"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජලය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (Redirect Category:ජලය resolved) (HotCat භාවිතයෙන්.)
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
 
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සු්යාය සාතගරයේ ජලයේ උණුස්ම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා [[උත්ස්වේදනය|උත්ස්වේදනයෙන්]] ලැබුනු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවු ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වයක නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මගින් වලාකුළු ලෝකයේ වටා සංසරණය වන අතර වලා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස හසින්ලැබේ. මෙයින් කොයස් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුනු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිම එක්වන අරත ගුරැත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ලගායයයි. මෙම අතිරික්තයෙන් කාටසක් නිම්න වල පවතින ගංගාවලට ගලායන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගා වෙකට ගලපා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය ඇති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රදාවා ගනියි. ාකාන්දුවීමෙන් කොටසක් පෘථිවියට පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිදැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමගින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
 
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි