"නාලන්දා විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
 
නාලන්දා යනු [[ඉන්දියාව|ඉන්දියාවේ]] බිහාර් ප්රාන්තයේ පිහිටි පෞරාණික විශ්ව විද්යාලයකි. නාලන්දාව බිහර් ප්රාන්තයේ පැට්නාවල මයිල 55 පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇති අතර Pala අධිරාජ්යය යටතේ ක්රි.පු.427 සිට ක්රි. 1197 දක්වා පිහිටි බෞද්ධාගමිකයන්ගේ ඉගෙනුම මධ්යස්ථානයයි. එය වාර්තාගත ඉතිහාසයේ පළමුවන මහා විශ්වවිද්යාලය ලෙස සැලකේ. එහි ඛණ්ඩංක පිහිටුම 25.1357660 N 85.4449230 E වේ. නාලන්දාව නැවත සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ඇලෙක්සැන්ඩර් කානින්ග්හැම් පුරා විද්යාඥයාටය.
 
==නිරැක්තිය ==
 
නාලන්දා යන සංස්කෘත වචනයේ අර්ථ දැනුම බෙදා දෙන්නා (නාලම් හෙවත් නෙළුම යනු දැනුමේ සංකේතයකි, ධා යනු දානයයි) යන්නයි. චීන දේශාටන භික්සුවක් වන Xuanzang නාලන්දා යන නාමයට අර්ථකථන කිහිපයක් ලබාදේ. ඉන් එක්ක නම් එහි පැවති අඹ වනයක් මධ්යයේ පිහිටි වැවක ජීවත් වු නාගයෙක් හේතුවෙන් බවත් අනෙක නම් බුදුරජාණන්වහන්සේගේ සමයේදී මෙහි අත්හිටුවීමකින් තොරව දානය ලබා දීමත් යන කරැණු හේතුවෙනි.
27 පේළිය:
ඓතිහාසික මුලාශ්රවලට අනුව නලන්දා විශ්වවිද්යාල 450 ක්රි. දී කුමාරගුප්ත ඇතළු ගුප්ත අධිරාජ්යයේ අනුග්රහයෙන් ආරම්භ විය.
 
==නාලන්දා විශ්වවිද්යාලය හැදින්වීම==
 
නාලන්දාව ලෝකයේ මුල්ම නේවාසික විශ්වවිද්යාල අතරින් එකකි. එය ලෝකයේ ඉතා ප්රසිද්ධව පැවති අතර එහි සමෘද්ධිමත් සමයේදී ශිෂ්යන් 10,000 ක් හා ගුරැවරැන් 2000 කට නවාතැන් පහසුකම් සැලසිය හැකි විය. එය ගෘහනිර්මාණ ශිල්පයේ අග්රකෘතියක් ලෙස සැලකෙන අතර එය වට උස් තාප්පයක් හා එක දොරටුවක් පිහිටා තිබුනි. නාලන්දාවේ වන්ව පිහිටි අංගනය 8 ක් හා පන්සල් 10 ක් මෙන්ම භාවනා ශාලා හා පන්ති කාමර විශාල සංඛ්යාවක්ද පැවතුණි. එහි බිමේ පොකුණු හා උද්යාන පිහිටා තිබුණි. පොත්පත් ගබඩා කිරීමට මහල් නවයකින් යුත් පුස්තකාලයක් පැවතුණි. නලන්දා විශ්වවිද්යාලයේ අධ්යයන ක්ෂේත්ර රාශියක් විෂයන් ඉගැන් වු අතර කොරියාව, ජපානය, චීනය, ටිබෙටය, ඉන්දුනිසියාව, පර්සියාව හ තුර්කිය යන රටවල් වලින් ශිෂ්යයන් හා පඩිවරැන් විශාල ප්රමාණයක් ඉගෙනීම ලැබිය.
පින්තූරය - නාලන්දාවේ 453 කෞතුකාගාරයේ තබා ඇති නාලන්දා විශ්වවිද්යාල මුද්රාව
 
==අධ්යයන පටිපාටිය==
 
එකල ලෝකයේ පැවති සියළු දැනුම නාලන්දා අධ්යයනය පටිපාටියේ අඩංගු විය. සියළුම විෂය කේෂ්ත්ර වලට අදාළ විෂයන් බුද්ධධර්මය හා හින්දු ධර්මය, පූජනීය හා ලෞකික, දේශීය හා විදේශිය යන සියළුම විෂයන්, එහි ශිෂ්යයෝ විද්යාව, තරැකා විද්යාව, වෛද්යවිද්යාව, හා තර්ක ශ්රාස්ත්රය වැනි විෂයන් යොදාගනිමින් පාරභෞතික විද්යාව, දර්ශවාදය, යෝගා ශ්රාස්ත්රයවේදය හා බුද්ධ ධර්ම ග්රන්ථ හැදෑරීය. තවද ඔවුන් විදෙස් දර්ශන පිළිබද අධ්යයයටද අවස්ථා සැලකිනි.
 
==බුදුදහම කෙරෙහි බලපෑම==
 
ටිබෙට් බුදුදහම හෙවත් වජු යානයේ විශාල ප්රමාණයක් හට ගැනීම සිදු වුයේ 9-12 ශත වර්ෂ වල අග භාගයේ නාලන්දා ගුරැවරැන් හා සම්ප්රදායන් තුළිනි. ඉන්දියානු දර්ශනවාදයේ මුල් ආරම්භකයෙකු හා බෞද්ධ පරමාණුක වාදයේ ප්රථමික සිද්ධාන්ත වාදියෙකු වන ධර්ම කීර්ති (7 වන ශතවර්ෂය පමණ) පඩිවරයා නාලන්දාවේ ආචාර්ය වරයෙක් විය.
44 පේළිය:
තේරවාද බුදු දහමද නාලන්දාව තුළ ඉගැන්වුද නාලන්දාව තේරවාදී කේන්ද්රස්ථානයක් නොවු නිසා එහි වැඩි දියුණුවක් දක්නට නොලැබේ.
 
==පරිහානිය හා අවසානය==
 
1193 දී බක්ටියාර් චිල්ජි (bakphi Khilite) ගේ මුස්ලිම් හමුදා නාලන්දා විශ්වවිද්යාල විනාශ කරන ලදී. මෙය ඉන්දියාවේ බුදුසමය බුදුදහම පරිහානියට පත්විමේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. විශ්වවිද්යලය හා එය ඉගැන්වීම් කෙන්ද්රස්ථානයක් බව නොසැලකූ මුස්ලිම් අක්රමණිකයෝ එහි තැන්පත් කර තිබු ඓතිාමික ලියවිලි පිළිබදව නොතැකුහ. බිල්ජි විසින් නලන්දාවේ තැන්පත් ක තිබු කුරානය පමණක් නැවත ලබාගන්නා ලෙස අණ කළ බව කියවේ. පර්සියානු ඉතිසාසඥයෙකු වන මින්හස් ඔහුගේ ග්රන්ථයක දක්වා ඇත්තේ භික්ෂුන් දහස්ගණනක් එම විනාශයේදී පණපිටින් පිලිස්සීමට ලක්වු බවත් තවත් දවසක් දෙනගේ හිස ගසා දැමු බවත්ය. ගිනිබත් වු පුස්තකාලයේ ගින්න මාස ගණනක් පැවතුනු අරත ග්රන්ථ පිලිස්සීමෙන් නැගුණ දුම කදු හරහා අදුරැ ඝන පටයක් මෙන් විහිදී තිබුනු බව කියවේ. 1235 දී නලන්දාව වෙත නැවත ගිය ටිබෙට් පරිවර්තයෙකු වු ඩැග් ලොට්ස්වා (Chag Lotsawa) ට දැකගත හැකි වුයේ විනාශයට හා කොල්ලකෑමට ලක්වු නාලන්දාවේ රාහුල ශ්රී භද්ර නම් අවු. 90 වයසැති ගුරැතුමෙකු ප්රදේශයේ බ්රහ්මණයෙකු ආධාර ඇතිව හැත්වක් පමණ විශාල පිිසකට ඉගැන්වීමේ නිරත වන අයුරැය.
 
==නටඹුන් ==
 
නාලන්දා විශ්විද්යාලයේ සදමහරක් නටඹුන් අදටත් ඉතිරිව පවතී. වර්තමානය කැනිම් කරන ලද කොටස වර්ග මීටර 150,000 තෙක් පැතිර පවතීන අතර Xuanzang ගේ අතීත වාර්තා අනුව සලකා බලන විට තවමත් 90% ක් පමණ කැණීම් වලට ලක් වී ඇත.
56 පේළිය:
නාලන්දා කෞතුකාගාරයේ පැරණි ලියවිලි රාශියක් හා කැනීම් වලින් සොයාගත් භාණ්ඩ ප්රදර්ශනයට තබා ඇත.
 
==නැවත ඇතිකිරීමේ සැලසුම==
 
·2006 දෙසැම්බර් 6 දින පළවු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඩොලර් බිලියනයක් වැයකොට පැරණි ප්රදේශය ආසන්නයේම නාලන්දා විශ්වවිද්යාලය නැවත ඇති කිරිමේ සැලැස්මක් සදහන් විය. සිංගප්පුරැව. චීනය ඉන්දියාව හා ජපානය යන රටවලින් සමන්විත සන්ධානයක් ඩොලර් මිලියන 500 ක්නව විශ්වවිද්යාලය තැනීමටත් තවත් ඩොලර් මිනියන 500 ක් අවශ්ය යටිතල පහසුකම් ඇති කිරීමට සදහාත් රැස් කිරීමට බලාපොරොත්තු වේ.
"https://si.wikipedia.org/wiki/නාලන්දා_විශ්වවිද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි