"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
48 පේළිය:
1935 දී ඒ වන තෙක් පර්යේෂණ සඳහා භාවිතා වූ ඉලෙක්ට්‍රෝනය සහ පරමාණුක න්‍යෂ්ටිය අතර පවතින පරතරයේ ශ්‍රිතයට අමතරව ඉලෙක්ට්‍රෝන යුගල අතර පරතරය විස්තරාත්මකව පෙන්වන ශ්‍රිත ද භාවිතයෙන් එච්.එච්. ජේම්ස් සහ ඒ.එස්. කූලිජ් ඩයි හයිඩ්‍රජන් අණුව පිළිබඳ ගණනය කිරීම් සිදු ‍ක‍ළේය. වෙනස් කළ හැකි පරාමිතීන් 13 ක් ඇසුරින් ඔවුහු පර්යේෂණාත්මකව ලැබෙන විඝටන ශක්තියට ඉතා ආසන්න අගයක් ලබා ගැනීමට සමත් වූහ. පසුකාලීනව පරාමිතීන් සංඛ්‍යාව 54 ක් දක්වා වැඩි වූ අතර පර්යේෂණත්මකව ලැබෙන අගයන්ට ඉතා හොඳින් ගැලපෙන අගයන් ලබා ගැනිමේ හැකියාව ඇති විය. මෙම ගණනය කිරීම නිසා ක්වොන්ටම් වාදය ඇසුරින් පර්යේෂණ ප්‍රතිඵල හා එකඟ වන ප්‍රතිඵල ලබා ගත හැකි බව පිළිගැනීමට විද්‍යාත්මක ප්‍රජාවට සිදු විය. කෙසේ නමුත් මෙම ක්‍රමයේ දී සංයුජතා බන්ධන වාදයේ හෝ අණුක කාක්ෂික වාදයේ අඩංගු භෞතික රූපයක් අඩංගු නොවන අතර විශාල අණු සඳහා භාවිතය අපහසු වේ.
 
==රසායනික බන්ධනවල පවතින ඉලෙක්ට්‍රෝන==
බොහොමයක් සරල සංයෝග නිර්මාණය වී ඇත්තේ සහසංයුජ බන්ධන හේතුවෙන් වන අතර මෙම සංයෝග අණුවල ව්‍යුහය ගැන අනාවැකි පළකිරීම සදහා සංයුජතා බන්ධන සිද්ධාන්තය යොදාගත හැකි වේ. තවද බන්ධනයට සහභාගී වී ඇති පරමාණුවල ලක්ෂණ පැහැදිලි කිරීම ඔක්සිකරණ අංකය වැනි සරල සංකල්ප ඇසුරෙන් සිදු කළ හැක. අයනික ව්‍යුහයක් දරණ සංයෝග තේරුම් ගැනීම සඳහා පැරණි භෞතික විද්‍යාත්මක නීති යොදාගනු ලැබේ.
 
අයනික බන්ධනයන්හිදී ඉලෙක්ට්‍රෝන ප්‍රධාන වශයෙන්ම එක් එක් පරමාණුව වටා ස්ථානගතව පවතින අතර බන්ධනය වී ඇති පරමාණු අතර ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිදු නොවන තරම්ය. අණුක කාක්ෂිකයේ පැතිරීම පිළිබඳ සංකල්පාත්මක රූපයක් ගොඩනැගීමට ආධාර වන පරිදි මෙවන් බන්ධනයන්හි ඇති පරමාණුවලට ශුද්ධ ආරෝපණයක් ඇතැයි සලකනු ලැබේ. එනම් ඒවා අයන තත්වයේ ලා සලකනු ලැබේ. මෙවැනි බන්ධනයක් පරමාණු අතර ඇතිවන බලයන්හි ලක්ෂණය ප්‍රධාන ලෙසට ස්ථිති විද්‍යුත් ආරෝපණයන්හි සමසාර්වදිශ අඛණ්ඩතාව මත පදනම් වේ.
 
නමුත් සහසංයුජ බන්ධනයකදී පරමාණු දෙක අතර පවතින ඉලෙක්ට්‍රෝන (බන්ධන ඉලෙක්ට්‍රෝන) ඝනත්වය පරමාණු දෙක අතරම බෙදී යන සේ සැලකෙන අතර එම ඉලෙක්ට්‍රෝන පරමාණු දෙක අතර ඇතිවන අණුක කාක්ෂිකය තුළ විස්ථානගත වී පවතී යයි කියමු. බහුතර පිළිගැනීමට ලක්ව ඇති පරමාණුක කාක්ෂික රේඛීය අතිච්ඡාදනවාදය , බන්ධනයකට සහභාගීවන පරමාණුවල පරමාණුක කාක්ෂික මත පදනම්ව අණුක කාක්ෂිකවල ශක්ති හා ව්‍යුහය විස්තර කිරීමට ඉඩ සලසයි. අයනික බන්ධන මෙන් නොව සහසංයුජ බන්ධනවලට දිශානතියකින් යුතු අසමාර්ථවාදිශ ලක්ෂණ දැරීමේ හැකියාවක් පවතී. මේ හා බැදුණු බන්ධන සිග්මා බන්ධන හා ෆයි බන්ධන ආදී ලෙස නම් කර ඇත.
 
පරමාණු අතර අයනික සහ සහසංයුජ බන්ධනවලට අතරමැදි වූ ලක්ෂණ දරණ බන්ධන ද ඇතිවිය හැක.සහසංයුජ හා අයනික බන්ධනයන්හි නිර්වචන ඉලෙක්ට්‍රෝන විස්ථානගත වී ඇති ප්‍රමාණය මත තීරණය වීම මීට හේතුවයි. ඒ අනුව ධ්‍රැවීය සහ සංයුජ බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන බන්ධන පරමාණු අතර අර්ධ වශයෙන් විස්ථානගත වී පවතින අතර එක් පරමාණුවක් වෙත වැඩි වශයෙන් ආකර්ශනය වී තිබිය හැක. මෙහි පැහැදිලි කිරීම සඳහා විද්‍යුත් සෘණතාව ගැන අවබෝධය වැදගත් වේ.
 
මේ හේතුවෙන් අණුක කාක්ෂිකය (එනම් ධ්‍රැවීය සහසංයුජ හෝ සහසංයුජ බන්ධනයක) පවතින ඉලෙක්ට්‍රෝන නිශ්චිත පරමාණුවක් හෝ පරමාණු කිහිපයක් වටා ස්ථානීය පවතින ලෙස හෝ පරමාණු 2ක් හෝ කිහිපයක් ව‍ටා විස්ථානගතව පවතින ලෙසට සැලකිය හැක. මෙවැනි විටක බන්ධන ස්වභාවය තීරණය කිරීම සඳහා බන්ධනය වී ඇති පරමාණු අතර ඉලෙක්ට්‍රෝන ස්ථානීයව හෝ විස්ථානගතව පැවතීමේ ඝණත්වය මත සිදු කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි