"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
[[2004]] [[අප්‍රේල් 2]] දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ [[ව්‍යවස්ථාදායකය]] සඳහා වූ අවසන් [[ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක මැතිවරණය, 2004|මැතිවරණ‍යෙහි]] දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ [[එක්සත් ජාතික පෙරමුණ]] හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ [[අගමැති]] තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක [[ශ්‍රී ලංකාවේ ජනාධිපති | ජනාධිපතිධූරය]] 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.
 
[[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ට වඩා [[මධ්‍යස්ථමතධාරිත්වය|මධ්‍යස්ථමතධාරි]] ලෙස පෙනුනද එ. ජා. ප. [[නව-ලිබරල් වාදී]] හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි{{Fact|date=October 2007}}. සන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]] හි සාමාජිකත්වය දරයි.
==ඉතිහාසය==
බහුතර [[සිංහල ජනතාව|සිංහල]] ජන සමූහය සහ සුළුතර [[දෙමල ජනතාව|දෙමල]] හා [[මුස්ලිම්]] ජන සමූහයන් නියෝජනය කල දක්ෂිණාංශයට-බර හා ඩොමීනියන් වාද-නියෝජ්‍ය පක්ෂයන් තුනක සංකලනයෙන් [[1946]] [[සැප්තැම්බර් 6]] දිනදී එ. ජා. ප. බිහිවිය. [[එක්සත් රාජධානිය]] වෙතින් නිදහස දිනා ගැනීමෙහි අරගලයෙහි පෙරමුණ ගෙන සිටියදී, [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය]] වෙතින් 'නිදහස ලඟා කර ගැනීමේ' ලා [[ලංකා ජාතික සංගමය]] හි සංශෝධිත අරමුණු හා එකඟ නොවීම හේතුවෙන් එයින් ඉල්ලා අස්වූ [[දොන් ස්ටීවන් සේනානායක]] මෙහි නිර්මාතෘ විය.[http://www.atimes.com/ind-pak/CJ13Df01.html]. එ. ජා. ප. ය නියෝජනය කලේ ව්‍යාපාර ප්‍රජාව හා ඉඩම් හිමි වැදගතුන් ය. එනමුදු, සේනානායක විසින් ජනප්‍රියවාදී ප්‍රතිපත්තින්ද අනුගමනය කිරීම නිසා පක්ෂය සාමාන්‍ය ජනතාව අතරද පිළිගැනීමකට ලක් විය.
 
එක්සත් රාජධානිය යටතේ [[ඩොමීනියන් රාජ්‍යය]]ක් දිනා ගැනීම හා සාම්ප්‍රදායික ජීවන රටාව හා බහුතරයක් ජනත‍ාව ඇදහූ බුද්ධාගම, වාමාංශික විරුද්ධ පක්ෂ ( [[ලංකා සම සමාජ පක්ෂය]] සහ [[ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය]]) වෙතින් එල්ල වී තිබූ ඊනියා කොමියුනිස්ට් තර්ජනයෙන් ආරක්ෂා කිරීම සඳහා ජන වරමක් පතමින් එ. ජා. ප. ය 1947 මහා මැතිවරණ සටන මෙහෙයවීය. පැහැදිලි බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වූ එ. ජා. ප. ය, සිංහල හා දෙමල කොටස් ඈඳා ගනිමින් [[පක්ෂ එකමුතුව]]ක් පිහිටුවා ගැනීමට සමත් විය. 1948 දී ලංකාවට ඩොමීනියන් රාජ්‍ය තත්වය හිමිවූ අතර, ඩී. එස්. සේනානායක ප්‍රථම අගමැති වරයා විය. [[සෝවියට් සංගමය]] අප්‍රසාදයට පත් කල බටහිර-ගැති ‍හා කොමියුනිස්ට් විරෝධී විදේශ ප්‍රතිපත්තියක් හේ අනුගමනය කළේය. සන්නද්ධ හමුදාවන්හි අධිපතීන් බ්‍රිතාන්‍ය නිලධාරින් වූ අතර බ්‍රිතාන්‍යය විසින්රට තුල හමුදා කඳවුරු පවත්වාගෙන යන ලදි.
26 පේළිය:
1952 දී අගමැති සේනානායක අසු පිටින් වැටී මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඩ්ලි අගමැති බවට පත් විය. ඔහු දැරූ මධ්‍යස්ථ-වාමාංශික මතවාදය නිසාවෙන් ප්‍රචලිත ව සිටි බෞද්ධ ජාතිමාමක නායකයෙකු වූ හා එ. ජා. ප. යේ පුරෝගාමී සාමාජික හා බල කණුවක් වූ [[සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක|එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක]] මෙයින් අප්‍රසාදයට පත් විය. පක්ෂයෙන් ඉල්ලා අස්වූ බණ්ඩාරනායක, එ. ජා. ප. ය හා වාමාංශික පක්ෂ යන අන්ත දෙක අතර තුලිත බලවේගයක් වීමේ අරමුණ පෙරදැරිව [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] (ශ්‍රී. ල. නි. ප.) පිහිටුවා ගත්තේය. සිංහල ජනතාව අතර සංඛ්‍යාත්මකව වැඩිමනත් වූ බෞද්ධයන් තුල කලකිරීමක් දනවන අයුරින්, සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන් කතෝලිකයන්, වෙත සහයෝගය පල කිරීම හේතුවෙන් නැගී ආ ජන අප්‍රසාදයකට හා දුරස්ථ වීමකට එ. ජා. ප. ය මේ වන විට ලක් වෙමින් සිටියේය. මෙයින් ප්‍රයෝජන ගත් බණ්ඩාරනායක 1956 මැතිවරණයේදී ශ්‍රී. ල. නි. ප. ය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. ජයග්‍රහණයේ උණුසුම පහවීමටත් පෙර හේ විවාදයට තුඩුදෙන [[සිංහල පමණයි පණත]] සම්මත කරගත් අතර, 1958 ජාතිවාදී අරගලයන් ඇතිවීමට මෙය හේතු කාරක විය. දෙමළ පෙඩරල් පක්ෂය සමග භාෂා ගිවිසුමකට එළඹීමට තිබූ ඉඩකඩ සුනුවිසුණු කිරීමට එ. ජා. ප. සංවිධානය කල 'මහනුවර දක්වා පා ගමන' හේතු විය.
 
යුද්‍ධ හමුදාවේ දක්ෂිනාංශක කොටස් හා ඩග්ලස් ලියනගේ වැනි සිවිල් සමාජ සහායකයන්, ඔවුන් එක්ව දියත් කල 1962 හමුදා කුමන්ත්‍රණය සඳහා පෙළඹවූයේ යැයි චෝදනාවක් එ. ජා. ප. ය වෙත එල්ල විය. ඩඩ්ලි සේනානායක යටතේ එ. ජා. ප. ය 1965 දී නැවත බලයට පත්වූ නමුදු, මාක්ස්වාදී පක්ෂයන් සමග මැතිවරණ අවබෝධතාවයකට එළැඹ එක්සත් සමගි පෙරමුණ පිහිටුවා ගත් ශ්‍රී. ල. නි. ප. ය හමුවේ [[1970]] දී අන්ත පරාජයකට ලක්විය.
 
A bitter leadership battle soon developed between Dudley Senanayake and the more conservative [[Junius Richard Jayewardene|J. R. Jayewardene]], a strong supporter of free market policies and a pro-[[United States|American]] foreign policy. For the latter, he was called “Yankee Dickey.” After Dudley’s death in 1973, Jayewardene became leader of the UNP and started reorganizing the party at the grass roots level.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි