"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
128 පේළිය:
== ආකර්ෂණීය දෑ ==
නගරයේ ආකර්ෂණිය දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය , වික්ටෝරියා උද්‍යානය හා ග්‍රෙගරි වැව, කන්දේ ඇල, ලවර්ස් ලීප් දිය ඇල්ල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන ම්ං පෙත් තරණය ආදිය මින් සමහරකි .
මීට අමතරව කුරුල්ලන් බැලීම ප්‍රිය කරන අයවලුන්හට ගැල්වේ කුරුලු උයන, වික්ටෝරියා උද්‍යානය ආකර්ෂණිය ක්ෂේම භූමි ලෙස හඳුන්වා දිය හැකිය. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා (Indian PitaBlue Robbin])[[http://en.wikipedia.org/wiki/Indian_Pitta]] , කායුරු තිරසිකායා (Scaly Thrush) , ගෝමර තිරසිකායා (Pied Thrush), ලය කායුරු වී කුරුල්ලා (Scaly Breasted Munia), කාෂ්මීර රත් මැසිමාරා (Kashimir Flycatcher) ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක. ගැල්වේ කුරැළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.
 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. [[හෝර්ටන් තැන්න]] විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා (Sri Lankan White Eye) සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය ද අයත් වන්නේ මෙම තැන්නටම ය. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි. [[ලෝකාන්තය|ලෝකාන්තයට]] ගොස් ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක. මෙම ප්‍රදේශ වල සංචාරය කරන විට හැකිතාක් උදයෙන් සංචාරය කිරීම වැදගත් වේ. මක් නිසාද යත් ඵවිට වන ජීවින් දැක ගැනීමට වැඩි හැකියාවක් ලැබෙනවා මෙන්ම මීදුමෙන් ලෝකාන්තය වැසී යාමට පෙර ඊට ළගා වීමට ද හැකියාව ලැබෙන බැවිනි.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි