"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: be:Хімічная сувязь
No edit summary
29 පේළිය:
 
1939 හේලින්ගේ පෙළපොත: ‘ඔන් ද නේචර් ඔෆ් ද කෙමිකල් බොන්ඩ්’ යන්න රසායනික විද්‍යාවේ “බයිබලය” වශයෙන් සමහරුන් හදුන්වන ලදී. රසායනික විද්‍යාව කෙරෙහි ක්වොන්ටම්වාදයේ බලපෑම තේරුම් ගැනීමට පරීක්ෂක රසායනික විද්‍යාඥයන්ට මෙම පොත බොහෝ සෙයින් වැදගත් විය. කෙසේ වෙතත් 1959 දී පැන නැගුණු ගැටළු ප්‍රමාණවත් පරමාණුක කක්ෂීයවාදයට වඩා හොදින් නිරාකරණය කිරීමට මෙම ග්‍රන්ථයේ නව ප්‍රකාශනයන් අපොහොසත් විය. 1960 හා 1970 වකවානු තුළදී සහ සංයුජවාදයේ බලපෑම ටිකෙන් ටික අඩු වූ අතර විශාල පරිගණක වැඩසටහන් තුළ භාවිතයත් සමගම පරමාණුක කක්ෂීයවාදය වර්ධනය විය. 1980 වන තෙක් වූ පරිගණක වැඩ සටහන් සදහා සංයුජතා බන්ධනවාදය යොදා ගැනීම මහත් ගැටළුවක් වූ අතර එය විශාළ වශයෙන් විසදීමත් සමගම සංයුජතා බන්ධනවාදය යළි මතු වීමට පටන් ගත්හ.
 
==ඉතිහාසය==
12 වැනි ශතවර්ෂ‍යේ තරම් ඈත කාලයේ දී රසායනික බන්ධනවල ස්වභාවය පිළිබඳ පළ වූ මුල් කාලීන මතයන්ට අනුව සමහරක් රසායනික විශේෂයන් රසායනික සම්බන්ධතාවයන් මඟින් බැඳී ඇතැයි යෝජනා විය. 1704 වසරේ දී ශ්‍රීමත් අයිසැක් නිව්ටන් සිය “Opticks” නම් ග්‍රන්ථයේ 31 වැනි ගැටළුව ඔස්සේ සිය පරමාණුක බන්ධන වාදයේ හරය ඉදිරිපත් කරන ලද අතර ඒ ඔස්සේ පරමාණු කිසියම් බලයකින් එකිනෙකට බන්ධනය වන බව ඔහු යෝජනා කළේය. එහි දී ඔහු ප්‍රථමයෙන් පරමාණු එකිනෙක බැඳීම පිළිබඳ එකල පිළිගෙන තිබූ විවිධ ප්‍රසිද්ධ මතයන් සඳහන් කර (උදා - “ඇමිණුනු පරමාණු” “නිශ්චලතාව නිසා ඇලීම හෝ “සහකාරී චලන එකට ඇලීම”) අනතුරුව ඒවායේ සාමූහික අනුමිතියක් ලෙස,
 
“ අංශු ඉතා කුඩා දුර ප්‍රමාණවලදී අතිශය ප්‍රබල වන්නාවූත්, එවන් දුර ප්‍රමාණවලදී ක්‍රියාකාරකමින් රසායනික ක්‍රියාකාරකම් ඇති කරන්නාවූත්, අංශුවලින් දුරස්ථ වන විට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන්නා වූත් කිසියම් බලයක් මඟින් එකිනෙක වෙත ආකර්ෂණය වේ. ”
 
යන්න ඉදිරිපත් කළේය. 1819 දී වෝල්ටා පුං‍ජයේ නිර්මාණයක් සමඟම ජොන්ස් ජේකබ් බර්සීලියස් විසින් රසායනික සංයෝජන වාදයක් ගොඩනැඟූ අතර එහි දී ඔහු සංයෝජනයට භාජනය වන පරමාණුවල විද්‍යුත් ධන විද්‍යුත් ඍණ ගුණාංග වැදගත් කොට සැලකීය. 19 වැනි සියවසේ මැද භාගය වන විට එඩ්වඩ් ෆ්රෑන්ක්ලින්, එෆ්.ඒ. කෙ‍කුලේ, ඒ.එස්. කූපර්, ඒ.එම්. බට්ලෙරොව් හර්මන් කොල්බේ යන අය විසින් ඛණ්ඩක වාදය මත පදනම්ව සංයුජතාවාදය ගොඩනඟන ලදී. ආර්මභයේ දී, ධන සහ ඍණ ධ්‍රැව අතර ඇති ආකර්ෂණය හේතුවෙන් සංයෝග එකට බැඳී පවතින තත්වය සංයෝජන බලය ලෙස හැඳින්විනි. 1916 වසරේ දී ගිල්බට් එන්. ලුවිස් නම් රසායනඥයා ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන සංකල්පය ගොඩනැඟීය. එහි දී පරමාණු දෙකකට එකෙහි සිට හය දක්වා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් හවුලේ තබා ගනිමින් ඒක ඉලෙක්ට්‍රෝන බන්ධන, ඒක බන්ධන, ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන සෑදිය හැකි බව ඔහු පෙන්වා දෙන ලදී.
 
 
ලෙවිස්ගේ වචනයෙන්ම කියතොත්,
 
“ ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක කවචයන්ට අයත් විය හැකි අතර එවිට කිසිදු එක් පරමාණුවකට එය අයත් යැයි පැවසිය නොහැක. ”
1916 වසරේ දී වෝල්කර් කොසෙල් ලෙවිස්ගේ වාදයට බොහෝ දුරට සමාන තවත් වාදයක් ඉදිරිපත් කළේය. නමුත් ඔහු සිය ආදර්ශනයේ දී සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් උපකල්පනය කර ඇත.එබැවින් එය ධ්‍රැවීය බන්ධන ආකෘතියකි. ලෙවිස් සහ කොසෙල් යන දෙදෙනාම සිය බන්ධන විධි ආදර්ශනයක් ඇබෙග් නියමය (1904) මත ගොඩනැංවීය.
 
1927 වසරේ දී සරල රසායනික බන්ධනයක් සඳහා මුල්වරට ගණිතමය වශයෙන් සම්පූර්ණ ක්වොන්ටම් පැහැදිලි කිරීමක් ([[ගොනුව:H2+ a1.JPG]] අණුක හයිඩ්‍රජන් අයනයේ තනි ඉලෙක්ට්‍රෝනය මඟින් නිර්මාණය වන ආකාරයේ) ඩෙන්මාක් ජාතික භෞතික විද්‍යාඥ ඔයිවින්ඩ් බැරෝ විසින් ව්‍යුත්පන්න කරන ලදී. මේත් සමඟම රසායනික බන්ධන පැහැදිලි කිරීමට ක්වොන්ටම් වාදය භාවිතා කිරීම මූලධර්ම වශයෙන් සහ ප්‍රමාණාත්මකව නිවැරදි විය හැකි බව ඔප්පු විය. නමුත් මෙහි දී යොදා ගත් ගණිත ක්‍රම ඉලෙක්ට්‍රෝන 1කට වැඩි සංඛ්‍යාවක් ඇති අණු සඳහා භාවිතා කළ නොහැකි ඒවා විය. මෙම වර්ෂයේ දීම ෆ්‍රිට්ස් ලන්ඩන් සහ වෝල්ටර් හිට්ලර් විසින් මේ සඳහා වඩාත් ප්‍රායෝගික සහ ප්‍රමාණාත්මක බවින් අඩු ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී. වර්තමාන සංයුජතා බන්ධන වාදය සඳහා පදනම මෙම හීට්ලර් - ලන්ඩන් ක්‍රමය විය. 1929 දී ශ්‍රීමත් ජෝන් ලෙනාඩ් - ජෝන්ස් පරමාණුක කාක්ෂික රේඛීය අතිච්ඡාදන අණුක කාක්ෂික ක්‍රම හඳුන්වා දෙන ලදී. තවද මූලික ක්වොන්ටම් මූලධර්ම ඔස්සේ [[ගොනුව:F2 a1.JPG]] (ෆ්ලුවොරීන්) සහ [[ගොනුව:O2 a1.JPG]] (ඔක්සින්) අණුවල ඉලෙක්ට්‍රෝනික ව්‍යුහ ව්‍යුත්පන්න කිරීමේ ක්‍රම ද යෝජනා කළේය. මෙම අණුක කාක්ෂිකවාදය මඟින් සහ සංයුජ බන්ධන තනි පරමාණු තුළ පවතින ඉලෙක්ට්‍රෝන සඳහා උපකල්පිත ක්වොන්ටම් යාන්ත්‍රික ෂ්‍රේඩින්ගර් පරමාණුක කාක්ෂික එකතුවෙන් සෑදෙන කාක්ෂිකවලින් නිරූපිත බව ප්‍රකාශ විය. බහු ඉලෙක්ට්‍රොනික පරමාණුවල බන්ධන ඉලෙක්ට්‍රෝන සඳහා අදාල සමීකරණ ගණිතමය වශයෙන් (විශ්ලේෂීව) පරිපූර්ණ ලෙස විසඳිය නොහැකි විය. නමුත් ඒවා සඳහා ලබාගත් සන්නිකර්ෂණ මඟින් හොඳ තත්වයේ ප්‍රමාණාත්මක අනාවැකි සහ ප්‍රතිඵල ලබාගත හැකි විය. නූතන ක්වොන්ටම් රසායන විද්‍යාවේ බොහෝ ප්‍රමාණාත්මක ගණනය කිරීම් සඳහා ආරම්භය ලෙස සංයුජතා බන්ධන වාදය හෝ අණුක කාක්ෂික වාදය භාවිතා වේ. එහෙත් ඒ හැරුණු විට ඝනත්ව ශ්‍රිත වාදය නම් තෙවැනි ක්‍රමයක් ද පවතින අතර පසුගිය වසර කිහිපයක් තුළ එය වඩාත් වැඩි වශයෙන් භාවිතා වීම ආරම්භ විය.
 
1935 දී ඒ වන තෙක් පර්යේෂණ සඳහා භාවිතා වූ ඉලෙක්ට්‍රෝනය සහ පරමාණුක න්‍යෂ්ටිය අතර පවතින පරතරයේ ශ්‍රිතයට අමතරව ඉලෙක්ට්‍රෝන යුගල අතර පරතරය විස්තරාත්මකව පෙන්වන ශ්‍රිත ද භාවිතයෙන් එච්.එච්. ජේම්ස් සහ ඒ.එස්. කූලිජ් ඩයි හයිඩ්‍රජන් අණුව පිළිබඳ ගණනය කිරීම් සිදු ‍ක‍ළේය. වෙනස් කළ හැකි පරාමිතීන් 13 ක් ඇසුරින් ඔවුහු පර්යේෂණාත්මකව ලැබෙන විඝටන ශක්තියට ඉතා ආසන්න අගයක් ලබා ගැනීමට සමත් වූහ. පසුකාලීනව පරාමිතීන් සංඛ්‍යාව 54 ක් දක්වා වැඩි වූ අතර පර්යේෂණත්මකව ලැබෙන අගයන්ට ඉතා හොඳින් ගැලපෙන අගයන් ලබා ගැනිමේ හැකියාව ඇති විය. මෙම ගණනය කිරීම නිසා ක්වොන්ටම් වාදය ඇසුරින් පර්යේෂණ ප්‍රතිඵල හා එකඟ වන ප්‍රතිඵල ලබා ගත හැකි බව පිළිගැනීමට විද්‍යාත්මක ප්‍රජාවට සිදු විය. කෙසේ නමුත් මෙම ක්‍රමයේ දී සංයුජතා බන්ධන වාදයේ හෝ අණුක කාක්ෂික වාදයේ අඩංගු භෞතික රූපයක් අඩංගු නොවන අතර විශාල අණු සඳහා භාවිතය අපහසු වේ.
 
 
 
 
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි