සංස්කරණ
15,135
ක්
No edit summary |
No edit summary |
||
[[ගොනුව:Tangent to a curve.svg|thumb|කළු වර්ණයෙන් ඇඳි ශ්‍රිතයක ප්‍රස්ථාරය හා එම ශ්‍රිතයට රතු වර්ණයෙන් ඇඳි ස්පර්ශක රේඛාව මෙහි දැක්වේ. ලකුණු කර ඇති ලක්ෂයේ දී ශ්‍රිතයේ ව්‍යුත්පන්නය ස්පර්ශක රේඛාවේ බෑවුමට සම වේ.]]
අවකලන විෂය පථය [[ගණිතය|ගණිතයට]] අයත් වන්නක් වන අතර එමගින් [[ශ්‍රිත|ශ්‍රිතයක]] අදානයන් විචලනය වීමත් සමග ශ්‍රිතයක් වෙනස් වන ආකාරය අධ්‍යයනය කෙරේ. අවකලනය පිළිබඳ අධ්‍යයනයෙහි මූලික අභිප්‍රාය ව්‍යුත්පන්නයයි.
මෙසේ ව්‍යුත්පන්නයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය '''අවකලනය''' නම් වේ. අවකලනය , [[අනුකලනය|අනුකලනයෙහි]] ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය බව මූලික කළ ප්‍රමේය මගින් දැක්වේ.
අවකලනය සියලුම ප්‍රමාණාත්මක / රාශික විෂය පථයන්හි භාවිතා වේ. [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවේ]] දී චලනය වන වස්තුවක් සහ කාලය ඉදිරියේ විස්ථාපනයේ ව්‍යුත්පන්නය එම වස්තුවේ ප්‍රවේගය වන අතර කාලය ඉදිරියේ ප්‍රවේගයේ ව්‍යුත්පන්නය [[ත්වරණය]] වේ. නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව කිසියම් වස්තුවක ගම්‍යතාවයේ ව්‍යුත්පන්නය එම වස්තුව මත යොදන ලද බලයට සමවේ. රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා සීඝ්‍රතාව පවා ව්‍යුත්පන්නයකි. මෙහෙයුම් පර්යේෂණවලදී, ද්‍රව්‍යය ප්‍රවාහනය හා කර්මාන්තශාලා ගොඩනැගීම සඳහා වඩාත්ම කාර්යක්ෂම ක්‍රම නිර්ණය කිරීම සදහා ව්‍යුත්පන්නයන් භාවිතා වේ. තරගකාරී ආයතන වටපිටාවක් සදහා වඩාත්ම ගැළපෙන උපාය මාර්ගික ක්‍රමවේද හඳුනාගැනීම සඳහා තරගකාරිත්වය පිළිබඳවාදය යොදන විට ද ව්‍යුත්පන්නය මගින් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනේ.
ශ්‍රිතයක අවමය හා උපරිමය සොයාගැනීම සඳහා ව්‍යුත්පන්නය බහුලව යොදාගැනේ. අවකලන සමීකරණ ලෙස හැඳින්වෙනනේ මෙවැනි ව්‍යුත්පන්න අන්තර්ගත සමීකරණයි. මේවා ස්වභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මූලිකව යොදා ගැනේ. ව්‍යුත්පන්න සහ ඒවායේ සාධාරණීකරණය කළ ආකාර ගණිතය පුරාම දැකගත හැක. සංකීර්ණ විශ්ලේෂණය , ශ්‍රිතීය විශ්ලේෂණය , අවකල ජ්‍යාමිතිය මෙන්ම අමූර්ත වීජ ගණිතය වැනි විෂයපථ පවා මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
▲http://en.wikipedia.org/wiki/Differential_calculus
|
සංස්කරණ
ක්