"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
එලෙසම විනෝදාංශකයන් විසින් ඉවතලන යුද උපකරණවලින් ද ලබා ගන්නා අධි ස්පන්ධ ලේසර ලබා ගන්නා අතර ඒවා ස්පන්දිත හොලෝ ග්‍රැපි සදහා නවීකරණය කරයි. ස්පන්දිත රබි හා ස්පන්දිත YAG ලේසර් ද භාවිතා කරයි.
 
==ආරක්‍ෂාව==
[[Image:DIN 4844-2 Warnung vor Laserstrahl D-W010.svg|thumb|120px|ලේසර් සඳහා අවවාදාත්මක සංකේතය.]]
ප්‍රථම ලේසරය අනතුරුදායක ලෙස හදුනා ගැනුනත්, තියඩෝර් මේමන් (Theodore Maiman) ප්‍රථම ලේසරය එක් ජිලට් එකක බලයක් තිබෙන ලෙස වර්ගීකරණය කළේය. එයට හේතුව වුයේ එම ලේසර් කදම්භයට එක් ජිලට් රේසර් බ්ලේඩ් තලයක් පුළුස්සා දැමිය හැකි වීමයි. වර්ථමානයේ පිළිගනු ලබන්නේ මිලිවොට් (mW) කිහිපයක ප්‍රතිදාන බලයකින් යුත් අඩුබල ලේසර් වලට පවා මනුෂ්‍ය පෙනීමට හානි පැමිණ විය හැකි බවයි.
 
ස්වච්චයට හා කාචයට හොදින් නාභිගත කර හැකි තරංග ආයාම වලදී ලේසර් ආලෝකයේ සංශක්තිය හා අඩු අපසරණය නිසා එය ඇස මගින් දෘෂ්ඨි විතානය ඉතාමත් කුඩා ලක්ෂ්‍යයකට නාභිගත වීම සිදු විය හැක. මේ නිසා ස්ථානීය පිලිස්සීම් හා තත්ත්පර ගණනකදී හෝ ඊටත් වඩා අඩු කාලයකදී ස්ථිර පලුදු වීම් සිදු විය හැක. ලේසර I (ආරක්ෂිතයි) සිට IV (විසිරි ආලෝකයෙන් පවා ඇසට හා / හෝ සමට හානිකල හැක) දක්වා ආරක්ෂිතතභාවය පදනම් කරගෙන පංති වලට වර්ගීකරණය කර ඇත.
 
* Class I/1 ආරක්ෂිතයි. උදා: CD වාදක
* Class II/2 සාමාන්‍ය භාවිතය සඳහා ආරක්ෂිතය. ඇසිපිය ගැසීම ආරක්ෂාව සඳහා ප්‍රමාණවත්ය. සාමාන්‍යයෙන් 1 mW දක්වා වූ ලේසර මෙම පංතියට අයත්වේ. උදා: ලේසර් දර්ශක (laser pointers)
* Class IIIa/3R සාමාන්‍යයෙන් 5 mW දක්වා ලේසර මෙම පංතියට අයත් වේ. ඇසිපිය ගසන මොහොතකදී වුවද ඇස‍ට හානිකිරීමට සුළු ඉඩක් ඇති අතර එවැනි කදම්භයක් දෙස තත්පර ගණනක් බලා සිටීමෙන් දෘෂ්ඨි විතානයට හානි පැමිණිය හැක.
* Class IIIb/3B නිරාවරණය වීමෙන් ක්‍ෂණික අක්‍ෂි හානියක් සිදු කළ හැකිය.
* Class IV/4 විසිරි ආලෝකයෙන් පවා ඇසට හා / හෝ සමට හානිකල හැක. බොහෝ විද්‍යාත්මක හා කර්මාන්තමය ලේසර මෙම පංතියට අයත් වේ.
 
තරංග ආයාමය මයික්‍රෝමීටර 1.4 ට වඩා වැඩි සමහරක් අධෝරක්ත ලේසර අක්ෂි ආරක්ෂිත ලේසර ලෙස හදුන්වනු ලැබේ. මෙයට හේතුව වන්නේ ජල අනුවල නිසඟ කම්පනය වීම් මගින් වර්ණාවලියේ මෙම‍ කොටසේ ඇති ආලෝකය ඉතා තදින් උරාගන්නා අතර එමනිසා මෙම තරංග ආයාම වල ඇති ලේසර් කදම්භ එය ඇසෙහි ස්වච්චය හරහා යාමේදී සම්පුර්නයෙන්ම අවශෝෂණය වන අතර ඒ හේතුවෙන් කාචයෙන් දෘෂ්ඨි විතානයට නාභිගත කිරීම‍ට ආලෝකයක් ඉතිරි නොවේ. කෙසේ නමුත් අක්ෂි ආරක්ෂිත යන ලේබලය යම්තාක් දුරකට නොමග යවන්නක් විය හැක. එයට හේතුව මෙම තරංග ආයාම වල අධි ශක්ති හෝ Q ස්විච් කරණය කරන ලද ලේසරයක් මගින් බරපතල අක්ෂි ආබාධ ඇති කරමින් ස්වච්චය පුළුස්සා දැමිය හැක.
 
[[af:Laser]]
[[ar:ليزر]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/152190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි