"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සමාජය යන්න ඉන්කා ශිෂ්ටාචාරය වෙත ගෙන යන ලදි
No edit summary
1 පේළිය:
[[ගොනුව:Quipu.png |thumb|ඉන්කන් කුයිපුවක නියෝජනය]]
 
සමාජ ව්‍යුහය
 
== සමාජ ව්‍යුහය ==
ඉන්කාවරු විශේෂ ග්‍රෝත්‍ර තුනකට බෙදී තිබුණි. ඒවා නම් උසස් පන්තිය (ප්‍රභූවරු), පහත් පන්තිය හා වහල්ලු (යනාස්) ය. යුධ සිරකරුවන් හා වහලුන්ගේ ළමුන්ද ඇතුළත් වූයේ වහලුන් ගණයටමය. පහත් පන්තියට බොහෝ විට අයත්වූයේ ගොවියන්ය. කිසියම් විශේෂ ක්‍රියාවක් සිදුකළ හමුදා සෙබළෙකුට හෝ කළාකාරයෙකුට වසරකට හෝ ඊට වඩා විශිෂ්ඨ ක්‍රියාවක් තවකෙක් කරන තෙක් හෝ ප්‍රභූ භාවය හිමි විය. ප්‍රභූ භාවය ලැබිය හැකි තවත් ක්‍රමයක් විය. එය නම් අධිරාජ්‍යයට කැමැත්තෙන්ම සම්බන්ධ වීමට කැමති කුරාකා (ගම් ප්‍රධානියා ) කෙනෙක් බවට පත් වීමයි. ඔහුගේ සහකරුවන්ට ඉන්කාවරු වීමට හැකි වූ අතර ඔහු තම තනතුරු ආරක්ෂාකර ගැනීමට පරිස්සම් විය. නමුත් එලෙස ප්‍රභූ භාවය හිමිවූවන්ට කිසිදිනක රාජකීය ප්‍රභූත්වය (රුධිරයෙන් ප්‍රභූ බව ලැබීම) හිමි වූවන්ට මෙන් සැලකිලි බලාපොරොත්තු විය නොහැකි වූ අතර ඔවුනොවුන් අතර විවාහ පවා සිදු වුණේ නැත.
 
ඉන්කාවරු මෙම කාරණයේදී ඉතා ඍජු වූ අතර ඒවා අත් හැරියේ නැත. ඔලන්ටේ නම් වූ මෙම විශේෂිත කාරණය ගැන කියවෙන පුරාවෘත්තයක් ඇත.
 
=== ඔලන්ටේ පුරාවෘත්තය ===
 
සුසී සෝලර් (ඉන්කා පච්චකුටෙක්ගේ දියණිය ) නම් වූ කුමරිය හොර රහසේ , ඔලන්ටේ නම් වූ තාවකාලික ලෙස ප්‍රභූත්වය ලැබූ පුද්ගලයෙකු සමග විවාහ වූවාය. කාලය ගත වූයේය. මේ අතර දිනක් ඔලන්ටේ සුසී සෝලර්ගේ අත ඉල්ලා නිර්භීතව පැමිණියේය. ඉන්පසු ඉන්කා පච්චකුටෙක් තම දියණිය අක්ලවාසියක (ස්ත්‍රී මඩමක) සිර කොට තැබීය. ඔහු ඔලන්ටේ තම දියණියගේ සැමියා ලෙස භාර නොගත්තේය. ඒ ඔහු ලෙයින්ම ප්‍රභූවරයෙක් නොවූ නිසාය.
18 පේළිය:
 
 
=== අධ්‍යාපනය ===
 
ඉන්කාවරු කුයිපු හෙවත් ගැට ගසන ගසන ලද නූල් , ගණනය කිරීම්වලට හා ජන සංඛ්‍යානයට යොදා ගත්හ. දැනට ඉතිරිව ඇති කුයිපුවල , අංකන දත්ත පෙනෙන්නට ඇත. සමහර ඉලක්කම් යමක් මතක තබා ගැනීමේ ලේබල වශයෙන් යොදා ගෙන ඇත. කුයිපුවල වර්ණ , අවකාශ හා ව්‍යුහ වෙනස් කරමින් පණිවිඩ ලබා දීමද සිදු කර ඇත. සංඥා ක්‍රමයට ලියවුණු නැතහොත් අංක රහිත පණිවුඩ තේරුම් ගත්තේ කෙසේදැයි යන්න තවම පැහැදිලි නැත. සමහර සිසුන් කුයිපු වාර්තා කළ භාෂාව සොයා ගැනීමට තවම වෙහෙසෙති.
24 පේළිය:
තම සංස්කෘතියේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඉන්කාවරු ‍‍බොහෝ විට පණිවිඩ යැවීම කළේ මුඛ්‍ය සන්නිවේදන ක්‍රමයකටය. ඉන්කා අධ්‍යාපනය විශේෂ වර්ග දෙකකට බෙදී පැවතුණි. ඒවා නම් වෘත්තීය අධ්‍යාපනය (පොදුවේ ඉන්කාවරුන් සඳහා ) සහ විධිමත් පුහුණු කරවීම (ප්‍රභූන් සඳහා ) ය.
 
=== ආගම ===
 
ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්‍රධාන දෙවියා විය. අධිරාජ්‍යයේ ප්‍රවේණි පාලක නාමය වූ සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තා‍ලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.
 
[[ගොනුව:Quipu.png |thumb|]]
 
 
Line 33 ⟶ 32:
== References ==
http://en.wikipedia.org/wiki/Incas#Society
 
[[en:Inca civilization]]
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි