"මීගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
5 පේළිය:
 
==නාමය==
මී පිරුණු නගරය, මී ගොමුව , ලෙස ප්‍රකටව පැවති මීගමුව නගරය පෘතුගීසි සමයේ "නිගම්බෝ" යන ඉංග්‍රීසි නමින් අරුත් ගැන් වුවද, එය අර්ථාන්විත නමක් නොවේ. <br />
කළපු මෝය ඉවුරුබඩ පිහිටා ඇති මීගමුව නගරය පෘතුගීසි හා ලන්දේසි සමයන්හීදී වෙළඳ තොටුපලක් ලෙස ප්‍රචලිතව පැවති අතර, දැනට එහි පිහිටීම ගුවන් තොටුපලට ඉක්මනින් ළඟා විය හැකි ලෙස පිහිටා තිබේ. 1672 දී ලන්දේසින් විසින් නිම කරන ලද පැරණි ඕලන්ද කොටුව දැනට මීගමුව බන්ධනාගාරය ලෙස පවත්වා ගෙන යන අතර, ඕලන්ද ජාතිකයින් විසින් ප්‍රවාහන මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගිය ඕලන්ද ඇළ, පැරණි දෙවස්ථාන හා ධීවර ගම්මාන නගරයේ ආකර්ශනීයත්වය වැඩි කිරීමට දායක වී ඇත. නගරය හරහා ගලායන කි.මී.100 ක් පමණ දිගැති ඇළ මාර්ගය නගරය නැරඹිමට කැමති සංචාරකයින් සඳහා මනහර දසුනක් මවා පායි. <br />
 
මීගමු‍ව සිට කොච්චිකඩේ දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නි‍කේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති.
‍‍
==වෙරළ තීරය==
මනහර වූ මීගමු වෙරළ තීරය සාමාන‍්‍යයෙන් සංචාරකයින් බහුල ප්‍රදේශයක් නොවූවද, සංචාරකයින් තමන්ගේ සංචාරයේ අවසාන දින කීපය මීගමු නගරයේ සංචාරය සදහා යෙදවීම‍ට අමතක නොකරති. එය මීගමු වෙරළින් එහි ජනයාට සැලසෙන කදිම වාසියකි. කෙසේ වුවද වසරින් වසර එහි සුන්දරත්වය සංචාරකයින් සදහා වැඩි දියුණු වෙමින් පවතිනු ඇත. මෙම වෙරළ තීරය ධීවරයින් බහුලව භාවිතා කළද එහි සුන්දරත්වය පවත්වා ගැනීමට එම වෙරළ අවට ඇති සංචාරක හෝටල පාලකයින් වගබලා ගෙන ඇත.<br />
එම සංචාරක හෝටල් මඟින් හා ‍පෞද්ගලික ව්‍යාපාරිකයන් මෙම මුහුදුතීරය යොදා ගෙන සංචාරකයන් සඳහා ‍කිමිදුම් මෙන්ම සර්ෆ් ක්‍රීඩා සඳහාද පහසුකම් සපයයි.එම ජල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානද ඒ අව‍ට පිහිටා ඇත.
 
==ආගම==
රෝමානු කතෝලිකයින් බහුතරයක් වෙසෙන මීගමුව නගරයේ කතෝලික දේවස්ථාන රාශියක් පිහිටා ඇත. එම නිසා මීගමු නගරය පුංචි රෝමය
ලෙසද ප්‍රචලිතය. එහි පෘතුගීසි හා ලන්දේසි සමයන් තුල සාදන ලද දේවස්ථාන රාශියක් ද පිහිටා ඇත.<br />
 
එයට අමතරව ‍බෞද්ධාගමිකයන් , හින්දු ආගමිකයන් හා අනෙක් කිතුනුවන් ඵනම්, ජෙහෝවාගේ සාක්ෂිකරැවන්, ඒ.ඹ්.ඡි, එල්.ඩි.එස්. යන ආගමික යන් සඳහා ද දේවස්ථාන පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/මීගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි