"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(New page: කැළණිය කැළණිය, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි....)
 
No edit summary
කැළණිය, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
 
[[Image:Kelaniya AS1.JPG|thumb|350px|right|Kelaniyaකැළණි Templeවිහාරය.]]
 
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස* සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන් වහන්සේ කැළණි පුරවරට වැඩමකර ඇත්තේ චූලෝ්ධර හා මහෝ්ධර යන නාගරජුන්ගේ අරගලයක් විසඳීම සම්බන්ධවයි. ඔවුන්ගේ අරගලය මාණික්‍යයක් මත පදනම්ව තිබූ අතර බුදුරජුන් එම අරගලයේ නිශ්ඵල භාවය ඔවුනට වටහාදෙන ලදී. සිත් පැහැදුණු නාරජුන් දෙදෙනා බුදුදහම වැළඳගෙන එම මාණික්‍යය බුදුරජුන්ට පූජාකරන ලදී. වර්ථමාන කැළණි දාගැබ එම මාණික්‍යය නිධන්කොට සාදන ලද්දක්යැයි විශ්වාසයක් පවතී.
 
[[Image:Kelaniya AS2.JPG|thumb|350px|right|Sculptureකැළණි ofවිහාරයේ Kelaniyaමූර්ති Templeකැටයමක්.]]
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ ( බුද්ධ වර්ශ පළමු සියවස * ප‍්‍රධාන නගරය වූ බැවිනි.පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
 

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/14410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි