"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[ගොනුව:Waste not want not WWI poster.jpg|thumb|200px|කැනේඩියානු ලෝක යුධ සමයේ ශීත ඍතුව සඳහා [[ආහාර]] පරිරක්ෂණය කිරීමට ‍ජනතාව පොළඹවන ලදී.]]
 
'''[[ආහාර]] පරිරක්ෂණය''' යනු [[ආහාර]] ආහාර නරක් වීමට (ගුණයතත්ත්වය, කීමට, යෝග්‍ය බවභෝජ්‍යතාව හෝ පෝෂණ අගය අඩු කරනවීම) හේතුහේතුවන කාරකහෝ වනනරක් වීම වේගවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ වේගයක්‍රියාකාරිත්වය අතිශයින්විශාල වශයෙන් අඩු කරනකිරීමට හෝ නවතාලීමට යොදා ගනු ලබන ක්‍රමයකික්‍රියාවලියකි. නමුත් [[ආහාර]] පරිරක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීරියා, යීස්ට් හෝ දිලීර භාවිත කරන ඇතැම් අවස්ථාද ඇත. යමක් ආහාරයක් ලෙස පරිරක්ෂණය කිරීමේදී එහි පෝෂ්‍යදායී වටිනාකම, මතුපිට පෙනුම සහ රසය ඇති කිරීම සහ පවත්වා ගැනීම වැදගත්වේ. මෙය සංස්කෘතිය මත රඳා පවතී. එක් සංස්කෘතියක ජනයාට සුදුසු වන ආහාරයක් තවත් සංස්කෘතියකට නුසුදුසු විය හැකිය.
 
සාමාන්‍යයන් [[ආහාර]] පරිරක්ෂණය යොදා ගන්නේ මුඩු බවට හේතු වන [[ලිපිඩ]] ඔක්සිකරණය ප්‍රමාද කිරීමට මෙන්ම බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින්ගේ වැඩීම නවතලීමටයි. එමෙන්ම [[ඇපල්]] ගෙඩියක් කැපූ පසු සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියා වැනි ක්‍රියාවලදී සිදුවන වර්ණ වෙනස්වීම් සහ ස්වභාවික නරක් වීම් නිශේධනය කරන ක්‍රියාවලියක්ද මෙයට ඇතුලත් වේ. ඇතැම් පරිරක්ෂණ ක්‍රම වලදී ප්‍රතිකාරයෙන් පසු ක්ෂුද්‍ර ජීවීන් නිසා නැවත නරක් වීම වැළක්වීම සඳහා ආහාරය සීල් කිරීම අවශ්‍ය වේ. වියලීම, දිගු කාලීනව විශේෂයක් නොමැතිව ආහාරය අසුරා තැබීම අනෙකුත් ක්‍රමෝපායන් වේ.
94 පේළිය:
අච්චාරු දැමීම යනු, ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර යෙදීමෙන් ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රමයකි. අච්චාරු දැමීම රසායනික අච්චාරු දැමීම ලෙස පුළුල් වශයෙන් වර්ග කල හැක. උදාහරණයක් ලෙස රසායනික අච්චාරු දැමීමේදී ආහාරය බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිශේධනය කරන හෝ විනාශ කරන ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර තුල බහා තබයි. අච්චාරු දැමීමේදී කාරක ද්‍රව්‍ය ලෙස අති ක්ෂාර (අධික [[ලුණු]] සහිත), [[විනාකිරි]], මද්‍යසාර සහ එළවලු [[තෙල්]], විශේෂයෙන්ම ඔලිව් [[තෙල්]] සහ තවත් [[තෙල්]] වර්ග රාශියක් ද අන්තර්ගත කරයි. රසායනික වශයෙන් අච්චාරු දැමීමේ බොහෝ ක්‍රියාවලීන් වලදී රත් කිරීම හෝ නැටවීම ද යොදාගනු ලබයි. එහිදී පරිරක්ෂණය කරන ලද [[ආහාර]], අච්චාරු දැමීමේ කාරක සමග සංතෘප්තතාවයට පත්වනු ලබයි. සාමාන්‍යයෙන් රසායනික වශයෙන් අච්චාරු දමන ලද [[ආහාර]] වල පිපිඤ්ඤා, ගම්මිරිස්, [[ලුණු]] දමන ලද ගව මස්, හුරුල්ලන් සහ [[බිත්තර]], අච්චාරුවක් ලෙස හොඳින් මිශ්‍රකරන ලද එළවලු ආකාරයෙන් අන්තර්ගත වේ.
 
[[විනාකිරි]]/අච්චාරු පැසවීමෙදී ලැක්ටික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම, පරිරක්ෂණ කාරක ආහාරය විසින්ම නිෂ්පාදනය කරගනු ලබයි. පැසවන ලද [[විනාකිරි]] වල [[ගෝවා]] අච්චාරු, කිම්චි වැනි ද්‍රව්‍ය ද අන්තර්ගත වේ. ඇතැම් අච්චාරු දමන ලද පිපිඤ්ඤා ද පැසවීමට ලක් කර ඇත.
 
වානිජමය වශයෙන් නිපදවන අච්චාරු වලට ඒවායේ ජීව කාලය වැඩි කිරීම සඳහා සෝඩියම් බෙන්සොඒට් හෝ ඊ.ඩී.ටී.ඒ වැනි පරිරක්ෂක ද එක් කල හැකිය.
153 පේළිය:
වියලි සහ ක්ෂාරීය පස තුල (සඳහන් කල පරිදි පාංශු අවශෝෂණය) හෝ කැටි ගැසුණු පස තුල [[ආහාර]] බොහෝ ප්‍රමාණයක් පරිරක්ෂණය කල හැක.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ගොවිපල වල [[ගෝවා]] සාම්ප්‍රදායික ලෙස භූගත කරනු ලබයි. ඇතැම් ක්‍රම වලදී ඒවා රැලි සහිතව සකසන අතර අනෙකුත් ක්‍රම වලදී [[ගෝවා]] අච්චාරු ලෙස පිළියෙළ කරනු ලැබේ. 'කිම්චි' මේ හා සමාන සාම්ප්‍රදායික නිෂ්පාදනයකි.
 
ඇතැම් අවස්ථා වලදී මාංශ [[ආහාර]] ද පරිරක්ෂණ තත්ත්වයන් යටතේ භූගත කරනු ලබයි. උණුසුම් අඟුරු හෝ අළු සමග භූගත කළහොත් එම [[උෂ්ණත්වය]]ට රෝග කාරකයන් විනාශ කල හැක. වියලි අළු මගින් ආහාරය වියලීමට හැකි අතර පොළොව මගින් [[ඔක්සිජන්]] රඳවා තබා ගැනීම සහ ආහාරය වැඩිදුර නරක් වීම වලක්වයි. ඉතා සිසිල් පසේ භූගත කළහොත් පොළොව ශීතකරණයක් ලෙස ක්‍රියා කරයි.
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි