"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු ප්‍රවර්ගය:සෞරග්‍රහ මණ්ඩලය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
82 පේළිය:
[[Image:The life of Sun-like stars.jpg|thumb|left|හිරුගේ ජීවන චක්‍රය (සිතුවමකි)]]
වර්තමානයේ අපි දන්නා පරිදි හිරු ප්‍රධාන අනුක්‍රමණයෙන් ඉවත් වනතෙක් සෞරග්‍රහ මණ්ඩලය පවතිනු ඇත. හයිඩ්‍රජන් ඉන්ධන දහනය හරහා සූර්යයා දහනය වන විට එය ඉතිරි ඉන්ධන දහනය කිරීම සඳහා තවත් උණුසුම් වේ. එම නිසා එය තවත් වේගයෙන් දහනය සිදු කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසර බිලියන 1.1 ටම දළව 10% කින් හිරුගේ දීප්තිය වැඩිවේ. මෙතැන් සිට වසර බිලියන 7.6 ගතවු කළ, හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන්වල සිදුවීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත. මෙය හිරු දැන් පවතින පරිධිය මෙන් 260 වාරයක් පමණ දක්වා විශාල වීමට හේතු වේ. හිරු [[රතු යෝධ තරු|රතු දැවැන්තයා]] බවට පත් වන්නේ එලෙසය. මෙම අවස්ථාවේ දී එහි විශාලම ලෙස වැඩි වූ පෘෂ්ටික වර්ගඵලය නිසා සූර්යයා සීතල වීමට පටන් ගනී. ක්‍රම ක්‍රමයෙන් හිරුගේ බාහිර ස්ථර සුදු පැහැති කුඩා වස්තුවක් ඉතිරි කරමින් නැතිවී යනු ඇත. අසාමාන්‍ය ඝනත්වයකින් යුත් මෙම වස්තුව එහි මුල් ස්කන්ධයෙන් භාගයක් වන අතර ප්‍රමාණයෙන් පෘථිවිය තරම් වේ.
 
[[Category:සෞරග්‍රහ මණ්ඩලය]]