"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox settlement
| native_name = {{lang|si|නුවරඑළිය}} {{si icon}}<br>{{lang|ta|நுவரேலியா}} {{ta icon}}
| name = නුවරඑළිය
| Other names = පුංචි එංගලන්තය
121 පේළිය:
ශිශිර කාලයට අයත් මාස වලදී , රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇත. ඒ වාගේම මෙම් කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුම ද ඇති ‍වේ.
 
== සැණකෙළි==
== සැණකෙළී==
සිංහල හා දෙමළ අවුරුදු සමය එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී වේ. ඒ මන්ද යත් අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙලි සමය නිසාය. මෙම වසන්ත සැණකෙලි සමයේ සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1වනදා යින් නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල් වලට අයත් තූර්ය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ.
 
136 පේළිය:
මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ඝතම [[තේ]] වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.
 
මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[[http://www.tangerinehotels.com/]] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [[http://www.jetwinghotels.com/jetwingstandrews/]] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [[http://www.hillclubsrilanka.net/]] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.
 
== අනෙකුත් සිත් ගන්නා ස්ථාන==
[[Image:Hanuman20a.jpg|thumb|250px| නුවරඑළිය නගරය අසළ ඇති හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි ]]
ගොල්ෆ් පිටියක කෙලවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එවන් එක් ස්ථානයකි [[http://www.bonzer.org.au/?p=13874]]. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලිඇතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රැත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.
 
නුවරඑළියේ තවත් විශේෂ ස්ථානයක් නම් ‘සීතා කෝවිල (හනුමාන් කෝවිල )’ නම් වන හින්දු කෝවිල යි. මෙය හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට හග්ගල උද්භිද උද්‍යානය හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු,රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි