"බෝපත් ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
21 පේළිය:
| footnotes =
}}
'''බෝපත් ඇල්ල''' පිහිටා තිබෙන්නේ [[ශ්‍රී ලංකා]]වේ [[රත්නපුර]]දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල මෙම''බෝපත් ඇල්ල'' නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල හොල්මන්අවතාර ගැවසෙන බවත් සඳහන්ය.
 
 
29 පේළිය:
 
==දිය ඇල්ල==
<p>මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී. </p>
 
බෝපත් ඇල්ල උස මීටර් 30කි. [[කළු ගඟේ]] අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් පහක්හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ශාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
 
තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන [[කොළඹ]]ට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.
"https://si.wikipedia.org/wiki/බෝපත්_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි