"ඩී.එන්.ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
adding up links to other si.wiki pages related to the article
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව: DNA_Overview.png|thumb|]]
[[ඩී.එන්.ඒ|DNA]] සෑම ජීවියෙකුගේම හා සමහර [[වෛරස]]වල [[වර්ධනය]] හා [[ක්‍රියාකාරීත්වය]] පිළිබඳ තොරතුරු / මඟ පෙන්වීම් ([[ජානමය තොරතුරු]]) අඩංගු [[න්‍යෂ්ටික අම්ල]] මේ නම් වේ. DNA අණුවල වැදගත්ම කාර්යභාරය නම් දත්ත ගබඩා කිරීමයි. [[RNA]] , [[ප්‍රෝටීන]] වැනි අනෙකුත් [[සෛල සංඝටක]] තැනීමට ඇති තොරතුරු / උපදෙස් DNA තුළ ඇති බැවින් එය සැලසුම් කෙටුම්පතකට සමාන කළ හැක. DNA වල මෙම තොරතුරු අඩංගු වන කොටස [[ජානය]]ක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් DNA කොටස් ව්‍යුහිත වශයෙන් ක්‍රියා කරන අතර තවත් සමහරක් ප්‍රවේණි තොරතුරු ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි. රසායනිකව DNA යනු [[නියුක්ලියෝටයිඩ]] නම් ඒකකවලින් තැනුනු [[මහා අණු]]වකි. එහි කොඳු ඇට පෙළ [[සීනි]] හා [[පොස්ෆේට්]] අණු [[එස්ටර බන්ධන]]වලින් බැඳී තැනී ඇත. එක් සීනි අණුවකට එක බැඟින් බැඳුණු [[භෂ්ම]] වර්ග හතරක් ඇත. මෙම භෂ්ම බැඳී ඇති අනුපිළිවෙලිනුයි ප්‍රවේණි දත්ත ගබඩා වී ඇත්තේ. මෙම භෂ්ම කේතයේ ඇති තොරතුරු ප්‍රෝටීන නිෂ්පාදනයේ [[ඇමීනෝ අම්ල]] අනුපිළිවෙල තීරණය කරයි. පිටපත් වීම හා පරිවර්තනය යන ක්‍රියාවලිය මඟින් මෙම DNA කේතයෙහි පණිවුඩය RNA අණුවල අනුපිලිවෙලක් බවට පරිවර්තනය කෙරේ.
 
 
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි