"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Asia_w_sri_lanka.jpg|right]]
දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ, දකුණු ආසියාවේ ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ග ආසන්නයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටා ඇත. 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුනු ජලයද සහිතව සම්පූර්ණ 65,610 km² ක මුළු වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km ක් දක්වා අයත්ව ඇත. ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙක ලෙස සලකන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරැ තුඩුවදක්වා ඇති කි.මී 435 වන අතර පලළින්වැඩිම ස්ථාන දෙක ලෙස ලකනු ලබන්නේ කී.මී 225ක පළලින් යුත්  කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා ූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැන්නවල් හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද සහිත‍ෙව්. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත් වලින් ද යුක්ත වේ.
 
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය.
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි