"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
==මුල් දිවිය==
 
' 'ප‍්‍රසන්න' ' පෞරුෂත්වයෙන්, මුහුකුරා ගිය දැනුමෙන් හා ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් හෙබි මෙතුමා සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල නම් සුන්දර ග‍්‍රාමයේ ගොඩැල්ල වලව්වෙහි සම්භාවනීය පරපුරක ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවතිපති යුවළගේ අතිජාත පුත‍්‍ර රත්නය ලෙස ව්‍යවහාර වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය. දිවයිනේ ජනපි‍්‍රය බෞද්ධ විද්‍යාලයක් වු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මුලික හා උසස් අධ්‍යාපනය ලැබ මෙතුමා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස දයාබර ගුරු මහත්ම මහත්මීන්ගේ හා සහෝදර සිසුනගේ ආදර ගෞරවයට ද පාත‍්‍ර විය.
 
==දියවඩන නිලමේ==
 
' 'රාජ්‍ය වර්ෂ' ' 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද නිතරඟයෙන් තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් නිතරගයෙන් පත්විය. අවුරුදු විසි පහක් වැනි ලාබල වියේදී බස්නායක නිලමේ තනතුරකට පත්වුවකු වශයෙන් වාර්තාවක් ද පිහිටවීය. 2005 වර්ෂයේදී ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට බහුතර ඡන්දයෙන් පත්වීම ද වාර්තාගත ජයග‍්‍රහණයක් විය. දිවයිනේ අග‍්‍ර ගණ්‍ය දේවාල දෙකක බස්නායක නිලමේ තනතුර හොබවමින් සිටිනා අතරතුර අතිපුජනීය ශි‍්‍ර දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේවරයා ලෙස පත්වීම ද දුර්ලභ ගණයේ සුවිශේෂි සිද්ධියක් වන්නේය. දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව, නිර්මාංශ ආහාරයෙන් , මානව දයාවෙන් හා සත්ව කරුණාවෙන් යුක්ත වු මෙතුමා ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ ගරු සභාපතිවරයා ලෙස අලි ඇතුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් සිදු කරනුයේ අමිල සේවාවකි.
 
ශී‍්‍ර දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික බුදු පුද පුජා තේවා චාරිත‍්‍ර නොකඩ කොට මැනවින් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සියලූ කාර්යය භාරයන් මනාසේ සපුරාදෙන අතර, උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වු ශී‍්‍ර දළදා මාලිගාවේ සුරක්ෂිතභාවය හා ශෝභාමත් භාවය රැකගැනීමට හා ප‍්‍රවර්ධනයට නිසි පියවර ගනිමින් ඉටුකරනුයේ බලවත් ශාසනික මෙහෙවරකි.
"https://si.wikipedia.org/wiki/ප්‍රදීප්_නිලංග_දෑල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි