"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු [r2.6.4+] robot Adding: de:D. M. Jayaratne
සුළු රොබෝ වෙනස් කරමින්: fr:D. M. Jayaratne; cosmetic changes
1 පේළිය:
{{තොරතුරුකොටුව තනතුරුධාරි
|name = දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න
|honorific-suffix = <br /><small>[[Parliament of Sri Lanka|MP]]</small>
|image = Dmj2.jpg
|office = [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය]]
17 පේළිය:
}}
 
'''දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න''' [[පාර්ලිමේන්තු මන්ත්‍රී|පාම]] ( '''ඩී. එම්. "දි මු" ජයරත්න''' ලෙසින්ද හැඳින්වෙයි;<ref>http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201004/20100421new_prime_minister.htm</ref> [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: Disanayaka Mudiyanselage Jayaratne; [[දෙමළ භාෂාව|දෙමළ]]: டிசைனாக முடியன்செலகே ஜெயரத்னே; උපත ජූනි 7, 1931<ref name="facts">[http://www.parliament.lk/directory_of_members/ViewMember.do?memID=92 Parliament profile]</ref>) යනු 20වන සහ වත්මන් [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා]] වන අතර, කෘතහස්ත ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න මැතිතුමා, පළමුව [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව| පාර්ලිමේන්තුවට]] තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය.<ref>[http://www.dailymirror.lk/index.php/news/3258-dm-jayaratne-sworn-in-as-pm-.html D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21]</ref>
 
== මුල් දිවිය ==
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ [[මහනුවර]] නගරයට මදක් ඔබ්බෙන් පිහිටි [[ගම්පොල]] නගරයෙහි පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය |පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි]], කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය {{Citation needed|date=June 2010}}. [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] මැතිතුමන් විසින් 1951දී මහනුවරදී [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ආරම්භ කිරීමෙන් අනතුරුව, ජයරත්න මැතිතුමා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.<ref name="newslk-newpm">{{cite web|url=http://news.lk/index.php?option=com_content&task=view&id=14847&Itemid=44 |title=Sri Lanka's new Prime Minister is D. M Jayaratne |publisher=News.lk |date=1931-06-07 |accessdate=2010-04-21}}</ref>
 
== දේශපාලනය ==
ජයරත්න මැතිතුමා පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1970|1970 මහා මැතිවරණයෙහිදී]], ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] (එජාප) ඩබ්.පී.බී. දිසානායක මහතා පරාජය කරමිනි.<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF |title=Results Of Parliamentary General Election -1970 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> පසුව [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මැතිවරණයෙහිදී]] දිසානායක මහතා විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_General_1977.PDF |title=Results Of Parliamentary General Election -1977 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989]] දී ඔහු [[මහනුවර දිස්ත්‍රික්කය]] වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.<ref name="newslk-newpm"/>
 
1994 දී, [[පොදු පෙරමුණ]] යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි [[චන්ද්‍රිකා කුමාරතුංග]] මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට [[කැබිනට් අමාත්‍ය මණ්ඩලය|කැබිනට් මණ්ඩලයට]] ඇතුළත් විය.<ref name="newslk-newpm"/>
 
=== දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන් ===
* ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් - 1994-2000
* කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර - 2000-2001
* තැපැල් සහ විදුලි සංදේශ ; උඩරට සංවර්ධන - 2004-2005
* තැපැල් සහ විදුලි සංදේශ; ග්‍රාමීය ආර්ථික සංවර්ධන - 2005-2007
* වැවිලි කර්මාන්ත 2007-2010
 
=== අග්‍රාමාත්‍ය ===
[[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010|2010 මහා මැතිවරණයෙහිදී]], [[එක්සත් ජනතා නිදහස් සංධානය|එක්සත් ජනතා නිදහස් සංධානයෙහි]] මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව, ශ්‍රිලනිපයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාවූ ජයරත්න මැතිතුමා, 2010 අප්‍රේල් 21 දිනදී අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකාවෙහි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අග්‍රාමාත්‍ය ධූරය බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල තනතුරකි. එයද සමගින්, ඔහු බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ද දරයි.<ref>http://adaderana.lk/news.php?nid=7906</ref>
 
== See also ==
* [[Cabinet of Sri Lanka]]
 
== ආශ්‍රිත ==
 
<references/>
73 පේළිය:
[[en:D. M. Jayaratne]]
[[es:Disanayaka Mudiyanselage Jayaratne]]
[[fr:D. M. Jayaratne]]
[[it:D. M. Jayaratne]]
[[pl:D.M. Jayaratne]]
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි