"ප්‍රකාශ තන්තු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Get the content of "ඉතිහාසය ප්‍රකාශ තන්තු" page and added it here, ඉතිහාසය ප්‍රකාශ තන්තු could be deleted
7 පේළිය:
ප්‍රකාශ තන්තු වල දිග ප්‍රමාණයෙන් සම්බන්ධ කිරීම , විදුලි කම්බි හෝ කේබල සම්බන්ධ කිරීමට වඩා බෙහෝ සංකීර්ණ වේ. තන්තු වල කෙළවර සැලකිල්ලෙන් යුතුව පැලිය යුතු වන අතර ඉන්පසුව කාර්මිකව එකට පිරිද්දීම හෝ එසේත් නැතිනම් විද්‍යුත් වාපයක් භාවිතයෙන් ඒවා එකට විලීන කිරිම කළ යුතුය. ඉවත් කළ හැකි සම්බන්ධතා ඇති කිරීම සඳහා විශේෂ සම්බන්ධක භාවිතා කරනු ලබේ.
 
 
== ඉතිහාසය ප්‍රකාශ තන්තු ==
ප්‍රකාශ තන්තු පිටුපස වූ ආලෝකය යොමු කිරීමේ න්‍යාය මුලින්ම ආදර්ශනය කරනු ලැබුවේ ඩැනියෙල් කොලෝචන් හා ජේකස් බැබිනෙට් විසින් 1840 දී පැරීසියේ දීය. වසර 10කට පසු අයර්ලන්ත ජාතික නිපැයුම්කරුවෙකු වූ ජෝන් ටින්ඩල් ජල උල්පත් යොදාගෙන මහජන ප්‍රදර්ශන සිදු කරන ලදී. දත්ත වේදයේ වූ සංවෘත අභ්‍යන්තර දිලිසුම් වැනි ප්‍රායෝගික භාවිත කරළියට පැමිණියේ විසිවන සියවසේ මුල් කාලයේය. 1920 ගණන්වල දී නල හරහා රූප සම්ප්‍රේෂණය ගුවන් විදුලි පර්යේෂකයෙකු වූ ක්ලැරන්ස් හැන්සල් හා රූපවාහිනී විශේෂඥයෙකු වූ ජෝන් ‍ලොගී බෙයාර්ඩ් විසින් වෙන වෙනම නිරූපනය කරන ලදී. ඊළඟ දශකය තුළ හෙන්රිච් ලෑම් විසින් අභ්‍යන්තර වෛද්‍යමය පරීක්ෂණ වලදී, න්‍යාය ප්‍රථම වරට යොදා ගන්නා ලදී. 1952 දී භෞතිකඥ නරේන්ද්‍ර සිංග් කාපනි ටිනචල්ගේ අධ්‍යයන මත පදනම්ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ තන්තු බිහිවිය. වඩ වඩාත් ගැලපෙන වර්තන දර්ශකයක් ලබා දීම සඳහා වීදුරු තන්තුව පාර දෘශ්‍ය වැස්මකින් යුත් නූතන ප්‍රකාශ තන්තු නිෂ්පාදනය වූයේ දශකයේ පසු භාගයේ දීය. දියුණුව ඊළඟට යොමු වූයේ තන්තු මිටි මඟින් රූප සම්ප්‍රේක්ෂණය කෙරෙහිය. 1956 මිචිගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වූ බැඩිල් හර්ෂොවට්ස්, සී. විල්බර් පීටර්ස් හා ලොරන්ස් බී. කර්ටිස් ප්‍රථම ප්‍රකාශ තන්තුවලින් යුත් අර්ධ සුනම්‍ය ගැස්ට්‍රොස්කෝපයට පේටන්ට් බලපත්‍රය හිමි කර ගත්හ. ගැස්ට්‍රොස්කෝපය නිපදවීමේ ක්‍රියාවලියේ දී කර්ටිස් විසින් ප්‍රථමවරට වීදුරු වැසුම් ද්‍රව්‍ය මත රඳා පැවතුනි. වෙනත් විවිධ රූප සම්ප්‍රේක්ෂණ යෙදුම් ද ඒ සමඟම ක්‍රියාවට යෙදවිනි. අර්ධ සන්නායක උපාංග සඳහා අධි සංශුද්ධ සිලිකන් හඳුන්වා දීම තුළින හානිය අඩු සිලිකා තන්තු යථාර්තයක් බවට පත් විය.
 
1965 දී සටෑන්චර්ච් ටෙලිෆෝනය ඇන්ඩි කේබල්ස් නම් බ්‍රිතාන්‍ය සමාගමේ චාර්ලිස් කේ කාඕ හා ජෝර්ජ් ඒ හොක්හැම් විසින් නුතන තන්තුවල හායනය ප්‍රකිරණය වැනි භෞතික විද්‍යාත්මක ආචරණ නිසා නොවන ඉවත් කරළ හැකි අශුද්ධතා නිසා සිදුවන බව ප්‍රථම වරට ප්‍රකාශ කළහ. හායනය කිලෝ මීටරයක 20 dB දක්වා අඩු කළ හැකි නම් ප්‍රකාශ තන්තු සන්නිවේදනය සඳහා හොඳ ප්‍රායෝගික මාධ්‍යයක් බව ඔවුන් ප්‍රකාශ කළහ. මෙම හායන මට්ටම හඳුන්වන ඇමරිකන් ග්ලාස් මේකර් කොර්නින්ග් ග්ලාස් වර්ක් හි සේවය කළ රොබර්ට් ඩී. මෝරර්, ඩොන්ල්ඩ් කෙක්, පීටර් සී එල්ට්ස් සිලිකා වීදුරු ටයිටේනියම් මඟින් මාත්‍රණය කර කිලෝමීටරයකට හායනය 17 dB වූ තන්න්තුවක් ආදර්ශනය කර පෙන්වීය. වසර කිහිපයකට පසු හර මාත්‍රකය ලෙස ජර්මේනියම් ඔක්සයිඩ් යොදාගෙන 4 dB/km වූ තන්තුවක් නිපදවීය. මෙවැනි අඩු හායන මට්ටම් ටෙලි සන්නිවේදනය ඉක්මන් කරවූ අතර අන්තර්ජාලය යථාර්තයක් බවට පත් කරලීය. වර්තමානයේ ප්‍රකාශ තන්තුවල හායන මට්ටම විද්‍යුත් තඹ කම්බිවලට වඩා අඩුය. එම නිසා 500–800 km පුනරාවර්තන වලින් යුත් දුරවලින් යුත් ප්‍රකාශ තන්තුමය සබඳතා ඇති විය.
 
1986 දී බෙල් විද්‍යාගාරවල ඉමැනුවෙල් ඩිසටරයර් හා සතැප්ටන් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් පේයින් විසින් සමව දියුණු කරන ලද ඉර්බියම් මඟින් මාත්‍රණය කරන ලද ප්‍රකාශ තන්තු විස්තාරක, (amplifier) ප්‍රකාශ - විද්‍යුත් - ප්‍රකාශ පුනරාවර්තන (repeaters) අඩු කිරීමෙන් හෝ බොහෝමයක් විට ඉවත් කිරීමෙන් දිගු දුර තන්තු පද්ධතිවල වියදම අවම කරන ලදී. නූතන බහුලව භාවිතා වන ප්‍රකාශ තන්තුවල හරය හා ආවරණය යන දෙකම වීදුරුවලින් තනා ඇති නිසා ඒවා පැරණි
වීමේ ක්‍රියාවලියට දක්වන්නේ අඩු පෙළඹවීමකි. එය 1973 දී ජර්මනියේ ෂොට් ග්ලාස් හි රෙහර්ඩ් බර්න්සි විසින් හඳුන්වා දෙන ලදී.
 
1991 දී ෆෝටෝනික ස්ඵටික පිළිබඳ ක්ෂේත්‍රයේ ආගමනය , පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ නොව ආවර්තිත ව්‍යුහයකින් තන්තු ( විද්‍යාව (2003) , 299 බෂ්ම , 358 පිටුව) වල නිර්මාණයට ඉවහල් විය. ප්‍රථමවරට ෆෝ‍ටෝනික ස්ඵටික තන්තු වාණිජමය වශයෙන් මිළදී ගැනීමට හැකිවූයේ 1996 දීය. ෆෝටෝනික ස්ඵටික තන්තු, සාමාන්‍ය තන්තුවලට වඩා වැඩි ශක්තියක් රැගෙන යන ලෙස සැලසුම් කළ හැකි අතර එහි තරංග ආයාමය මත රඳා පවතින ගුණ, යම් යම් යෙදුම්වලදී ඒවායේ කාර්ය ඵලය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිදි හැසිරවිය හැකි වේ.
 
== References ==
http://en.wikipedia.org/wiki/Fiber_Optics
http://en.wikipedia.org/wiki/Fiber_optics#History
"https://si.wikipedia.org/wiki/ප්‍රකාශ_තන්තු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි