"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
not correct & not encyclopedic
non encyclopedic
127 පේළිය:
ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්‍ය මධ්‍යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත.
තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
 
== '''සාරාංශය හා නිගමනය'''. ==
රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ හා ගැමි සංස්කෘතියේ පූර්ණ සංරචකයන් ලෙස කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සදහා ශතවර්ෂ ගණනාවක් පුරා එළගව හා මී ගවයින් ඇතිකිරීම සිදු කෙරේ. අතීතයේ උඩරට සමාජයේ සෑම නිවසකම එළගවයින් කිහිපදෙනෙකු ඇතිකිරීම දැකගත හැකි වුණි.ආනයනය හා පරිභෝජනය කෙරේ අහිතකර බලපෑම් ඇති විය හැකි ආකාරයෙන් මෑත කාලීනව කිරි මිල ඉහළ යාම දේශීය පාරිභෝගිකයින් කිරි පිටි සදහා වැඩි කැමැත්තක් දැක්වීම රටපුරා අලෙවි දුෂ්කරතා හේතුවෙන් කුඩා පරිමාණ නිෂ්පාදකයින් නිපදවන කිරි පාරිභෝගිකයින් කරා ගෙනගොස් විකිණිමට නොහැකිනිසා දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්‍යමය වේ. එසේම වර්තමානය වන විට ලෝක කිරි නිෂ්පාදනය ඉහළ යමින් පවතී.එහෙයින් කිරි සදහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩවඩාත් ලෝක වෙළදපොළ මත යැපෙමින් සිටී. මේ තත්වය නිසා ලෝක කිරි වෙළදපොළෙහි මෑත කාලීන වෙනස්කම් හේතුවෙන් මෙරට කිරි වෙළදපොළට යම් ආකාරයක බලපෑමක් ඇති වේ.
පසුගිය දශක කීපයක කාලය තුළ කිරි හා මස් සදහා විශේෂයෙන් දියුණු රටවල ඉල්ලුම ඉහළය. මෙම ඉල්ලුම සැපයීමට නිෂ්පාදනය වැඩි කළ යුතුය.මෙරට කිරි පරිභෝජනය දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍යටත් වඩා අඩුය.පසුගිය දශක හතරක කාලය තුළ රජය විසින් කිරි නිෂ්පාදනය වැඩිකිරිම සදහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇති නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගත හැකිවූයේ ඉතා මද වශයෙනි.
දැනට කිරි නිෂ්පාදනය කරනු ලබන කුඩා ගොවිපොළ ක්‍රමයෙන් හා ගෙවතු වගාවෙන් මෙරටට අවශ්‍යය කිරි නිපදවිය නොහැක. ඒ සදහා නව ක්‍රම භාවිතා කළ යුතුය. රජය කිරි ගොවිපොළ සදහා ඉඩම් වෙන් කළ යුතුය. නිෂ්පාදන හා සේවා සැපයීම යන අංශ දෙක වෙනුවෙන් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යතුය. ඉන්දියාව නේපාලය හා පකිස්ථානය කරන්නාක් මෙන් කිරි නිෂ්පාදනය සදහා මී ගවයින් යොදාගත යුතුය.
කිරිපටිටි පාලනයට අදාළව පවතින නොයෙක් ක්‍රම (උදාහරණ ලෙස නිදැල්ලේ තණ කැවීමේ ක්‍රමය වැනි) බාධාවන් හේතුවෙන් මෙරට කිරිපටිටි පාලනය අසාර්ථක වී ඇත.උසස් කළමණාකරණ පිළිවෙළවල් අනුගමනය කරන ලද්දේ වුවද ඌන සඵලතාවක් ඇති සතුන් ආර්ථිකමය ඵලදාවක් ලබා නොදේ.මේ අනුව කිරි කර්මාන්තයේ සංවර්ධනය සදහා එළගව හා මී ගවයන්ගේ ජාන විභව්ය තාවන් වර්ධනය කිරිම ර්ණේමායිමි බිම් හා භාවිතයට නොගෙන ඇති බිම් තෘණ වගාව සදහා යොදාගැනීම,කිරි නිමවුම හා අලෙවි යාන්ත්රනණ කළමණාකරණ දියුණූ කිරිම වැනි සූක්ෂම කළමණානරණ පුරුදූ වෙත ගොවීන් යොමුකිරිම සහ සෙෘඛ්යා රක්ෂිත හා ගුණාත්මක බවින් යුත් කිරි නිෂ්පාදනයන් සදහා ගොවින්ගේ දැනුම දැයුණු කිරිම අත්‍යවශ්‍ය වේ.
වර්තමානය වන විට කිරිපිටි ඇතුළු සියලු ආහාර වල මිල ගණන් ජාත්‍යන්තර වෙළදපොළෙහි අධික ලෙස ඉහළ යාමෙන් දේශිය කිරි සදහා තරගකාරී ඉල්ලුමක් ඇති විය.මෙය දේශිය කිරි නිෂ්පාදනය වැඩි කිරිමට අනගි අවස්ථාවකි. මේ නිසා කිරි ගොවියන් මෙන්ම පෞද්ගලික කිරි සකසන අංශය ද නව ආයෝජන ඇති කරමින් කිරි නිෂ්පාදනය වැඩි කළ යුතුය.
 
==තවද බලන්න==
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි