"අර්ධ සන්නායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{මාධ්‍ය ඇතුලත් කරන්න}}
'''අර්ධසන්නායකයක්''' යනු, ඉලෙක්ට්‍රෝන ගලනය නිසාවෙන් [[විද්‍යුත් සන්නායකතාව|විද්‍යුත් සන්නායකතාවයක්]] සහිත වන්නාවූ ([[අයනික සන්නායකතාවය]]ට ප්‍රතිවිරුද්ධ ලෙසින් හැසිරීමකි) සහ එහි අගය [[විද්‍යුත් සන්නායකය|සන්නායකයක]] එම අගය සහ [[පරිවාරකය (විද්‍යුත්)|පරිවාරකයක]] එම අගය අතරමැදි විශාලත්වයක් දරන්නාවූ ද්‍රව්‍යයකි . මෙයින් ගම්‍ය වන්නේ, දළ වශයෙන් සෙන්ටිමීටරයට [[සීමන්ස් (ඒකකය)|සීමන්ස්]] 10<sup>3</sup> සිට10<sup>−8</sup> දක්වා පරාසයක සන්නායකතාවයකි. රේඩියෝ තාක්ෂණය, පරිගණක, දුරකතන, සහ වෙනත් බොහෝ ආකාර උපාංගයන්ගෙන් සමන්විත නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙහි පදනම සපයන්නේ අර්ධ සන්නායක ද්‍රව්‍යයන් විසිනි. මෙවැනි උපාංග අතර [[ට්‍රාන්සිස්ටරය]], [[සූර්ය කෝෂ]], ප්‍රකාශ-විමෝචක ඩයෝඩද ඇතුළු බොහෝ ආකාරයෙහි [[ඩයෝඩය|ඩයෝඩ]], සිලිකන් පාලිත සෘජුකරය, සහ සංඛ්‍යාංක (ඩිජිටල්) සහ ප්‍රතිසම (ඇනලොග්) අනුකලිත පරිපථයන්ද වෙති. ලෝහමය සන්නායකයක, ධාරාව රැගෙන යන්නේ [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] ගලනය මගිනි. අර්ධ සන්නාකයන් හිදී, ධාරාව ගලන්නේ එක්කෝ ඉලෙක්ට්‍රෝනයන්හී ගලනය අනුසාරයෙන් යැයි හෝ ද්‍රව්‍යයෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙහි පවතින ධන ආරෝපිත "[[ඉලෙක්ට්‍රෝන කුහරය|කුහරයන්හී]]" ගලනය අනුසාරයෙන් යැයි හෝ බොහෝවිට අර්ථකථනය කරනු ලැබේ. කෙසේවෙතත්, සත්‍යවශයෙන්ම, මෙම අවස්ථා දෙනෙහිදීම සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන චලනය පමණකි.
 
"https://si.wikipedia.org/wiki/අර්ධ_සන්නායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි