝක උෂ්ණත්වය වැඩි වනු ඇතැයි ‍බොහෝ විද්‍යඥයෝ අනාවැකි පළකර සිටිති.අංශක ස්වල්පයකින් වුවද ගෝලීයව සාමාන්‍ය උෂ්ණත්වය වර්ධනය වීම ගොඩබිම හා සාගර යන දෙකේම දිගු කාලීන බලපෑම ඇති කිරිමට හේතු වේ. මුහුදු මට්ට්ම ඉහළ යාම භූමි පරිබෝග රටාව වෙනස්වීම,ඕසෝන් තලය වියැකීම අන්තගාමී දේශගුණයක ලක්ෂණ ඇතිවීම මේ නිසා සිදු විය හැක.
 
හරිතාගාර යනුවෙන් හඳුන්වන්නේ "වීදුරු වහළක් සහිත ආවරණ වු ප්‍රදේශයක් (කුටියක්) වන අතර ඵ්වා තුළ ඉහළ පරිසර උෂ්ණත්වයක් අවශ්‍ය වන ශාක වවනු ලැබේ.වීදුරු වහළ මඟින් තාපය ඇතුළු පැත්තට ගලා යන නමුත් ඉන් කොටසක් ආපසු පිටතට විකිරණ වීම වළක්වයි.මේ නිසා වීදුරුවලින් සකස් කළ ගොඩනැඟිල්ලක් තුළ කෘතිම වශයෙන් උෂ්ණත්වයක් වැඩිවේ. ඒ අනුව හරිතාගාරයක් පිටතට වඩා ඇතුළත උෂ්ණත්වයක් තබා ගැනීමට සකස් කරන ලද කෘතිම ගොඩනැඟිල්ලකි.මෙවැනි වීදුරුවලින් සැකසු ගෙවල් ලෝකයේ උෂ්ණත්වය අඩු ශීත රටවල වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය ඇතැම් ‍‍බෝග වගා කිරිමට කෘතිමව උෂ්ණත්වය වැඩි කර ගැනීමේ අරමුණින් සකස් කර ගෙන ඇත.
 
වායුගෝලයේද ඇතැම් විට ගිම්හලක් පරිදි ක්‍රියාත්මක වෙයි. සුර්ය විකිරණය වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ එයින් කොටසක් අවශෝෂණය කරන අතර කොටසක් පරාවර්තනය කරයි.නමුත් වායුගෝලයේ ඉහළ වළා වැස්මක් නිර්මාණය වුවහොත් පෘථිවි තලයට අවශෝෂණය වු කෙටි තරංග පරිදි පිටකිරිමට එමඟින් බාධා ඇතිවේ.පිටතට විකිරණය වී නොයන තාප ශක්තිය වායුගෝලය තුළම පවතින බැවින් එය "ගිම්හලක්" පරිදි ක්‍රියාත්මක වෙයි.
 
අවුරුදු මිලියනයක් පමණ වු ඉතිහාසය තුළ පුර්ව මානව ක්‍රියා නිසා පෘථිවි වායුගෝලයේ සංයුතිය වෙනස් නොවු බැවින් මෙලෙස වායුගෝලය අතීතයේ සිට ස්වභාවික ගිම්හලක් ලෙස ක්‍රියාත්මක විය.නමුත් මෑත කාලයේ පෘථිවියෙහි කෘතිමව හඳුන්වා දෙන ලද ගිම්හල් ඵලය ඇති කිරිමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබන්ඩයොක්සයිඩ්ය.ඒ හැරුන විට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ,මීතේන්,හා ඕසෝන් වැනි වෙනත් වායු වර්ග ද ගිම්හල් ඵලය ඇතිකිරිමේ ක්‍රියාවලියට දායක වන අතර ක්‍රියාකාරිත්වය නිසා වර්තමානයේ එම දායකත්වය වැඩිවෙමින් පවතින බව අනාවරණය වී ඇත.මෙම ගිම්හල් වායු වර්ග මගින් උරා ගනු ලබන අධෝරක්ත කිරණ(දිගු තරංග) නිසා වැඩි වැඩියෙන් වායුගෝලය තාපවත් වේ.එමෙන්ම ඒ මගින් වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයේ ඇති වී වැඩියෙන් වලාකුළු නිර්මාණය වීමක් සිදුවේ.මෙහි ප්‍රතිඵලයක් පරිදි වායුගෝලය තුළ තාපය එක් රැස් වීමක් නැතහොත් "ගිම්හල් ඵලයක්" හ‍ට ගැනීමක් සිදු වේ.මෙම ගිම්හල් ඵලය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දේශගුණ විපර්යාසය කෙරෙහි බලපානු ලැබේ.
 
ගිම්හල් ඵලයෙහි ඉතාම කෙටිකාලීන ප්‍රතිඵලය වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන වැසි ප්‍රමාණය වැඩි වීම වේ. උෂ්ණත්වය ඉහළ යන විට ජල වාෂ්ප ප්‍රමාණය ද ඉහළ යන නිසා වාෂ්පීකරණ ද වැඩි වී වළා වියන පැතිරී වර්ෂාව ලැබේ.නමුත් වායුගෝලයේ පවතින සාමාන්‍ය සංසරණයෙහි සංකීර්ණ හැසිරීම සහ විවිධ ප්‍රාදේශීය සාධක හේතු කර ගෙන වැඩි වන වර්ෂාව සෑම ප්‍රදේශයකටම එක හා සමානව නොලැබිය හැක.මේ නිසා ඇතැම් ශුෂ්ක ප්‍රදේශ හෝ වියළි ප්‍රදේශ තව තවත් වියලීම හා කාන්තරීකරණයට ලක්වීමක් සිදුවිය හැකි වේ.ගිම්හල් ඵලයෙහි දිගුකාලීන ප්‍රතිඵලය වන්නේ පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වීම බව අනාවරණය
 
===සවිස්තර දිගහැරුම===
Line 37 ⟶ 50:
 
== හරිතාගාර වායුන් ==
{{ප්‍රධාන ලිපිය|Greenhouseහරිතාගාර gasවායු}}
 
[[අණු]] හා විකිරණය අතර පවතින සම්බන්ධතානවය [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව]] මගින් පහදා දෙයි. අණුක කම්පන වලදී ඒවායෙන් විමෝචනය වන ශක්තීන්ට අනුරෑප [[සංඛ්‍යාත]] වලින් යුත් විකිරණ විමෝචනය සිදුවේ. (ඉලෙක්ට්‍රෝන උත්තේජිත අවස්ථාවට පත්වී නැවත භෞමික අවස්ථාවට පත්වීමට අනුරූපව අධෝරක්ත කිරණ මුක්තවීමක් සිදු නොවේ. ඒ මන්ද යත් එයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය එහිදි නිපද නොවෙන බැවිනි. )
Line 96 ⟶ 109:
 
== සැබෑ හරිතාගාර ==
 
 
[[Image:RHSGlasshouse.JPG|thumb|right|250px|]]
Line 103 ⟶ 115:
 
හරිතාගාරයක් නිර්මාණය කරනුයේ වීදුරු හෝ ප්ලාස්ටික් වැනි පාරදෘශ්‍ය ද්‍රව්‍ය වලිනි. එය තුලට වැටෙන හිරු එළිය නිසා එහි භූමිය රත්වී එයට ඉහළින් වු වායු ස්ථරය රත්වේ. කුටීරය තුල සිරවීම නිසා [[සංවහනය]] මගින් ඉහල ගොස් සිසිල්වීම අවහිර වේ. මේ නිසා හරිතාගාරය තුල වායුවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී.
 
==හරිතාගාර ආචරණය වැඩිදුරටත්==
 
හරිතාගාර ආචරණය පළමු ලෙස අනාවරණය කරගන්නා ලද්දේ 1824 ජෝසෆ් ෆොරියර් විසිනි. ඒ පිළිබඳව පළමු ලෙස විමර්ශනය කෙරුනේ 1896 දී ස්වාන්ටේ ආර්හේනියස් විසිනි. මෙය අධෝරක්ත කිරණ විහිදුවීමෙන් වාතය ඒවා අවශෝෂණය කිරීම හේතු කොට ගෙන පෘතුවිය මතුපිට හා පහල වායුගෝලීය වායූන් රත් වීමෙන් සිදුවන ක්‍රියාවලියයි.
 
හරිතාගාර ආචරණයේ පැවැත්ම මත භේදයට ලක්ව නැත. ස්වභාවිකව සිදුවන මෙම ක්‍රියාවලිය නිසා ඇතිවන උෂ්ණත්වය 33C(54F) පමණ වේ.මෙය සිදුවන්නේ හුමාලය මඟින් 36% - 70% පමණ (මෙහිඳී වළාකුළු සළකා නොමැත ), කාබන්ඩයොක්සයිඩ් (CO2) මඟින් 25% පමණ, මීතේන් මඟින් 4% - 9% පමණ සහ ඔසෝන් මඟින් 3% - 7% පමණ වේ. නමුත් ප්‍රශ්නය වන්නේ විවිධ වූ මිනිස් ක්‍රියකාරකම් නිසා මෙම හරිතාගාර වායු සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස ඉහල යාමයි.
 
කාර්මික විප්ලවයේ පටන් විවිධ වූ මිනිස් ක්‍රියාකරකම් නිසා වායුගෝලයේ මෙම වායු සාන්ද්‍රණය ඉහල යාමට පටන් ගෙන ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, ට්‍රොෆොස්ෆෙරිකොසෝන්, CFC, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායුන් පිටවීම වැඩි වූ නිසායි. මීතේන් කාබන්ඩයොක්සයිඩ් වලට වඩා වැඩිපුර හරිතාගාර ආචරණය සිදුකරන වායුවක් වුවද එහි සාන්ද්‍රණය ඉතා කුඩා හෙයින් ඉන් හරිතාගාර ආචරණයට වන බලපෑම කාබන්ඩයොක්සයිඩ් වලින් වන බලපෑමෙන් 1/4 ක් පමණ වේ. ස්වභාවිකව පිටවෙන වෙනත් වායූන් ද හරිතාගාර ආචරණය සුළු වශයෙන් සිදුකරයි. නයිස්ට්‍රස් ඔක්සයිඩ් මින් එකකි. නයිස්ට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය කෘෂිකර්මාන්තය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩි වෙමින් පවතී.18 වන ශතවර්ෂයේ මැද ගණන් වල ආරම්භ වූ කාර්මික විප්ලවය නිසා වායුගෝලයේ මේ කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් සාන්ද්‍රණ 31% න් හ 141% න් වැඩි වී ඇත.මේ අගයන් පසුගිය වර්ෂ 650,000 සැළකූ විට ඉතා විශාල වැඩි වීම් වේ.වක්‍ර මාර්ග වලින් ලත් භූ විද්‍යා සාක්ෂි අනුව විශ්වාස කෙරෙන්නේ මෙවන් වූ අගයන් පැවතුනේ වසර මිලියන 20 ට පමන පෙර බවයි. වැඩිව ඇති කාබන්ඩයොක්සයිඩ් වලින් 3/4 ක් පමන පසුගිය වසර 20 තුල නිපදවී ඇත්තේ ඉන්ධන දහනය මඟිනි. ඉතිරිය වන නාශනය නිසා වැඩිවී ඇත.
 
 
ග්රාෆ්
 
වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයන්ගේ වැඩිවීම
 
 
මාසිකව ලබාගන්නා කාබන්ඩයොක්සයිඩ් මිනුම් මඟින් වාර්ශිකව වෙන කුඩා ඍතුමය දෝලනයන් පෙන්වනු ලැබේ.සෑම වසරකම උත්තර අර්ධගෝලයේ වසන්තය පසුවීම සහ ඉන්පසුව ඇතිවන ශාක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුකිරීම හේතු කොටගෙන එය දීර්ඝ වීම සිදුවේ.
 
වර්තමානයේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය පරිමාව අනුව මිලියනයකට කොටස් 385 පමන වේ.අනාගතයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉන්ධන දහනය හා වන නාශනය නිසා වැඩි වන බව තහවුරු වී ඇත. මෙම කාබන්ඩයොක්සයිඩ් නැග්ම ආර්ථික, සමාජීය, තාක්ෂණික, ස්වඹ්හවික සංවර්ධනය මත රඳා පවතින නමුත් ෆොසිල වල සීමා සහිත බව නිසා අවම විය හැක. වසර 2100 වන විට කාබන්ඩයොක්සයිඩ් වල වැඩි වීමේ පරාසයක් ලෙස මිලියනයකට කොටස් 541 සිට 970 දක්වා ලෙස ඉදිරිපත් වී ඇත. මේ මට්ටමට ලඟා වීමට ෆොසිල දහනය, ගල් අඟුරු තාර හෝ මීතේන් භවිතයම ප්‍රමාණවත් වේ. නාසා ආයතනයේ කෙරුනු පරීක්ෂාවකට අනුව කාලගුණ විද්‍ළ්‍යාඥ ජේම්ස් හැන්සන් පවසන්නේ මෙසේ වැඩිවුනු කාබන්ඩයොක්සයිඩ් නිසා වායුගෝලීය උෂ්ණත්වය පසුගිය වසර 100 තුල සෙල්සියස් අංශක 0.75 කින් පමණ වැඩි වී ඇති බවයි.
 
== තවද බලන්න ==
*[[ඕ‍සෝන් වියන]]
*[[මිහිතල‍යේ උණුසුම]]
*[[පෘථිවිය උණුසුම් වීම]]
*[[ආක්ටික් කලාප‍යේ උණූසුම]]
*[[ප්‍රති-හරිතාගාර ආචරණ සංසිද්ධිය]]
*[[දේශගුණික විපර්යාසය]]
Line 122 ⟶ 156:
*ක්ලේහිල් ජේ.ටී සහ ට්‍රැන්බර්ත් "Earth's annual mean global energy budget,"අමරිකානු කාළගුණ විද්‍යා සංගමය 78(2) 197-208
 
[[ප්‍රවර්ගය:පරිසරවේදය]]
{{ගෝලීය උණූසුම හා දේශගුණික විපර්යාස}}
[[ප්‍රවර්ගය:ධරණීයතාව]]
[[ප්‍රවර්ගය:වායුගෝලීය විකිරණය ]]
[[ප්‍රවර්ගය:දේශගුණික වෙනස්වීම් උත්ප්‍රේරක හා හේතු ]]
[[ප්‍රවර්ගය:දේශගුණික බලපෑම්]]
[[ප්‍රවර්ගය:වායුගෝලය ]]
 
[[af:Kweekhuiseffek]]
[[Category:වායුගෝලීය විකිරණය ]]
[[ar:احتباس حراري]]
[[Category:දේශගුණික වෙනස්වීම් උත්ප්‍රේරක හා හේතු ]]
[[bg:Парников ефект]]
[[Category:දේශගුණික බලපෑම්]]
[[bn:গ্রিন হাউজ প্রতিক্রিয়া]]
[[Category:වායුගෝලය ]]
[[bs:Efekt staklenika]]
[[ca:Efecte hivernacle]]
[[cs:Skleníkový efekt]]
[[cy:Effaith tŷ gwydr]]
[[da:Drivhuseffekt]]
[[de:Treibhauseffekt]]
[[diq:Tesirê Sera]]
[[el:Φαινόμενο του θερμοκηπίου]]
[[en:Greenhouse effect]]
[[eo:Forceja efiko]]
[[es:Efecto invernadero]]
[[et:Kasvuhooneefekt]]
[[eu:Berotegi-efektua]]
[[fa:اثر گلخانه‌ای]]
[[fi:Kasvihuoneilmiö]]
[[fr:Effet de serre]]
[[gd:Buaidh an taigh-ghloine]]
[[gl:Efecto invernadoiro]]
[[he:אפקט החממה]]
[[hi:ग्रीन हाउस प्रभाव]]
[[hr:Staklenički efekt]]
[[hu:Üvegházhatás]]
[[ia:Effecto conservatorio]]
[[id:Efek rumah kaca]]
[[is:Gróðurhúsaáhrif]]
[[it:Effetto serra]]
[[ja:温室効果]]
[[ka:სათბურის ეფექტი]]
[[kn:ಹಸಿರುಮನೆ ಪರಿಣಾಮ]]
[[ko:온실 효과]]
[[lt:Šiltnamio efektas]]
[[ml:ഹരിതഗൃഹപ്രഭാവം]]
[[mr:हरितगृह परिणाम]]
[[ms:Kesan rumah tanaman]]
[[nl:Broeikaseffect]]
[[nn:Drivhuseffekt]]
[[no:Drivhuseffekt]]
[[oc:Efièch de sèrra]]
[[pl:Efekt cieplarniany]]
[[pt:Efeito estufa]]
[[qu:Pacha q'uñichiy]]
[[ro:Efect de seră]]
[[ru:Парниковый эффект]]
[[simple:Greenhouse effect]]
[[sk:Skleníkový efekt]]
[[sl:Učinek tople grede]]
[[sr:Efekat staklene bašte]]
[[sv:Växthuseffekten]]
[[ta:பைங்குடில் விளைவு]]
[[te:గ్రీన్ హౌస్ ప్రభావం]]
[[th:ปรากฏการณ์เรือนกระจก]]
[[tr:Sera etkisi]]
[[uk:Парниковий ефект]]
[[vi:Hiệu ứng nhà kính]]
[[wuu:温室效应]]
[[zh:温室效应]]
[[zh-min-nan:Un-sek hāu-èng]]
[[zh-yue:溫室效應]]
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි