"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
අවසන් භෝජන සංග්‍රහය සිතුවමෙන් නිශ්චිත වශයෙන්ම නිරූපණය කරනුයේ ජේසුස් වහන්සේ තමන්ගේ අපෝස්තුළවරුන් දොලොස් දෙනාගෙන් කෙනෙකු තමා පාවා දෙන්නෙයි පවසන විට ඔහුගේ එක් එක් අපෝස්තුළුවරුන් විසින් දැක්වූ ප්‍රතිචාරයයි. ආපාස්තුළුවරුන් දොලොස් දෙන සියල්ලන්ම විවිධ, වෙනස් වූ ප්‍රතිචරෙයන් මෙම පණිවිඩයට දැක්වීය, සමහරෙක් තරහ, තැති ගැන්වීම් වැනි විවිධ තත්වයන් පෙන්නුම් කළේය. වමේ සිට දකුණට:
* බර්තොලමි ජේම්ස්, ඇල්ෆ්ර්යෙස්ගේ පුත්‍රයා සහ ඇන්ඩෘ සහ තිදෙනා එක් කණ්ඩායමක් ලෙස සකස් වී සිටියි. එම තිදෙනා පුදුමයට පත් වී ඇත.
* ජුදා ඉස්කාරියොත්, පේදුරු සහ ජුවාම් යන තිදෙනා ද තවත් කණ්ඩායමක් ලෙස සකස් වී සිටියි. ජුදාස් කොළ වර්ණ ‍සහ නිල් වර්ණයෙන් සැරසී ඇති අතර ඔහු තරමක් ආපසු ඉවත් කර ගන්නා බැල්මකින් ඡායාවන්ට මුවා වී සිටියි. තවද ඔහුගේ සැලැස්ම ඉක්මනින් එලිවීම නිසා පුදුමයට පත් වී ඇති ස්වභාවයක් පෙන්නුම් කරයි. ඔහු කුඩා බෑගයක් අල්ලා ගෙන සිටින අතර එය මගින් ජේසුස් වහන්සේව පාවා දීම නිසා ගෙවීම් වශයෙන් ඔහුට ලැබූ රිදී හෝ අපෝස්තුළුවරුන් දොලොස්දෙනාගෙන් ඔහුගේ කාර්යය වන භාණ්ඩාගාරික කාර්ය නිරූපණය කරනවා විය හැකිය. ඔහු තමන්ගේ වැලමිට මේසය මත තබා ගෙන සිටින එකම පුද්ගලයා වෙයි. එය සාම්ප්‍රදායික වශයෙන් නරක ආචාර ධර්මයක් වේ. පේදුරු තරහෙන් සිටින අතර පිහියක් ක්‍රිස්තුස් වහන්සේගේ ඉවතට දිගු කරමින් අල්ලාගෙන සිටියි. එය ගෙත්සෙමෙන් විසින් ජේසුස් වහන්සේ සිර භාරයට ගත් විට ඔහුගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයට පූර්ව ලක්ෂණයක් විය හැකිය. තරුණම ගෝලයා වන ජුවාම් ක්ලාන්ත වීමට යන ස්වභාවයක් පෙන්නුම් කරයි.
* තෝමස්, ජේම්ස් වැඩිමල් තැනැත්තා සහ පිලිප් ඊළඟ තුන්දෙනෙකුගෙන් සෑදුණු කණ්ඩායමයි. තෝමස් පැහැදිලිවම කැළඹී ඇත. ජේම්ස් පුදුමයට පත් වී ඇත. ඔහුගේ අත් ඉහල දිගු වී ඇත. ටික වේලාවකට පසු පිලිප් විස්තර කිරීම් අවශ්‍ය බවක් පෙන්නුම් කරයි.
* මැතිව් ජූඩ් තඩස් සහ සයිමන්, මනස් සෘෂ්ටිකයා අවසන් තුන්දෙනෙකුන් යුත් කණ්ඩායමයි. ජූඩ් තඩස් සහ මැතිව් යන දෙදෙනාම සයිමන් දෙසට හරවා තිබෙන්නේ සයිමන්ට ප්‍රශ්නයට පිළිතුරක් සොය‍ාගත හැකි දැයි යන අදහසින් විය හැකිය.මෙම නම් සියල්ල චිත්‍ර ඉතිහාසඥ විසින් ස්ථිර කළේය. දහනව වන සියවසේ දී ඔවුන්ගේ නම් ඇතුළත් අත් පිටපතක් ලියනාඩෝ වා වින්සිගේ සටහන් පොත් පිටුව 232) සොයා ගන්නා ලදී. මෙය සොයා ගැනීමට ප්‍රථම හොඳින්ම හඳුනා ගනු ලැබුවේ ජුදාස්, පේදුරු, ජුවාම් සහ ජේසුස් වහන්සේ පමණි.
 
එක කාල‍යේ සිට අවසන් භෝජන සංග්‍රහයේ අනෙක් පොදු නිරූපණයන් සමඟ, ලියනාඩෝ විසින් භෝජන සංග්‍රහයේදී මේසයේ එක් පැත්තක වාඩි වීම පිළිබඳ මත වාදය පිළිගත්තේය. එම නිසා ඔවුනගෙන් එකදු පුද්ගලයෙකු හෝ අපට පිටුපා නොමැත. කොහොම වුවත් බොහෝ පෙර නිරූපණයෙහි ජුදාස්ව ජේසුතුමන් හා අනෙකුත් අපෝස්තුළුවරුන්ගෙන් වෙන් කර තනිවම වි‍රුද්ධ පැත්තෙහි නිරූපණය කර තිබේ. තවත් ක්‍රමවේදයක් නම් ජුදාස් හැරුණු කොට අනෙක් සියලු අපෝස්තුළුවරුන් වටා වලල්ලක් ඇද තිබීමයි. ලියනාඩෝ ජුදාස්ව ඡායාවන් දෙසට නැඹුරු වී ඇති ආකාරයෙන් නිර්මාණය කරමින් ඊට භාවාත්මක හා තාත්වික බලපෑමක් ඇති කරයි. තවද ඔහු තාත්වික හා මනෝ විද්‍යාත්මකව ජුදාස් ජේසුතුමන් පාන් අතට ගන්න මොහොතේම පාන් ගැනීමේ හේතුව පැහැදිලි කර ඇති අතර එය නිවැරදිවම ජේසුතුමන් විසින් පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ ‍මොහොතේම සිදුවේ. ජේසුතුමන් ඔහුගේ වම් පැත්තෙහි සිටින ශාන්ත තෝමස්ට හා ජේම්ස්ට මෙය දන්වන ආකාරය පෙන්නුම් කරන අතර එහි දී ජේසුතුමන් ඔවුන් ඉදිරි ඇති පාන්වලට අත දික් කරන්නට ඔවුන් පිළිකුළ දනවමින් මෙයට ප්‍රතිචාර දක්වයි. ජුවාම් සහ පේදුරුගේ සංවාදය වෙන අතකට හරවමින් ජුදාස් පාන් කෑල්ලක් වෙතට ළඟා වෙයි. ජේසුතුමන් ද ඔහුගේ දකුණු අත එය දෙසට දිගු කරයි. සියලුම කෝණයන් සහ ආලෝක සැපයීම් කිතු තුමන් දෙසට අවධානය යොමු කර ඇත.