"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ලේසර් කිරණ යන්න ලේස' වෙත ගෙන යන ලදි: what the article is about
No edit summary
5 පේළිය:
කාර්මිකව වානේ හා වෙනත් ලෝහ කැපීම සඳහාත් විවිධ රටා මුද්‍රණය (පරිගණක යතුරු පුවරුවක අකුරු මුද්‍රණය වැනි) සඳහන් ලේසර් කිරණ භාවිතා වේ. වර්ණාවලීක්ෂණය ආදී විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල දී ලේසර් කිරණ භාවිතා වන අතර ලේසර් කිරණ නිශ්චිත තරංග ආයාම සහිත වීම‍ හෝ ස්පන්ද ලේසර් කිරණවල කුඩා ස්පන්ද කාලය සාමාන්‍යයෙන් මෙසේ යොදා ගැනීමට හේතු වේ. තවද යුදමය කටයුතුවලදි පරාස සූචක ඉලක්ක හඳුනාගැනීමේ උපකරණ සඳහා හා අවි ආයුධ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රදීපනයට ලේසර් භාවිතා කරයි. තව ද වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම හා අංගරාග යෙදුම් (cosmetic applications) සඳහා ලේසර් යොදා ගැනේ.

==ලේසර් උත්පාදකයක සැකැස්ම==

[[Image:Laser.svg|thumb|ප්‍රධාන අංග:
1. වර්ධක මාධ්‍ය
2. ශක්ති ප්‍රභවය
3. ඉහළ දර්පණය
4. අර්ධ පාරදෘෂ්‍ය දර්පණය
5. ලේසර් කදම්භය]]

ලේසර් කිරණ නිපදවන උපකරණය සෑදී ඇත්තේ ක්‍රියාකාරී ලේසර් මාධ්‍යක් (වර්ධක මාධ්‍ය gain medium), පරාවර්තක ප්‍රකාශ කුහරයක් ලේසර් මාධ්‍ය වෙත ශක්තිය ලබාදීමට බල සැපයුමක් ආදියෙනි. වර්ධක මාධ්‍ය යනු උත්තේජිත විමෝචනය මගින් ආලෝකය වර්ධනය කිරීමේ ගුණය සහිත ද්‍රව්‍යයකි. සරලම ආකාරය සැලකූ විට, කුහරය තුල තල දර්පණ දෙකක් එකිනෙකට මුහුණට මුහුණ ලා තබා ඇත. එනම් එහි වදින ආලෝකය මාධ්‍ය හරහා කිහිපවරක් එහා මෙහා යාමට හැකි ආකාරයට සකස් කර ඇත. මෙම දර්පණ දෙකෙන් එකක්, අර්ධ පාරදෘෂ්‍ය වේ. එනම් ප්‍රතිදානය හෙවත් ආලෝක පිටවුම සිදුවන්නේ මෙම දර්පණය හරහාය.

යම් නිශ්චිත තරංග ආයාමයක් සහිත ආලෝක කිරණ ලේසර් මාධ්‍ය හරහා ගම්න කිරීමේදී වර්ධනය (ශක්තිය) වීමකට භාජනය වේ. දෙපස ඇති දර්පණ මගින් ආලෝක කිරණය කිහිප වතාවක් මාධ්‍ය හරහා ගමන් කරවයි. එමගින් කිරණය සතු ශක්තිය නැවත නැවතත් වර්ධනය වේ. දර්පණ දෙක අතර පරාවර්තනය වෙමින් පවතින ආලෝක කිරණ අර්ධ පාරදෘෂ්‍ය දර්පණය හරහා ආලෝක කදම්භයක් ලෙසින් පිටතට පැමිණෙයි.

ආලෝකය වර්ධනය කිරීම සඳහා ශක්තිය සැපයීම ලේසර් පොම්ප කිරීම ලෙසින් හැඳින්වේ. ශක්තිය සාමාන්‍යයෙන් විද්‍යුතය ලෙස හෝ වෙනත් තරංග ආයාමයක් සහිත ආලෝකය ලෙස ලබාදෙනු ලැබේ. එවැනි ආලෝකයක් බොහෝ විට ලබා දෙන්නේ සෙනොන් ලාම්පුවකින් හෝ වෙනත් ලේසරයකිනි. බොහෝ භාවිතයේ ඇති ලේසර වල පිටකරන ආලෝකයේ තරංග ආයාමය වෙනස් කිරීම ආලෝක කදම්භයේ හැඩය වෙනස් කිරීම ආදිය සිදුකළ හැක.

[[ගොනුව:Laser sizes.jpg|thumb|ප්‍රමාණයෙන් අන්වීක්ෂී ඩයෝඩ ලේසර් (ඉහළ) වල සිට පාපන්දු ක්‍රීඩා පිටියක් තරම් විශාල නියෝඩියම් වීදුරු ලේසර් (පහළ) දක්වා වූ පරාසගත ‍ලේසර ආවස්ථිති සංසීමන විලයනය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම හා භෞතික විද්‍යාවේ අනිකුත් විශාල ශක්ති ඝනත්ව ඇති පර්යේෂණ සදහා භාවිතා කරයි.]]

==ලේසර් වල යෙදීම්==
1960 දී ලේසර් සොයා ගත් විට එය “ගැටළුවක් සොයන විසදුමක්” ලෙස හඳුන්වනු ලැබීය. එතැන් සිට ඒවා සාර්වත්‍රික බවට පත්වී තිබෙන අතර නවීන සමාජයේ සෑම ක්ෂේත්‍රයකම දහස් ගණන් විවිධ යෙදුම්වලදී එනම්, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික, තොරතුරු තාක්ෂණය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කර්මාන්ත, විනෝදාංශ, නීති වලංගු කරණය හා යුධමය කටයුතු ආදී ක්ෂේත්‍රවලදී භාවිතා කරයි.

සාමාන්‍ය ජනයා‍ට එදිනෙදා ජීවිතයේදී දැකගත හැ කිලේසර්වල පළමු යෙදීම වූයේ 1974 දී හඳුන්වාදෙන ලද සුපිරි වෙළෙඳ සැල්වල කේත දඩු (Barcode) පරිලෝකන උපකරණයි. 1978 දී හඳුන්වා දෙන ලද ලේසර් තැටි ධාවකය ලේසර් භාවිතා කර නිපද වූ ප්‍රථම සාර්ථක පාරිභෝගික නිෂ්පාදනය වන නමුත් 1982 දී හඳුන්වාදුන් සංයුක්ත තැටි ධාවකය සත්‍ය වශයෙන්ම පාරිභෝගික නිවෙස්වල සුලභ වූ පළමු ලේසර්වලින් යුත් උපකරණය විය. ටික කලකට පසුව ලේසර් මුද්‍රක ද නිපදවිය.

'''තවත් භාවිතයේ ඇති යෙදීම්'''

* වෛද්‍ය විද්‍යා - රුධිරය රහිත සැත්කම්, ලේසර් සුව කිරීම්, ශල්‍ය කර්ම ප්‍රතිකාර, වකුගඩු ගල් සදහා වූ ප්‍රතිකාර , අක්ෂි ප්‍රතිකාර, දන්ත වෛද්‍ය විද්‍යාව
* කර්මාන්ත ක්ෂේත්‍රය - කැපීම, පෑස්සීම, ද්‍රව්‍ය තාපන ප්‍රතිකර්ම, ස්පර්ශ නොකර මිනුම් ගැනීම.
* ආරක්ෂක කටයුතු - ඉලක්ක ලබා ගැනීම, යුධෝපකරණ නියාමනය, මිසයිල ආරක්ෂණය, ප්‍රකාශ විද්‍යුත් ප්‍රති මිනුම් (EOCM), රේඩාර් වලට විල්පයක් ලෙස.

* නීති ක්‍ෂේත්‍රය - ඇඟිලි සලකුණු හඳුනාගැනීම සඳහා
* පර්යේෂණ කටයුතු - වර්ණාවලීක්ෂණය, ලේසර් ගෙවී යෑම, ලේසර් මෘදු කිරීම, ලේසර් ප්‍රකිරණය, ලේසර් නිරෝධනය, ලිඩාර් (LIDAR)
* නිෂ්පාදන සංවර්ධනය / වාණිජ්‍ය - ලේසර් මුද්‍රක උපකරණ, CD/DVD තැටි, කේත දඬු (Barcode) පරිලෝකන, උෂ්ණත්වමාන, ලේසර් දර්ශක, හොලෝග්‍රෑම් තාක්ෂණය

2004 දී ඩයෝඩ ලේසර් හැරුණු කොට අමරිකන් ඩොලර් බිලියන 2.19 ක පමණ වටිනාකමක් ඇති ලේසර් ආසන්න වශයෙන් 131000 ක් ලෝකය පුරා අලෙවි විය. එම වර්ෂයේ දීම ඩොලර් බිලියන 3.2 ක් වටිනා ඩයෝඩ ලේසර් ආසන්න වශයෙන් මිලියන 733 ක් අලෙවි විය.

===ජවය මඟින් උදාහරණ===
[[File:Lying down on the VLT platform.jpg|thumb|තාරකා විද්‍යාවේදී ඡායාරූප ගත කිරීම් තාක්ෂණයක් ලෙස]]
විවිධ භාවිතයන් සඳහා වෙනස් ප්‍රතිදාන ජවයන් ඇති ලේසර් අවශ්‍ය වේ. අඛණ්ඩ කදම්භයක් හෝ කෙටි ස්පන්ධ ශ්‍රේණියක් නිපදවන ලේසර් ඒවායේ මධ්‍යන්‍ය ජවය මත පදනම්ව සංසන්දනය කළ හැක. ස්පන්ද නිපදවන ලේසර් එම ස්පන්දවල කුළු ජවය මත පදනම්ව වර්ගීකරණය කළ හැක. ස්පන්ද ලේසරයක ඇති කුළු ජවය එහි මධ්‍යන්‍යය ජවයට වඩා අතිශය විශාලත්වයකින් යුක්ත වේ. මධ්‍යන්‍යය ප්‍රතිදාන ජවය නිතරම භාවිතා කළ ජවයට වඩා අඩු වේ.

සමහර යෙදීම් සදහා අවශ්‍ය වන අඛණ්ඩ හෝ මධ්‍යන්‍යය ජවයන් -

* 1-5mW – ලේසර් දර්ශක
* 5mw – CD – ROM ධාවක
* 5 – 10mw – DVD ධාවක හෝ DVD – ROM ධාවක
* 100mw – CD-RW ධාවක
* 250 mw – අධි වේගී CD-R දාහකය
* 500mw – පාරිභෝගික DVD – R දාහකය
* 1w – හොලෝගැපික් හුරුබුහුටි තැටි මූලාකෘති සංවර්ධනවල වූ කොල පැහැති ලේසර්
* 1 – 0 w - අණ්වීක්ෂීය යාන්ත්‍රන සදහා බහුලව භාවිතා කරන වාණිජ්‍යමය වශයෙන් පවතින ඝන අවස්ථා ලේසර් බොහොමයක ප්‍රතිදානය
* 30 – 100w – මුද්‍රා තබන ලද CO2 ශල්‍යකර්ම ලේසර්
* 100-3000w (කුළු ප්‍රතිදානය1.5kw) - කර්මාන්ත ක්ෂේත්‍රයේ ලේසර් කැපුම් සඳහා භාවිතා කරන මුද්‍ර තබන ලද CO2 ලේසර
* 1kw – 1cm මූලාකෘති ඩයෝඩ ලේසර් කදම්භයකින් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිදාන ජවය

ඉහළ කුළු ජවයක් සහිත ස්පන්දන පද්ධති සදහා නිදසුන් -

* 700TW (700x1012W) - ජාතික ජ්වලන පහසුකම, සම්පූර්ණ වන විට 192 කදම්භයක් අඩංගු වන මීටර් 10 ක විශ්කම්භයක් ඇති ඉලක්ක කුටියක් සහිත මෙගා ජුල් 1.8 ක ලේසර් පද්ධතියක් මත වැඩ කරගෙන යයි. මෙම පද්ධතිය 2009 අප්‍රේල් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරයි.
* 1.3PW (1.3x1015W) – 1998 ලෝකයේ වඩාත්ම බලවත් ලේසරය වන අතර ලොව්රන්ස් ලිවර්මොර් විද්‍යාගාරයේ පිහිටුවා ති‍ෙබ්.

=== විනෝදාංශීය භාවිතා කිරීම ===

නූතන වර්ෂවලදී විනෝදාංශකරුවන් ලේසර් පිළිබඳ වැඩි උනන්දුවක් ඇති කරගෙන ඇත. විනෝදාංශකරුවන් විසින් භාවිතා කරන ලේසර් සාමාන්‍යයෙන් IIIa හෝ IIIb කාණ්ඩවල ඒවා වන නමුත් සමහරෙක් ඔවු‍න් විසින් නිපද වූ IV කාණ්ඩයේ ලේසර් ද භාවිතා කරයි. කෙසේ නමුත් අනෙක් විනෝදාංශකරුවන් හා සසඳන විට ලේසර් විනෝදාංශකරුවන් එතරම් සුලභ නොවේ. එයට හේතුව වන්නේ ලේසර්වල මිළ අධික කම හා අනතුරුදායක කමයි. ලේසර්වල මිළ අධිකකම නිසා සමහර විනෝදාංශකරුවන් DVD දාහකවලින් ලබාගන්නා ඩයෝඩ ලබා ගැනීම වැනි මිල අධික නොවන ක්‍රම ලේසර් ලබා ගැනීමට භාවිතා කරයි.

එලෙසම විනෝදාංශකයන් විසින් ඉවතලන යුද උපකරණවලින් ද ලබා ගන්නා අධි ස්පන්ධ ලේසර ලබා ගන්නා අතර ඒවා ස්පන්දිත හොලෝ ග්‍රැපි සදහා නවීකරණය කරයි. ස්පන්දිත රබි හා ස්පන්දිත YAG ලේසර් ද භාවිතා කරයි.
[[af:Laser]]
[[ar:ليزر]]
"https://si.wikipedia.org/wiki/ලේසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි