"කැනේඩියානු සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
කැනේඩියානු සංස්කෘතිය සම්පිණ්ඩනය කොට Canlit ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.
 
==සැළකිය යුතු චරිත==
 
කැනඩාව නිල වශයෙන් රටක් ලෙස ප්‍රකාශයට පත් වූයේ 1867 ජුලි 1 වැනි දිනයි. එදිනට කලින් එහි තිබුණු සාහිත්‍යය යටත් විජිත යුගයට අයිති යැයි තර්ක කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් සුසානා මූඩි සහ කැතරින් පාර් ට්‍රේල් නැමැති ඉංග්‍රිසි ජාතික සොයුරියන් දෙදෙනා 1832 වර්ෂයේදී ඔවුන්ගේ රට වශයෙන් කැනඩාව තෝරා ගෙන එහි ගොස් පුරෝගාමින් වශයෙන් ඔවුන්ගේ අත් දැකීම්, මූඩි විසින් Roughing it in the bush (1852) සහ life in the Claering (1853) කෘති වලින්ද පාර් ට්‍රේල් විසින් The backwoods of Canada (1836) සහ Canadian crusoes (1852) කෘති වලින්ද එළි දැක්වූහ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඔවුන් ජීවත්ව සිටි කාලය පුරාම ලේඛණයෙහි යෙදුනු අතර ඔවුන්ගේ පොත් බොහෝ විට විෂම කැනේඩියානු සමාජය සමග ගැටුනේය. මෙම තේමාවන් මාග්‍රට් ඇට්වුඩ් ගේ Survival වැනි කෘතිවල මෙන්ම අනෙකුත් කැනේඩියානු කෘතිවලද නැවත පල විය. මූඩි සහ පාර් ට්‍රේල් ගේ සොයුරිය වූ ඇග්නස් ස්ට්‍රික්ලන්ඩ් එංගලන්තයේම රැඳි සිටි අතර අලංකාර රාජකීය චරිත කථා ලියමින් කැනේඩියානු සහ ඉංග්‍රිසි සාහිත්‍යය අතර පැහැදිලි වෙනසක් නිර්මාණය කළාය.
 
කැනේඩියානු සාහිත්‍ය වංශයේ මුල් කාලීන ලේඛකයන්ගේ කෙනෙකු ලෙස තෝමස් චැන්ඩ්ලර් හැලිබර්ටන් (1796-1865) ගේ නම සඳහන් වේ. කැනඩාව නිල වශයෙන් වෙනම රටක් ලෙස ප්‍රකාශ වීමට වර්ෂ දෙකකට පෙර ඔහු මිය ගියේය. ඔහු ප්‍රසිද්ධියට පත් වන්නේ ඔහු විසින් නිර්මාණය කළ ‘සෑම් ස්ලික්’ නම් විකට චරිත තුලිනි. එම චරිතය The Clockmaker සහ තවත් විකට කෘතින් කීපයකම හැලිබර්ටන්ගේ ජීවිත කාළය පුරාම නිරූපණය කෙරුණේය.
 
අන්තර්ජාතික වශයෙන් දන්නා ජීවමානව සිටින කැනේඩියානු සාර්ථක නවකථා කාරියක කිවිඳියක සහ විචාරිකාවක් වන්නේ මාර්ගර්ට් ඇට්වුස්ය.
 
මෙම කණ්ඩායමද, ඉංග්‍රිසි බසින් කෙටිකථා රචනය කළ හොඳම ජීවමාන ලේඛකයා ලෙස හඳුන්වනු ලැබු ඇලිස් මුන් රෝද, කැනේඩියානු සාහිත්‍යය නගා සිටුවා ලෝකයට බෙදා හරින ලද පළමු පුද්ගලයෝ වූහ. පශ්චාත් යුද සමයෙන් පසු ගත වුනු දශක කිහිපය තුල සෑම අවුරුද්දකම කැනඩාව තුල පලවූයේ සාහිත්‍යමය වටිනා කමින් යුත් ප්‍රකාශන අතලොස්සකි. කැනේඩියානු සාහිත්‍යය, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු සාහිත්‍යයේම කොටසක් යනුවෙන්ද සළකනු ලැබිණ.
 
නිෂ්පාදනය කරන ලද දේවල් වලින් බොහොමයක් කැනේඩියානු ඉතිහාසය, එළිමහන, සතුන් නැතහොත් සිදු වීම්, වැනි විශේෂ වූ ගතිගුණ ඇති කැනේඩියානු ගති ලක්ෂණ සමග සම්බන්ධ වූයේය. මෙම සම්ප්‍රදායට විරුද්ධ ප්‍රතික්‍රියාවක් වූ ලෙනාර්ඩ් කොහෙන්ගේ නවකථාවක් වූ Beautiful loser (1966) නැමැති කෘතිය එක් විචාරකයෙකු විසින් නම් කරන ලද්දේ ‘කැනඩාවේ එතෙක් ලියැවුනු අතිශය පිළිකුල් සහගත කෘතිය’ ලෙසිනි.
 
කැනේඩියානුවන් විසින් කියවන ලද බොහොමයක් පොත් බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ ලියන ලද ඒවාය. කැනේඩියානු පාසැල්වල සහ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ ද විදේශීය දේවල්ය.
 
කැනේඩියානු කවියෙකු වූ ලෙනාර්ඩ් කොහෙන් සමහර විට බොහෝ ප්‍රසිද්ධ ගැමි ගී ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වූයේය.
 
==ලේඛණ කලාව සඳහා ත්‍යාගයන්==
 
සාහිත්‍ය සඳහා සැළකිය යුතු කැනේඩියානු ත්‍යාග සංඛ්‍යාවක් තිබේ.
 
අත්ලාන්තික් කලාපය පුරා ලේඛකයින්ගේ දක්ෂතා ඉස්මතු කරන්නේ අත්ලාන්තික් ලේඛක තරඟය මගිනි.
 
· කැනේඩියානු කර්තෘවරුන්ගේ සංගමයේ ත්‍යාගය - ඉතා ඉහලින් සළකනු ලැබු කැනේඩියානු ලේඛකයින්ගේ කෘතින් අගය කිරීම සඳහා
 
· CBC සාහිත්‍ය සම්මානය
 
· කැනඩා කවුන්සිලයේ මෝල්සන් ත්‍යාගය - කැනඩා සංස්කෘතික සහ බුද්ධිමය උරුමයන්ට සැළකිය යුතු සේවයක් කළ අයට
 
· ෆ්ලොයිඩ් එස් චාර්මස් කැනේඩියානු නාට්‍ය සම්මානය - කැනේඩියානු නෘත්‍ය සමාගම මගින් වේදිකා ගත කරන හොඳම කැනේඩියානු නාට්‍ය සඳහා
 
· මේරියන් එංගල් සම්මානය - කාන්තා ලේඛකයින් සඳහා
 
· මැට් කොහේන් ත්‍යාගය - කීර්තිමත් සේවය වෙනුවෙන් කැනේඩියානු ලේඛකයෙකුට දෙන ත්‍යාගය
 
· ෂවුග්නෙයි කොහෙන් සම්මානය - දේශපාලන ලියවිලි සඳහා
 
· ජෙරාල්ඩ් ලැම්පර්ට් සම්මානය - හොඳම නව කවියා
 
· ජිලර් ත්‍යාගය - හොඳම කැනේඩියානු නව කථාව හෝ ඉංග්‍රිසියෙන් පල කළ හොඳම කෙටි කථා සංග්‍රහයට
 
· ආණ්ඩුකාරයාගේ ත්‍යාගය - හොඳම කැනෙඩියානු කවි, ප්‍රබන්ධ නොවන කෘතිය, නාට්‍යය, ළමා සාහිත්‍ය (පාඨ) ළමා සාහිත්‍ය (චිත්‍ර) සහ පරිවර්ථනය (ඉංග්‍රිසි ප්‍රංශ භාෂා දෙකින්ම ලියනු ලැබු)
 
· ග්‍රීනින් කාව්‍ය ත්‍යාගය - හොඳම කාව්‍ය ග්‍රන්ථය සඳහා කැනේඩියානු කවියෙකුට සහ අන්තර්ජාතික කවියෙකුට එක් තෑග්ගක් බැගින්
 
· මිල්ටන් ඇකො‍්ර්න් කාව්‍ය ත්‍යාගය - ‘ජනතා කවියා’ සඳහා වෙන්වි තිබෙන ත්‍යාගය
 
· පැට් ලෝතර් සම්මානය - කාන්තා කාව්‍ය සංග්‍රහය සඳහා සම්මානය
 
· ප්‍රී ඔරෝර සම්මානය ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂා වලින් කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධ සහ මන:කල්පිත ප්‍රබන්ධය සඳහා
 
· ප්‍රී ඇතනේස් - ඩේවිඩ් - ක්විබෙක් ලේඛකයා සඳහා
 
· ප්‍රී - ජිල්ස් - කොබෙයිල් - ජීවිත කාලය මුලුල්ලේ කරන ලද කාර්යයන් වෙනුවෙන් - (සෑම අවුරුදු 3 කට වරක්)
 
· ප්‍රී විලියම් - ෆ්‍රැන්කෝ - ඔන්ටාරියන් ලේඛකයෙකුගේ හොඳම කෘතිය සඳහා
· රොජර්ස් ලේඛකයින්ගේ භාර ප්‍රබන්ධ ත්‍යාගය - හොඳම ප්‍රබන්ධ කාර්යය සඳහා
 
· ස්ටීවන් ලී කොක් සම්මානය - විහිලු ප්‍රකාශනය සඳහා
 
· තිමති ෆින්‍ඩ්ලේ සම්මානය - පිරිමි (Mid – Career) සඳහා පිරිමි ලේඛක ත්‍යාගය
 
· ට්‍රිලියම් ග්‍රන්ථ සම්මානය ඔන්ටාරියෝ ලේඛකයෙකු විසින් ලියන ලද හොඳම කෘතිය සඳහා
 
· WO මිචල් සාහිත්‍ය ත්‍යාගය - නව ලේඛකයින්ට උපදෙස් දීමට සහ කැනේඩියානු සාහිත්‍යයට ජීවිත කාලය පුරා කරන ලද සේවය සම්බන්ධයෙන් දෙන ත්‍යාගය
 
· රූම් ඔෆ් වන්ස් ඕව්න් වාර්ෂික සම්මානය - කවිය සහ සාහිත්‍යය වෙනුවෙන්
 
· දින 3 නව කථා තරඟය. වාර්ෂික සාහිත්‍ය මැරතන්. කැනඩාවේ සංකල්පයක්
 
· Danuta Gleed Literary සම්මානය ඉංග්‍රිසියෙන් ලියන කැනේඩියානු ලේඛකයෙකුගේ කෙටි ප්‍රබන්ධයක් සඳහා දෙන සම්මානය
 
· එතල් විල්සන් ෆික්ෂන් ත්‍යාගය - බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ වැසියෙකු විසින් ලියනු ලැබු කෙටි කථා එකතු වක් හෝ හොඳම නව කථා සඳහා
 
· ඩොරති ලියිව්සේ කාව්‍ය තෑග්ග - බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ වැසියෙකු විසින් ලියනු ලැබු හොඳම කවි එකතුව සඳහා
 
ළමා හා තරුණ සාහිත්‍යය සඳහා ත්‍යාගයන්
 
· අත්ලාන්තික් ලේඛක තරඟයේ තරුණ නව කථා සඳහා ත්‍යාගය
 
· ළමා සාහිත්‍ය සඳහා ආර්.රෝස් සැනට් සම්මානය
 
· ඓතිහාසික ප්‍රබන්ධ සඳහා ප්‍යෙජ්රි බිල්සන් සම්මානය
 
· ඈන් කොනර් බ්‍රයිමර් සම්මානය
 
· ළමා සාහිත්‍යය සඳහා ආණ්ඩුකාර ත්‍යාගය.
 
· ළමයින් සඳහා - වසරේ කැනේඩියානු පුස්තකාල සංගමයේ පොත - සම්මානය
 
· CLA තරුණ කැනේඩියානු පොත - සම්මානය
 
· ෂෙයිලා ඒ.ඉගොෆ් ළමා සාහිත්‍ය ත්‍යාගය
 
· එලිසබෙත් ම්‍රැසික් - ක්ලිවර් කැනෙඩියානු පින්තූර පොත සම්මානය
 
· ෆ්ලොයිඩ් එස්.චාමර්ස් සම්මානය - තරුණ නාට්‍ය කලාව සඳහා සම්මානය
 
· වර්ෂයේ හොඳම තොරතුරු පොත
 
· IODE පොත - සම්මානය
 
· මැනිටෝබා තරුණ කියවන්නන්ගේ තේරීම
 
· මැක්ස්ගේ සහ ග්‍රේටා එබල් අනුස්මරණ සම්මා‍නය - ළමා ලේඛණ සඳහා
 
· රෑත් ෂ්වාර්ට්ස් ළමා පොත සම්මානය
 
· විකි මෙට්කාෆ් සම්මානය
 
 
"https://si.wikipedia.org/wiki/කැනේඩියානු_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි