"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: uk:Кухня Шрі-Ланки
No edit summary
6 පේළිය:
== ප්‍රධාන ආහාර වර්ග ==
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිලිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්,මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ග වලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි.ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, [[උම්බලකඩ]] හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රනය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.
 
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝල වලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ,සිහින්ව ගා ගත් පොල් හා රතු ළුණූ සමඟ මිශ්‍ර කිරීමෙනි.ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි