"මහියංගනය" හි සංශෝධන අතර වෙනස්කම්

මහියංගණය බුදුරජාණන් වහන්සේ වැඩිය හේතුව
Content deleted Content added
'මහයංඟනය ඌව පළාතේ බදුල්ල දිසිත්රියක්කයේ පිහිටි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

03:06, 16 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

මහයංඟනය ඌව පළාතේ බදුල්ල දිසිත්රියක්කයේ පිහිටි මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟණය යන්න බිමිතැන්න යන පදයෙන් බඳී ආවකි. කි්රතස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්යා්නයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂදාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග්රීකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දා ගැබ දේවාන්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ද චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්තිශ්රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරණය කරවා ඇත. සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලණික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත. මෙම ප්රදදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්රවදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=මහියංගනය&oldid=132999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි