"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
·
· එක්සත් ජනපදයේදී ද ජීවිත රක්ෂණ ගිවිසුම්වලින් ලැබෙන ආදායම සාමාන්‍ය වශයෙන් බදුවලින් තොරවේ. ඒ කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මෙම බදු ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවල අගය ඉතා අඩුවිය හැක . මෙය රඳාපවතින්නේ රක්ෂණ සමාගම, ගත් රක්ෂණ වර්ගය සහ වෙනත් විචල්‍යයන් මතය (මරණ අනුපාතය, වෙළඳපලෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහ වෙනත්). තවදුරටත් ආදායම් බදු අවම කරගැනීමේ වාහන හැටියට වඩා හොඳ විකල්ප දිය හැක. අඩුවියදම් ජීවිත රක්ෂණයක් සහ ඉහළ අගයක් ලබාදෙන බදු කාර්යක්ෂම විශ‍්‍රාම යෑමේ ගිණුමක සංයෝගයක් වඩා හොඳ ආයෝජන ප‍්‍රතිලාභයක් ගෙන දිය හක.
 
 
==රතු ඉර තැබීම ==
 
රතුඉරතැබීම නිශ්චිත භූගෝලීය ප‍්‍රදේශයක අහිමිවීමේ වැඩි ප‍්‍රවනතාවයක් තිබෙන අවස්ථාවලදී රක්ෂණ ආවරණය ලබානොදීමේ පරිචිය වේ. එය නීතිවිරෝධී වෙනස්කොට සැලකීමක් ලෙස දකින අවස්ථාද තිබේ. එක්සත් ජනපදයේ දේපල රක්ෂණ කර්මාන්තයේ රතුඉරතැබීම එසේත් නැතිනම් ජනවර්ගය අනුව කි‍්‍රයා කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. විද්වතුන් ප‍්‍රජා කණ්ඩායම් කර්මාන්තය තුළ කි‍්‍රයාකරුවන් සහ රජයේ දෙපාර්තමේන්තු මගින් සිදුකරනු ලැබූ විමර්ශනවලත් උසාවි ලියකියවිලි අලෙවිකරණයේ මෙවලම් සහ කර්මාන්තය රක්ෂණය කර ඇති ආකාරය සැලකිල්ලට ගන්නාවිට පැහැදිලි වන්නේ ජනවර්ගය දිගුකලක් තිස්සේත් අදට පවතින ආකාරයටත් ප‍්‍රතිපත්ති සහ පරිචියන්වලට රක්ෂණ කර්මාන්තයේ බලපෑමක් සිදුවන වගයි.
 
වාරික තීරණය කිරීමේ සහ වාරික අනුපාත ව්‍යුහයන් ගණනය කළ හැකි සාධක ලෙස රක්ෂණකරුවන් සැලකිල්ලට ගන්නා දේ අතර ස්ථානගතවීම, ණයට සුදුසුකම් පෙන්වන ලකුණුමාලා, ස්තී‍්‍රපුරුෂ සමාජභාවය, වෘත්තීය, විවාහක තත්ත්වය සහ අධ්‍යාපන මට්ටම අඩංගු වේ. ඒ කෙසේවෙතත් එවැනි සාධක සැලකිල්ලට ගැනීම බොහෝවිට සලකන්නේ අසාධාරණ සහ නීතිවිරෝධී වෙනස්කොට සැලකීමක් ලෙසය. මෙම පරිචියට ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සමහර අවස්ථාවලදී රක්ෂණය සපයන්නන් වාරික තීරණය කිරීම ගැනත් එම සාධක සීමා කිරීමට නීතිමය මැදිහත්වීම් පිළිබඳව දේශපාලනමය අරගල මතුවී ඇත.
 
රක්ෂණය සපයන්නාගේ කාර්යභාරය වන්නේ අහිමිවීමක් සිදුවීමේ වියහැකිතාවය තක්සේරු කිරීමයි. එවැනි සාධකයක වැඩි ප‍්‍රවණතාවය තිබීමේදී න්‍යායානුකූලව වැඩි අනුපාතයකට ගෙවීම් තීරණය වනු ඇත. මෙම මූලධර්මය රක්ෂණ සමාගම් විසින් සාර්ථකව කි‍්‍රයා කිරීමට අනුගමනය කළ යුතු දෙයකි. එමගින් ”වෙනස් කොට සැලකීම් අවධානම” තක්සේරු කිරීමේදී සහ වාරික නියමකිරීමේ කි‍්‍රයාවලිය තුළදී මෙම රක්ෂණ මූලධර්මයේ අත්‍යාවශ්‍ය අනුප‍්‍රතිඵලයිකි. උදාහරණයකට රක්ෂණ ආයතනය වයෝවෘද්ධ මිනිසුන්ගෙන් ඉහළ වාරිකයක් ලබාගන්නේ තරුණ මිනිසුන්ට වඩා අවදොනමට ලක්විය හැකි නිසාය (මෙතැනදී වෙනස්කොට සැලකීමක් සිදුවේ). මෙම තර්කාන්විතය ජීවිත රක්ෂණයක හෘදයවස්තුව වේ. වයෝවෘද්ධ පුද්ගලයින් තරුණයින්ට වඩා කලින් මිය යන නිසා අහිමිවීමේ අවදානම රක්ෂණය සපයන්නාට වැඩිය. එමනිසා ඉහළ වාරිකයකින් එම අවදානම ආවරණය කරගත යුතුවේ. නමුත් රක්ෂණ ඉල්ලූම්කරුවන්ට වලංගු හේතු විරහිතව වෙනස්කොට සැලකීම නීතිවිරෝධී වෙනස්කොට සැලකිල්ලක් සේ සලකනු ලැබේ.
 
වාදයකින් බොහෝ විට පවසනු ඇත්තේ නීතිමය රක්ෂණය අතින් මූල්‍යමය අතින් සත්‍යය සාධක භාවිතය තහනම් කිරීම දී ඇති අවදානමට සරිලන මුදලත් අයනොකර ගැනීම සහ එමගින් ක‍්‍රමවේදය තුළ අඩුවක් පවතින බවයි. මෙම අඩුපාඩුව සපුරාලීමට අසමත්වීමෙන් සමාගමේ රක්ෂණ ගත් අයට ද්‍රවශීලතාවය අඩුවීමෙන් අපහසුතා දරාගැනීමට සිදුවීමයි. මෙම අඩුපාඩුව ආමන්ත‍්‍රණය කිරීමට කළ හැක්කේ අඩුපාඩුව වෙනත් ගිවිසුම්කරුවන්ගෙන් අය කිරීමත් එසේත් නැතිනම් රජයෙන් පැතීමය (එනම් සමාගමේ සිට බහුතර සමාජය කරා එය බාහිර කිරීමයි).
 
[[Category:රක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි