"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු merged from රක්ෂණ-බැඳීම
39 පේළිය:
රක්ෂණය සපයන්නාගේ කාර්යභාරය වන්නේ අහිමිවීමක් සිදුවීමේ වියහැකිතාවය තක්සේරු කිරීමයි. එවැනි සාධකයක වැඩි ප‍්‍රවණතාවය තිබීමේදී න්‍යායානුකූලව වැඩි අනුපාතයකට ගෙවීම් තීරණය වනු ඇත. මෙම මූලධර්මය රක්ෂණ සමාගම් විසින් සාර්ථකව කි‍්‍රයා කිරීමට අනුගමනය කළ යුතු දෙයකි. එමගින් ”වෙනස් කොට සැලකීම් අවධානම” තක්සේරු කිරීමේදී සහ වාරික නියමකිරීමේ කි‍්‍රයාවලිය තුළදී මෙම රක්ෂණ මූලධර්මයේ අත්‍යාවශ්‍ය අනුප‍්‍රතිඵලයිකි. උදාහරණයකට රක්ෂණ ආයතනය වයෝවෘද්ධ මිනිසුන්ගෙන් ඉහළ වාරිකයක් ලබාගන්නේ තරුණ මිනිසුන්ට වඩා අවදොනමට ලක්විය හැකි නිසාය (මෙතැනදී වෙනස්කොට සැලකීමක් සිදුවේ). මෙම තර්කාන්විතය ජීවිත රක්ෂණයක හෘදයවස්තුව වේ. වයෝවෘද්ධ පුද්ගලයින් තරුණයින්ට වඩා කලින් මිය යන නිසා අහිමිවීමේ අවදානම රක්ෂණය සපයන්නාට වැඩිය. එමනිසා ඉහළ වාරිකයකින් එම අවදානම ආවරණය කරගත යුතුවේ. නමුත් රක්ෂණ ඉල්ලූම්කරුවන්ට වලංගු හේතු විරහිතව වෙනස්කොට සැලකීම නීතිවිරෝධී වෙනස්කොට සැලකිල්ලක් සේ සලකනු ලැබේ.
 
වාදයකින් බොහෝ විට පවසනු ඇත්තේ නීතිමය රක්ෂණය අතින් මූල්‍යමය අතින් සත්‍යය සාධක භාවිතය තහනම් කිරීම දී ඇති අවදානමට සරිලන මුදලත් අයනොකර ගැනීම සහ එමගින් ක‍්‍රමවේදය තුළ අඩුවක් පවතින බවයි. මෙම අඩුපාඩුව සපුරාලීමට අසමත්වීමෙන් සමාගමේ රක්ෂණ ගත් අයට ද්‍රවශීලතාවය අඩුවීමෙන් අපහසුතා දරාගැනීමට සිදුවීමයි. මෙම අඩුපාඩුව ආමන්ත‍්‍රණය කිරීමට කළ හැක්කේ අඩුපාඩුව වෙනත් ගිවිසුම්කරුවන්ගෙන් අය කිරීමත් එසේත් නැතිනම් රජයෙන් පැතීමය (එනම් සමාගමේ සිට බහුතර සමාජය කරා එය බාහිර කිරීමයි).
 
==රක්ෂණ-බැඳීම==
 
මෙවනි රක්ෂණ ඉතා පුළුල් පරාසයක නීතිමය ඉල්ලීම් කළ හැකි රක්ෂණ ක‍්‍රමයකි. බොහෝ රක්ෂණ වර්ගවල වගකීම ආවරණය කිරීමේ පැතිකඩක් ඇතුළත් වේ. උදාහරණයකට නිවෙස් හිමියෙකුගේ රක්ෂණ ගිවිසුම පරිශ‍්‍රය තුළ ලිස්සා වැටීමෙන් තුවාල ලබන කෙනෙකුගේ හානිය රක්ෂණයක් මගින් සාමාන්‍යයෙන් ආවරණය වේ. රථවාහන රක්ෂණයේදී අන් අයෙකුට කෙරෙන ජීවිත, සෞඛ්‍ය හා දේපල හානි පිළිබඳව සහ තවත් වාහනයක ගැටීමෙන් වෙන හානිය ආවරණයවීම රක්ෂණය කෙරේ. බැඳියාව සටහන්වන රක්ෂන ගිවිසුමක පැති දෙකක් ඇත. එකක් නීතිමය කි‍්‍රයාගනිද්දී නීතිමය ආරක්ෂාවටත් උසාවි නියෝගයක් අනුවත් ගෙවීමක් කිරීමට සිදුවේ නම් එයද ගෙවනු ලැබේ. බැඳියාවේ ගිවිසුම් සාමාන්‍ය වශයෙන් රක්ෂණය ලබාගත් පුද්ගලයාගේ නොසැලකිල්ල පමණක් ආවරණය වන අතර එය සිතාමනා හෝ කල්පනා කර කරන කි‍්‍රයාවලට වගකීමක් තබන්නේ නැත.
 
 
x පරිසර වගකීම් රක්ෂණය මගින් ආරක්ෂා වන්නේ කායික තුවාලවීම් දේපල හානිය සහ යම් කිසි අපද්‍රව්‍යයක් මුසුවීම සහ ගලායාම ශුද්ධ පවිත‍්‍ර කිරීමට යන වියදම ඊට අඩංගුය.
 
x වෘත්තිමය වගකීම් රක්ෂණයක් යටතේ වැරදි සහ අතපසුවීම් රක්ෂණ තිබේ. එම රක්ෂණය ඊ ඇන්ඞ් ඕ රක්ෂණයක් යනුවෙන් හඳුන්වයි.
 
x වෘත්තිමය වගකීම් රක්ෂණය වෘත්තිමය සේවයේ යෙදන ගෘහවිද්‍යා ශිල්පීන් නීතීඥවරු, වෛද්‍යවරු සහ ගණකාධිකරුවන් ඔවුන්ගේ සේවාදායකයින්, රෝගීන් විසින් කළ හැකි නොසැලකිල්ල පිළිබඳව නීතිමය කි‍්‍රයාමාර්ග ආවරණයවීමට යොදාගැනේ. වෘත්තිමය වගකීම් රක්ෂනය විවිධ නම් යටතේ වෘත්තිය අනුව වෙනස් වේ. මෙයට උදාහරණ කිහිපයක්ද ඇත. අවපරිචි රක්ෂණය වෛද්‍යවරන් විසින් ලබාගත හැක. නීතීඥවරු ඊ ඇන්ඞ් ඕ රක්ෂණයක් ලබාගත හැක. ඊ ඇන්ඞ් ඕ රක්ෂණ ලබාගන්නා අය අතර දේපළ වෙළඳුන්, ගෘහ නිරීක්ෂකයන් සහ තක්සේරුකරුවන් සහ වෙබ් අඩවි සංවර්ධකයන් ඊට අඩංගු වේ.
 
x අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන්ගේ වගකීම් රක්ෂණය සංවිධානයක් සාමාන්‍යයෙන් සංස්ථාවක අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් විසින් කෙරෙන අත්වැරදීම්වල ප‍්‍රතිඵලයක් ලෙස අන් අය ගන්නා නීතිමය කි‍්‍රයාදාම හා සම්බන්ධ වියදම් මෙම රක්ෂණයෙන් ආවරණය වේ. එය කෙටි නමක් වන ඞී ඇන්ඞ් ඕ වශයෙන් ද භාවිතා වේ.
 
x ත්‍යාග මුදල් රක්ෂණය නිශ්චිත ඉසව්වකදී විශාල ත්‍යාග මුදල් ප‍්‍රමාණයක් දීමට සිදුවීම ආවරණය කරන රක්ෂණයකි. උදාහරණයකට ඊට ඇතුළත් විය හැක්කේ තරඟකරුවන්ට දැල්පන්දු කී‍්‍රඩාවකදී පිටියේ මැද සිට බෝලයක් ගැසීම හෝ එක පහරකින් ගොල්ෆ් තරඟයකදී ඉලක්කය හරහා බෝලය යැවීම වැනි අවස්ථාය.
 
ණය රක්ෂණ
 
මරණය ආබාධිත තත්ත්වයට පත්වීම සහ විරැකියාව වැනි අවස්ථාවකට ණය ලබාගන්නෙකු පත්වූ විට ණය රක්ෂනය මගින් සියලූ වගකීම් හෝ ඉන් කොටසක් ආපසු ගෙවනු ලැබේ. උගස් රක්ෂනයත් එක්තරා ආකාරයක ණය රක්ෂණයකි. නමුත් ණය රක්ෂනය යන වැකිය බොහෝ විට යොදාගන්නේ වෙනත් ආකාරයේ ණය ආවරණය වන විටදීය.
 
[[Category:රක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි