"විකිපීඩියා:කෝපි කඩේ (ප්‍රතිපත්ති)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
91 පේළිය:
 
::මෙහිදී [[User:Singhalawap|Singhalawap]] වෙත අනුගාමී වෙමි. මා ද සිතනා පරිදි අප මෙය භාවිතා කළ යුත්තේ '''අවස්ථානුකූලව''' බව යි. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 06:28, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)
::: අපි නිදසුන් කිහිපයක් ගෙන බලමු.
:::* [[අක්ෂර ක්‍රම]] යන්න යම් දේවල් කණ්ඩායමක් (මෙහිදී අක්ෂර ලියන ආකාර කිහිපයක්) ගැන ලිපියකි. මෙම ලිපියට අක්ෂර ක්‍රමය යැයි නම් තැබුවොත් වැරැදියි. ලිපිය අක්ෂර ක්‍රම කිහිපයක් ගැන මිස අක්ෂර ක්‍රම එකක් ගැන නොවෙයි. මෙයින් පිළිබිඹු වන්නේ '''යම් දේවල් කණ්ඩායමක් ගැන ලියවෙන ලිපි වල මාතෘකාව බහු වචනයෙන් යෙදිය යුතු''' බවය. හැබැයි මෙහෙම දෙයක්ද ඇත. ලිපිය අක්ෂර ක්‍රම කිහිපයක් ගැන වුවද, ලිපියෙහි වැදගත්ම කොටස වන හැඳින්වීමෙහි පළමු වාක්‍යයෙහි හැකි පළමු අවස්ථාවෙහිදී සාම්ප්‍රදායික ලෙසින් මාතෘකාව තදකුරු වලින් දැක්වීමේදී '''අක්ෂර ක්‍රම වනාහී''' යනුවෙන් නොව '''අක්ෂර ක්‍රමයක් යනු''' ලෙසින් ඇරඹී ඇත. ඒ ඒ මාතෘකාවෙහි සැටියට මෙය යෙදෙයි. යම් දේවල් කණ්ඩායමක් ගැන ලියවෙන තවත් ලිපියක් වන [[උඩරට නැටුම්]] යන ලිපියෙහි පළමු වාක්‍යයෙහි මාතෘකාව තදකුරු වලින් දැක්වීමේදී '''උඩරට නැටුම්''' යනුවෙන් දැක්වේ.
:::*'''නිත්‍ය බහු වචන තිබේ නම් ඒවා ගැන ලිපි වල මාතෘකා බහු වචනයෙන්''' විය යුතුයි. නිදසුන් ලෙසින් [[එළවළු වර්ග]], [[කතරගම දෙවියෝ]], දැක්විය හැක.
:::*මේ හැර '''අනෙක් බොහෝ සිංහල ලිපි මාතෘකා ඒක වචනයෙන්''' දැක්විය හැක.
:::ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඉංග්‍රීසි නිත්‍ය බහු වචන සිංහලෙන් ඒක වචන විය හැක. [[:en:scissors]] යන්න සිංහලෙන් '''කතුර''' ලෙසට පරිවර්තනය කල හැක.<br> '''පොල්''' යන්න බහු වචන පදයක් නොවේ. එම ශාකයට කියන නමයි. පොල් ගස, පොල් මල, පොල් ගෙඩිය, පොල් ලෙල්ල, පොල් හනස්ස, පොල් කඳ ආදි වශයෙන් ඒක වචන මාතෘකා භාවිතා කල හැක. මල (හෝ පුෂ්පය), ශාකය (හෝ ගස), කාරය, කළු ගල, දිය ඇල්ල, සපත්තුව යන මාතෘකා නිවැරැදි සිංහල මාතෘකා වන අතර ඒක වචන වෙති. ලංකාවේ දිය ඇලි, කාන්තා සපත්තු, පැරැණි කාර් වර්ග, පතනශීලි ශාක යන මාතෘකාද නිවැරැදි වන අතර ලිපියෙහි අන්තර්ගතය පරිදී බහු වචනයෙන් යෙදිය හැක. <br> සිංහල භාෂාවේ භාවිතය අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියට ප්‍රතිවිරුද්ධය යන්න මිථ්‍යාවකි. ---[[User:චතුනි අලහප්පෙරුම|චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma]] ([[User talk:චතුනි අලහප්පෙරුම|talk]]) 16:10, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)