"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
'''විශේෂය''' යන්නෙහි එක් අර්ථකථනයක් නම් තවෙකෙක් හා එක්ව සරු ජීවියෙක් බිහිකිරීමේ හැකියාව ඇති ජීවීන් කාණ්ඩයකටය. විශේෂ ගහණ තුළට වෙන් වූ පසු එම ගහණයන් (දෙක) අතර විකෘති, ජාන ගලනය, ස්වභාවික වරණය අන්තර්වර්ගයා බෝකිරීම් සිදු නොවේනම් නව විශේෂයක ඇරඹුමක් ඇති වේ. ජීවීන් අතර ඇතිවන සමානත්වය නිසා සෑම විශේෂයක්ම මීමුත්තෙකුගෙන් හෙමින් හෙමින් සිදුවන මෙම වෙනස්කම් නිසා අපසරණය වී පැවත එන්නැතැයි විශ්වාස කෙරේ.
 
පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී [[චාල්ස් ඩාවින්|චාල්ස් ඩාවින්ගේ]] ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ [[ස්වභාවිකවරණයස්වභාවික වරණය]] මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.
 
 
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි