"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
wiki standard format
not correct & not encyclopedic
1 පේළිය:
[[ගොනුව:Holstein_cows_large.jpg‎|400px|right]]
 
කිරි ධාන්‍ය වලට පමණක් දෙවැනි වන ආහාරයකි. එහත් ධාන්‍ය හා වෙනත් ආහාර ද්‍රව්‍ය වලට නොමැති විශේෂිත වු ලක්ෂණ කිරිවලට පමණක් හිමිවී ඇත.එනම් කිරි ස්වභාව ධර්මයා විසින්ම සකසන ලද ආහාරයක් වීමයි.කිරිවල අපට අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් ති‍බෙනවා. පමණක් නොව ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය. කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන් ය”.
මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස් පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවය ලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.
 
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි