"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
ආහාර පරිරක්ෂණය යනු ආහාර නරක් වීමට (ගුණය, කීමට, යෝග්‍ය බව හෝ පෝෂණ අගය අඩු කරන) හේතු කාරක වන ක්ෂුද්‍ර ජීවීන්ගේ වේගය අතිශයින් අඩු කරන ක්‍රමයකි. නමුත් ආහාර පරිරක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීරියා, යීස්ට් හෝ දිලීර භාවිත කරන ඇතැම් අවස්ථාද ඇත. යමක් ආහාරයක් ලෙස පරිරක්ෂණය කිරීමේදී එහි පෝෂ්‍යදායී වටිනාකම, මතුපිට පෙනුම සහ රසය ඇති කිරීම සහ පවත්වා ගැනීම වැදගත්වේ. මෙය සංස්කෘතිය මත රඳා පවතී. එක් සංස්කෘතියක ජනයාට සුදුසු වන ආහාරයක් තවත් සංස්කෘතියකට නුසුදුසු විය හැකිය.
 
සාමාන්‍යයන් ආහාර පරිරක්ෂණය යොදා ගන්නේ මුඩු බවට හේතු වන [[ලිපිඩ]] ඔක්සිකරණය ප්‍රමාද කිරීමට මෙන්ම බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින්ගේ වැඩීම නවතලීමටයි. එමෙන්ම ඇපල් ගෙඩියක් කැපූ පසු සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියා වැනි ක්‍රියාවලදී සිදුවන වර්ණ වෙනස්වීම් සහ ස්වභාවික නරක් වීම් නිශේධනය කරන ක්‍රියාවලියක්ද මෙයට ඇතුලත් වේ. ඇතැම් පරිරක්ෂණ ක්‍රම වලදී ප්‍රතිකාරයෙන් පසු ක්ෂුද්‍ර ජීවීන් නිසා නැවත නරක් වීම වැළක්වීම සඳහා ආහාරය සීල් කිරීම අවශ්‍ය වේ. වියලීම, දිගු කාලීනව විශේෂයක් නොමැතිව ආහාරය අසුරා තැබීම අනෙකුත් ක්‍රමෝපායන් වේ.
 
මෙම ක්‍රියාවලි සඳහා අදාළ වන පොදුවේ භාවිත වන ක්‍රම අතරට වියලීම, විසිරි වියලීම, හිමායන වියලීම, හිමායනය, රික්තක ඇසිරීම, ටින් කිරීම, පැණිවල දැමීම, සීනි ස්ඵටිකීකරණය, ආහාර ප්‍රකිරණය සහ පරිරක්ෂක ද්‍රව්‍ය හෝ කාබන් ඩයොක්සයිඩ් වැනි නිෂ්ක්‍රීය වායු එකතු කිරීම වැනි ක්‍රම ඇතුලත් වේ. අච්චාරු දැමීම, ලුණු දැමීම, දුම් ගැසීම, පැණිවල හෝ මද්‍යසාර වල දැමීම, සීනි ස්ඵටිකීකරණය සහ පදම් කිරීම වැනි අනෙකුත් ක්‍රම ආහාර පරිරක්ෂණය සඳහාම පමණක් නොව රස එකතු කිරීම සඳහා ද උපකාර වේ.
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි