"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
'''කොස් ගස''' යනු මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයකි. මෙය ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. උදා: උගන්ඩාවේදී.
 
කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.
 
==නිරුක්ති ශාස්ත්‍රය සහ නාම මාත්‍රයන්==
58 පේළිය:
[[Image:Jack Fruit Opened.jpg|left|thumb|කොස් ගෙඩිය]]
 
කොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්ජවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රන්තයේද මෙම ගස ගැන සදහන් වී තිබේ.

මෙම ගස අවුරුදු 35-40 පමණ වූ විට එහි ලීය ගෘහභාණ්ඩ සැදීමට යොදා ගත හැකිය. මෙම ගසේ ඇති දියරය භාජන වල කුඩා සිදුරු වැසීමට යොදා ගන්නා ආලේපනයක්ද වේ. ඉන්දියානු කේරල ප්‍රදේශයේ කළු ගම්මිරිස් වැල් වලට ආධාරකයක් වශයෙන්ද ගොවියන් කොස් ගස ප්‍රයෝජනයට ගනී. එබැවින් කේරල ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වැල් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට ලැබේ.
[[Image:JackfruitLift.JPG|thumb|upright|කොස් ගෙඩියක විශාලත්වය විදහාපායි. ]]
 
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි