"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බැබිලෝනියාවේ එල්ලෙන උයන යන්න බැබිලෝනියාව වෙත ගෙන යන ලදි: merge
සුළු බැබිලෝනියාව/Temp යන්න බැබිලෝනියාව වෙත ගෙන යන ලදි: merge
1 පේළිය:
==බැබිලෝනියානු කලාව හා ගෘහ නිර්මාණකරණය==
බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරජහි එල්ලෙන උයන ලෙසද හදුන්වනු ලබන එය ඉතිහාසයේ ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද හදුනාගනු ලැබීය. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු මෙය ඉදිකලේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමාය. අතීත වාර්ථාවල සදහන් වන්නේ ඔහුගේ බිරිද වන මිඩියා හී ඇමිටිස් රැජිනගේ තෘප්තිය සදහා මෙය ඉදිරිකරන ලද්දක් බවය. මෙම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. මෙම එල්ලෙන උයන් පිළිබද සවිස්ථරාත්මක වාර්ථා ග්‍රික ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කර ඇත. කල්යත්ම මෙම උයන්වල සැබෑ පිහිටිම හින්වේ ප්‍රදේශයේ පිහිටි අයන් සමූහයන් සමග හදුනාගැනිමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහත් පිළිබදව සදහන් වී ඇති බැවිනි. මෙම සෙල්ලිපි වල තවදුරටත් සදහන්වන්නේ ජලය ඉහළ තැනකට එසවීම සදහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මය සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බවය.
මෙහි පැවැත්ම පිළිබද ඇතිවු මතවාද
බැබිලේනියාවේ එල්ලෙන උයන් හි පැවැත්ම පිළිබද මතවාද රාශියක් බිහි වී ඇත. එහි මුලික ව්නනේ එය සත්‍යය නිර්මාණයක් ද, නැතහොත් කාව්‍යමය නිර්මාණයක් ද යන්න පිළිබද මතවාදයයි. මෙයට ප්‍රධාව හේතුව වන්නේ බැබිලේනියානු ඉතිහාසයේ මෙම උයන් පිළිබදව අඩුවෙන් සදහන් වී තිබීමයි. මෙම එල්ලෙන උයන් පිළිබදව පලමුවෙන්ම සදහන් කරන්නේ 4 වන ශතවර්ෂයේ ජිවත් වූ බෙරෝසස් නම් පූජකතුමාය. මෙම වාර්ථා පසුකාලීනය ග්‍රික ඉතිහාසඥයන් විසින් සහතික කර, ඒ සම්බන්ධයෙන් තවත් බොහෝ විචාර ඉදරිපත් කර ඇත.
 
 
ඉරාකයේ රජමාලිගාව ආසන්නයේ මෑතකදී පැවති පුරාවිද්‍යාත්මක කැනීම් වලින් අනාවරණය වී ඇත්තේ මෙය සේප්පු හා ලින් සහිත විශාල ගොඩනැගිල්ලක් බවය. නමුත් මෙම ගොඩනැගිල්ලේ පිහිටීම නිසා එල්ලෙන උයන් වල පිහිටීම තුලින් වාර්ථා වූ පිහිටිම පටහැනි වේ. මෙයට හේතුව නම් ග්‍රික ඉතිහාසාඥයන් මෙම එල්ලෙන උයන වාර්ථා කරේ යුෆ්‍රටීස් ගග අසබඩ ගොඩනැගිල්ලක් ලෙසයි. නමුත් මෙම ගොඩනැගිල්ල පිහිටන්නේ යුෆ්‍රටීස් ගංගාවට මදක් දුරින් ය.
බැබිලෝනියානු ඉදිකිරීම් වල ප්‍රධාන වශයෙන් මැටි භාවිතා කර ඇති අතර පාෂාණ භාවිතා කිරීමක් එකල දක්නට නොලැබේ. මැටි පාලම්, ආරුක්කු හා කාණු පද්ධති මේ සදහා නිදර්ශන ලෙස ගෙනහැර දැක්විය හැක.
 
බැබිලෝනියාෙවි ඇති ත්‍රිමාණ ඉදිකිරීම් අතර පැරණිතම නිර්මාණය ලෙස ටෙලෝ (ඔැකකදය) ප්‍රතිමාව සැලකිය හැක. එරට තිබූ පාෂාන වල හිඟකම නිසා ඒවාට විශාල වටිනාකමක් තිබිණි. එමෙන්ම මැණික් කැපීම වැනි ශිල්පයන්ගේද විශාල දියුණුවක් තිබිණි.
 
==ජෝතිශය/තාරකා විද්‍යාව==
 
බැබිලෝනියානු සමාජයේ ජෝතිශය විද්‍යාව හා තාරකා විද්‍යාව වඩාත් ප්‍රචලිතව පැවතිණි. වර්තමානයේ භාවිතාවන රාශි චක්‍රය ද බැබිලෝනියාවෙන් බිහිවූ දෙයකි. ඔවුන් පුරාණයේ සිටම අහසේ තරු වල පිහිටීම අධ්‍යයනය කර ඒවායේ තොරතුරු රජතුමා හට දැන්වීය. තවද බැබිලෝනියානුවන් එකල දින දර්ශනයක් භාවිතා කර ඇති අතර එහි දින හතකින් යුත් සති ද දින පහකින් යුත් සතිද දක්වා ඇත.
 
පුරාණ බැබිලෝනියානු සෙල්ලිපි වල දක්වා ඇතිපරිදි ඔවුන් එකල විවිධ ගණිත ක්‍රම උපයෝගී කර තාරකා විද්‍යාව සම්බන්ධ විවිධ ගණනය කිරීම් සිදුකර ඇත. තවද ඔවුන්ට ග්‍රහලෝකවල චලිතය පිළිබඳවත් මනා අවබෝධයක් තිබුනු බවටද සාක්ෂි ඇත. මීට හොඳම නිදසුන වනුයේ ඔවුන් පෘථීවිය සිය අක්ෂය වටේ භ්‍රමණය වෙමින් සූර්යයා වටේ පරිභ්‍රමණය වන බවත් එකල සොයාගෙන තිබීමයි.
 
==බැබිලෝනියානු සෞඛ්‍යය ==
 
පුරාණ බැබිලෝනියානු වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් කරුණු වලට අනුව ක්‍රි.පු 2 හි පමණ පැවති රාජ පරම්පරාව දක්වාම දිවයන ඉතිහාසයක් වෙදකමට ඇත. එකල වෛද්‍ය එසාගිල් කින් අජලි වැනි විද්වතුන් අතින් ලියැවුනු බොසිප්පා (ඊදරිසචච්) වැනි වෙදපොත් මීට නිදර්ශන ලෙස ගෙන හැර දැක්විය හැක.
 
සමකාලීන ඊජිප්තු වෙදකම හා සබැදුනු පුරාණ බැබිලෝනියානු වෛද්‍ය විද්‍යාව රෝග නිවාරණය පිණිස ඉතාමත් දියුණු ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බවට සාක්ෂි ඇත. ඉහත දී සඳහන් කල බොඩිප්පා වෛද්‍ය ග්‍රන්ථයේ මේ පිළිබඳ වැඩිදුරටත් දීර්ඝ ලෙස විස්තර කර ඇත.
 
සාහිත්‍යය
 
එකල බැබිලෝනියාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ පුස්තකාල පැවති බවට සාධක ඇත. මෙකල බිහිවූ සාහිත්‍ය නිර්මාණ අතර බොහොමයක් සුමේරියානු පරිවර්තනයන්ය. ව්‍යාකරණ ආදි වූ භාෂාමය නීතීරිති වලින් මනාව පෝෂණය වූ නිර්මාණ එකල ඔවුන් ලේඛනගත කොට ඇත. ගිග්ලමේෂ් (ටසකට්පැිය) මහා කාව්‍ය වැනි නිර්මාණ ආදි බැබිලෝනියාවේ පැවති සාහිත්‍යමය දියුණුව මොනවට විදහාපායි.
 
[[Category:බැබිලෝනියාව]]
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි