"වෙබ් අඩවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ku:Malper
සුළු robot Adding: tt:Веб-сәхифә; cosmetic changes
1 පේළිය:
'''වෙබ්-අඩවිය''' ක් යනු [[අන්තර්ජාල මූලලේඛය]]න්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ [[අන්තර්ජාල ලිපිනය]]ක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, [[වෙබ් පිටුව|වෙබ් පිටු]], රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. [[අන්තර්ජාලය]] හෝ පෞද්ගලික [[පෙදෙසි ජාලය]] ඔස්සේ ප්‍රවේශ විය හැකි [[වෙබ් සේවාදායකය]]න් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
 
වෙබ් පිටුවක් යනු, [[අදිපෙළ සලකුණු බස]] (HTML, [[XHTML]]) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්‍ය වශයෙන් [[සරල පෙළ]]ක් භාවිතයෙන් ලියැවෙන, [[ලේඛය]]කි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු [[HTML බරුව|සලකුණු බරුවන්]] භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
 
වෙබ් පිටු වෙත ප්‍රවේශ වීම සහ ඒවා ප්‍රවාහනය කිරීම සිදුකෙරෙනුයේ [[අදිපෙළ මාරු මූලලේඛය]] (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය ([[HTTP සුරැකි]], HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට [[වෙබ් බ්‍රවුසරය]]ක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.
 
පොදුවේ ප්‍රවේශ්‍ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් [[විශ්ව විසිරි වියමන]] සදයි.
 
[[මුල් පිටුව]] ලෙසින්ද හැඳින්වෙන, සරල [[ඒකාකාර සම්පත් නිවේශනය]]ක් (URL) විසින්, සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර [[අඳිබැඳිය|අඳිබැඳිවීම්]] විසින් පරිශීලකයාට [[අඩවි සිතියම|අඩවි ව්‍යුහය]] ක් ප්‍රත්‍යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාලනය කිරීමට ඉඩ සලසන නමුදු, සත්‍යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්‍රමිකව සකස් වේ.
 
සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්‍රවේශනය සඳහා [[දායකත්වය]]න් අවශ්‍ය වෙයි. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්‍යාපාරික අඩවි බොහෝ [[ප්‍රවෘත්ති]] අඩවියන් හි කොටස්, [[ශාස්ත්‍රීය ජර්නලය|ශාස්ත්‍රීය ජර්නල]] අඩවියන්, ක්‍රීඩා අඩවියන්, [[අන්තර්ජාල පරිෂදය|පණිවුඩ පුවරු]], වෙබ්-පදනමැති [[විද්‍යුත්-තැපෑල]], සේවාවන්, [[සමාජ ජාලකරණ]] වෙබ් අඩවියන්, සහ තථ්‍ය-කාල [[කොටස් වෙළෙඳ පොළ]] දත්ත සපයන අඩවියන් වෙති.
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
== බාහිර සබැඳියන් ==
* [http://www.icann.org/ Internet Corporation For Assigned Names and Numbers (ICANN)]
* [http://www.w3.org/ World Wide Web Consortium (W3C)]
* [http://www.isoc.org/ The Internet Society (ISOC)]
 
 
[[ප්‍රවර්ගය:වෙබ් අඩවි]]
[[ප්‍රවර්ගය:අන්තර්ජාලය]]
[[Categoryප්‍රවර්ගය:වෙබ් අඩවි]]
 
[[Category:වෙබ් අඩවි]]
 
[[af:Webwerf]]
Line 86 ⟶ 84:
[[tl:Websayt]]
[[tr:Web sitesi]]
[[tt:Веб-сәхифә]]
[[uk:Веб-сайт]]
[[ur:موقعِ حبالہ]]
"https://si.wikipedia.org/wiki/වෙබ්_අඩවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි