"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Modifying: tr:Kimyasal bağ
No edit summary
10 පේළිය:
 
සියලු රසායනික බන්ධන [[ක්වන්ටම් න්‍යාය]] මත පදනම්ව පැහැදිලි කළ හැක. නමුත් ප්‍රායෝගික භාවිතයේදී වඩාත් සරළ නීති මත පදනම්ව පවා රසායනඥයින්හට බන්ධන ශක්තිය දිශානතිය හා ධ්‍රැවීයතාවය පිළිබඳ අනා‍වැකි පලකළ හැක. අෂ්ඨක නීතිය හා VSEPR න්‍යාය මේ සදහා උදාහරණ සේ ගත හැක. සංයුජතා කවච බන්ධන සොයා පරමාණු කක්ෂීවල රේඛීය අතිච්ඡාදන ක්‍රමය සහ බන්ධන කාණ්ඩය ක්ෂේත්‍ර ඇතුළත් අණුක කාක්ෂික කවච බන්ධන න්‍යායේදී කාක්ෂික අතර මුහුම්කරණයන් සිදුවීම හා අනුනාද වීම් වැනි සංසිද්ධීන් පවා සැලකිල්ලට ගැනේ. රසායනික බන්ධනවල ධ්‍රැවීයතාවයන් හා එමගින් රාසායන ද්‍රව්‍යයන් මත ඇති වන බලපෑම විස්තර කිරීමට ස්ථිති විද්‍යුතය යොදා ගැනේ.
 
==සංයුජතා බන්ධන වාදය==
1927 වර්ෂයේ සහසංයුජවාදය ඉදිරිපත් කරන ලදී. මෙයින් නියමිත පරමාණුක කක්ෂයන්හි වූ සහසංයුජ ඉලෙක්ට්‍රෝන දෙකක් පද්ධතියෙහි ශක්තිය අඩු කර ගැනීමේ ආචරණයෙහි ගුණය නිසා න්‍යෂ්ටීන් දෙක එකිනෙක බැද තබා ගැනීමේ ක්‍රියාවලියක් විස්තර කරන ලදී. 1931 දී මෙම වාදය පදනම්ව රසායන විද්‍යාඥ ලයිනස් පෝලින් විසින් රසායන විද්‍යා අතීතයේ වඩා වැදගත්ම ලේඛණය ලෙස සලකන ‘ඔන්ද නේචර් ඔෆ් ද කෙමිකල් බොන්ඩ්’ යන ලේඛණය ප්‍රකාශ කරන ලදී. මෙම ලේඛණය ලුවිස්ගේ පරීක්ෂණ හෙයිටර් හා ලන්ඩන්ගේ සංයුජතා බන්ධනවාදය පදනම්ව හුවමාරු කරගත් ඉලෙක්ට්‍රෝනයක් සදහා නීති හයක් ඉදිරිපත් කරන ලදී. පළමු නීති තුන ඉතා ප්‍රචලිතය.
 
1) ඉලෙක්ට්‍රෝන යුග්ම බන්ධනය ඇති වන්නේ යම් පරමාණු දෙකක වූ වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් අතර අන්තර් ආකර්ශනය කිරීමෙනි.
 
2) ඉලෙක්ට්‍රෝන දෙකෙහි බැවුම එකිනෙක විරුද්ධ විය යුතුය.
 
3) යුග්ම වූ පසු ඉලෙක්ට්‍රෝන දෙක වෙනත් බන්ධනවලට හවුල් විය නොහැක.
 
අනෙකුත් නීති තුන අළුතින් හදුන්වාදුන් නීති විය.
 
4) පරමාණුවලින් එක බැගින් වූ තරංග ශ්‍රිතියකට ඉලෙක්ට්‍රෝන -හුවමාරු වීම අදාල වේ.
 
5) අඩුම ශක්ති මට්ටමේ වූ එක් ඉලෙක්ට්‍රෝනයක් ශක්තිමත් බන්ධනයක් සාදයි.
 
6) පරමාණුවක වූ කක්ෂ දෙකකින් වඩා අතිපිහිට විය හැකි කක්ෂය වඩා ශක්තිමත් බන්ධනයක් සාදයි. මෙම බන්ධනය සාන්ද්‍රිත කක්ෂවල දිශාවටම සෑදෙයි.
 
1939 හේලින්ගේ පෙළපොත: ‘ඔන් ද නේචර් ඔෆ් ද කෙමිකල් බොන්ඩ්’ යන්න රසායනික විද්‍යාවේ “බයිබලය” වශයෙන් සමහරුන් හදුන්වන ලදී. රසායනික විද්‍යාව කෙරෙහි ක්වොන්ටම්වාදයේ බලපෑම තේරුම් ගැනීමට පරීක්ෂක රසායනික විද්‍යාඥයන්ට මෙම පොත බොහෝ සෙයින් වැදගත් විය. කෙසේ වෙතත් 1959 දී පැන නැගුණු ගැටළු ප්‍රමාණවත් පරමාණුක කක්ෂීයවාදයට වඩා හොදින් නිරාකරණය කිරීමට මෙම ග්‍රන්ථයේ නව ප්‍රකාශනයන් අපොහොසත් විය. 1960 හා 1970 වකවානු තුළදී සහ සංයුජවාදයේ බලපෑම ටිකෙන් ටික අඩු වූ අතර විශාල පරිගණක වැඩසටහන් තුළ භාවිතයත් සමගම පරමාණුක කක්ෂීයවාදය වර්ධනය විය. 1980 වන තෙක් වූ පරිගණක වැඩ සටහන් සදහා සංයුජතා බන්ධනවාදය යොදා ගැනීම මහත් ගැටළුවක් වූ අතර එය විශාළ වශයෙන් විසදීමත් සමගම සංයුජතා බන්ධනවාදය යළි මතු වීමට පටන් ගත්හ.
 
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි