"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Adding category Category:NeedToAddCategory (using HotCat)
3 පේළිය:
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ එහි ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මෝල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය. (Valletta) විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කරා' ය (Birkirkawa) ඉංග්‍රීසි භාෂාවන් සමගම භාවිතා වන මෝල්ටීස් බසජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
ඉතිහාසය පුරාම මෝල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායයන් ක්‍රියාත්මක කිරිමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුනාක් හැර ෆනීෂියන් වරැ ග්‍රීකයන්, රෝමන්වරැ ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරැ , ග්ශාන්ත ජෝන් නයිට්වරැ, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරිමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිනි. මෝල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුර රැදීසිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මෝල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරැවකුද 2008 සිට යුරෝසෝන් හි (eurozone) සාමාජිතකයකු ද වන්නේ ය. මෝල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරැමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද යන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනු මෝල්ටාන බවට හදුනාගනිති. කතෝලික ධර්මය, මෝල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මෝල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරැමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානයවන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිවකට නොඇදුනු තනිව තිබෙන්නා වූ නිර්මානයක් වන මෝල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.
 
[[Category:NeedToAddCategory]]
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි