"ඡයාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු [r2.6.2] robot Modifying: nap:Fotografia
No edit summary
1 පේළිය:
{{mergewith|ඡායාරූපකරණය}}
 
'''ඡායාරූප ශිල්පය''' යනු ආලෝක කිරණ සටහන් කරගැනීම මගින් චල හෝ නිශ්චල සේයා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේදී ආලෝකය ආලෝක සංවේදී මාධ්‍යකට යොමු කරයි.මේ සදහා කැමරාව නම් උපනරණය භාවිත කරයි.[[ගොනුව:Large format camera lens.jpg|right|Lens and mounting of a large-format camera|thumb]]
 
{{mergewith|ඡායාරූප ශිල්පය}}
{{පිටපත සංස්කරණය}}
 
[[ගොනුව:Large format camera lens.jpg|thumb|right|විශාල වර්ගයේ කැමරාවක කාච සවි කරන ව්‍යුහය]]
[[ගොනුව:800px-IMG_0575.jpg|thumb|right|අතේ ගෙන යා හැකි ඩිජිටල් කැමරාවක්.]]
[[ගොනුව:Canon EOS 40D and 85mmf1.8.jpg|thumb|right|නූතන DSLR කැමරාවක්. (Canon EOS 40D)]]
 
ඡායාරූපකරණය යනු ආලෝක සංවේදී මාධ්‍යයක් (ඡායාරූප පටලයක් හෝ විද්‍යුත් සංවේදක උපාංගයක් වැනි) ආධාරයෙන් ආලෝකය ප්‍රතිග්‍රහණය කිරීම මඟින් දර්ශන ගබඩා කර ගැනීමේ ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් මෙහි දී පහත ක්‍රියාවලිය සිදු වේ. වස්තූන් මඟින් විමෝචනය හෝ පරාවර්තනය කෙරෙන ආලෝක රටාවන් රිදී හේලයිඩ් පදනම් කර ගත් සංවේදී රසායනික හෝ විද්‍යුත් මාධ්‍යයක් අනාවරණය කිරීමට භාවිත කෙරේ. මෙම ක්‍රියාවලිය නිශ්චිත කාල සීමාවක් සඳහා සිදු කෙරෙන අතර එහිදී සාමාන්‍යයෙන් කැමරාවේ අඩංගු ඡායාරූප කාච නම් උපාංග ඔස්සේ ආලෝකය ලබා ගැනීම සිදු කෙරේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිග්‍රහණය කර ගන්නා තොරතුරු කැමරාව තුළ රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ගබඩා කෙරේ. වෙළඳ කටයුතු සහ විනෝදාත්මක කටයුතු යන අංශයන් යුගල සඳහාම ඡායාරූපකරණයේ බොහෝ භාවිතයන් පවතී. එය බොහෝ විට වෙළඳ දැන්වීම් සහ විලාසිතා මුද්‍රණ සඳහා පදනම ලෙස ක්‍රියා කරයි. ඡායාරූපකරණය වාණිජ සහ කලාත්මක ක්‍රියාවලියක් ලෙස ද සැලකිය හැක.
 
 
ඡායාරූපකරණය සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය “photography” photographie නම් ප්‍රංශ වචනය ඇසුරෙන් නිර්මාණය වූවකි. එම ප්‍රංශ වචනය ග්‍රීක වචන ත්‍රිත්වයක් ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර ඒවා එක්ව ගත් කළ “ආලෝකය මඟින් ඇඳීම” යන අර්ථ දේ. සාම්ප්‍රදායිකව ඡායාරූපකරණයේ ප්‍රතිඵලය ඡායාරූප ලෙස හැඳින්වෙන අතර පොදු ව්‍යවහාරයේ මෙය කෙටියෙන් “ෆොටෝ” යනුවෙන් හැඳින්වේ.
 
== හදුන්වාදීම ==
 
ඡායාරූපකරණයේදී පෘර වේගය යනු ෂටරය විවෘත ව පවතින කාලයයි. සම්පුර්ණ අනාවරණය අනාවරණ කාලයට හෝ ආ‍ලෝකය්‍ට තිරයට හෝ සංවේදකයට ලගා වීමට ගන්නා කාලය සමානුපාතික වේ.
 
සම්පුර්ණ නිරාවරණ බලපාන කරැණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (ෂටරය) ෂටර යේගයේ සහ සිදුරේ ප්‍රමාණය බලපෑම නැති කිරීමට .- නැවතුම් ඡයාරෑප ශිල්පියාට භාවිතා කළ හැක. මෙසේ නැවතුවක් භාවිතා කිරීම මගින් තිරයටපිවිසෙන ආලෝකය අඩක් කිරීමට හෝ දෙගුන කිරීම කලහැක. දී ඇති ඕනෑම නිරාවරණයක් සදහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය ‍ෙව්.
 
සමාන්‍යයෙන් වන්ධගාමී ෂටර වේග භාවිතා කර්නනේ අසු ආලෝක තත්තවයන්හිදීය. මෙමගින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පඨල වලද සංඛ්‍යාංඛ කැමරා වලද භාවිතා වේ.
 
ෂටර වේගය තත්පර වලින් මනිනු ලබයි. සුර්යා‍ලෝකය ඇති විටය ඡයාරෑපයක් ලබා ගැනීමට ෂටර වේගය තත්පර ක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද ෂටරය වේගය මගින් වෙනස් කෙ‍රේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සදහා ඡයාරෑපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි.
 
සිදුර වෙනස් කිරීම ක්ෂේතුයේ ගැඹුර තීරනය කරයි. මෙමගින් කොපමන දුකර ඇති වස්තුවක් තියුණු ඡයාරෑපයක් බවට පත් කළ හැකිද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරැ ප්‍රවාහන දැක්වු විට එක් සිදුරක සිට අනෙක් සිදු වෙත යාමේදී ආලෝක ප්‍රමාණයට හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ.
එක සිදුරැ නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කල විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටරය වේග සදහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී. මේ අනුව එකග වු ෂටර වේග නම්
• 1/1000 S
• 1/500 S
• 1/250 S
• 1/125 S
• 1/60 S
• 1/30 S
• 1/15 S
• 1/8 S
• 1/4 S
• 1/2 S
• 1 S
දිගු කාලීන නිරාවරණ සදහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ.
• B (බල්බය) - ෂටර නිදහස් කරණ අල්ලන් සිටින තුරැ ෂටර විවෘතයි
• T (කාලය) - ෂටර නිදහස් කරණ නැවත වර්ක ඔබන තුරැ ෂටරය විවෘතයි
 
==පින්තූරය ==
 
දක්නට හැකි අපහැදිලි වීමකින් තොරව අත් කැමරාවක් මන්දගාමී ෂටර වේගය භාවිතා කොට ඡයාරෑපයක් ලබා ගැනීම ඡයාරෑප ශිල්පියාගේ හැකියාවයි. ඉතා ලංකොට ගන්නා හෝ විශාල කිරීමට බලාපෙ‍ාරොත්තු වන ඡයාරෑපයක් ගැනීමේදී අපැහැදිලි වීම වැලැක්වීම සදහා වේගවත් ෂටර වේග භාවිතා කිරීමට සිදුවේ.
 
ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මගින් අර්ධ සස්වයංක්‍රීය කැමරාවක ෂටර වෙනනස් ශිල්පියා තෝරාගන්නා අතර ඊට සුදුසු සිදුරු ප්‍රවානය කැමරාව මගින් සකස් කරගනී.
 
{{mergewith|[[Category:ඡායාරූපකරණය}}]]
 
 
== ආශ්‍රිත ලිපි ==
"https://si.wikipedia.org/wiki/ඡයාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි