"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
347 පේළිය:

මගේ අදහසෙහි හැටියට [[පරිශීලක:Singhalawap]] ගේ අපූර්ව දායකත්වය ඇරඹෙන්නේ [[අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන්]] වෙතිනි. [[:en:United States of America]] යන ඉංග්‍රීසි ලිපිය පරිවර්තනය විය යුත්තේ '''අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන්''' ලෙසින් යැයි තර්ක කල හෙතෙම, '''states''' යන්න '''ජනපද''' වන්නේ කෙසේද යැයි අභියෝග කරමින් ඉහත මාතෘකාව සහිත ලිපිය බිහි කර ඇත. එනමුදු, සිංහල පද වලට වඩා ඉංග්‍රීසි පද බොහෝමයක් ඇති මෙම ලිපියෙහි පරිවර්තනය ප්‍රගතිය ඉතා මන්දගාමී බවද, එය වැඩුමට [[පරිශීලක:Singhalawap]] ගේ දායකත්වය අල්ප බවද නිරික්ෂණය කළෙමි. සිංහල හා ලාංකික ජන සමාජය තුල '''United States of America''' යන්නට භාවිතා වන්නේ '''ඇමරිකානු එක්සත් ජනපද''' යන්න බව නොරහසකි.
ඉන්පසු මා නිරික්ෂණ කල අපූර්ව දායකත්වය නම් '''Ceylon''' යන ඉංග්‍රීසි පදයට '''සිලෝන්''' යන්න භාවිතා කොට විවිධ ලිපි මාතෘකා භාවිතා කිරීමය. ඉංග්‍රීසිවරුන් අප රට පාලනය කල 1796 සිට 1948 දක්වාද බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ‍ඩොමීනියන් රාජ්‍යයක් ලෙස (1971 දී කැරැල්ලට නඩු පැවරුයේ බ්‍රිතාන්‍ය මහා රාජණීය ට විරුද්ධව කැරැලි ගැසීමට එරෙහිවය ) පැවැති 1948 සිට 1972 දක්වා පැවැති කාලයේදීද අප රටට සිංහලෙන් භාවිතා කල නාමය '''ලංකාව''' බව කවුරුත් දන්නා කරුණකි. අප රට අධ්‍යාපනය ලැබුවෙකු ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයය හැදෑරුවෙහි නම් අනිවාර්යයයෙන්ම මෙම කරුණ දැන සිටිය යුතුමය. මෑත කාලයේ සිංහල පුවත්පත්., සඟරා හෝ අනෙකුත් ප්‍රකාශන කියවූවෙකු හටද මෙම පදය හමුනොවීම විය නොහැක්කකි.
ඊළඟ දායකත්වය '''Science''' යන ඉංග්‍රීසි පදයට '''විද්‍යාව''' යන්න භාවිතා කිරීමට විරුද්ධව එයට '''සයන්ස්''' යන පදයක් භාවිතා කිරීමයි. ලංකාවෙහි සිංහල අධ්‍යාපනය ඇරඹි කිසියම් දිනක සිට ලංකාවේ අධ්‍යාපනඥයින් භාවිතා කල '''විද්‍යාව''' යන පදය නොදැනීම අරුමයකි. එකල බෞද්ධ පිබිදීම දැනට වඩා ඉහල මට්ටමක තිබි අතර මහජනයාගේ අදහස් ප්‍රකාශනයෙහිදී නොබිය බවද අදට වඩා ඉහල ව තිබියදී ඇති නොවූ මත ගැටුමක් [[පරිශීලක:Singhalawap]] ට ඇති වී තිබිණි. අද සමාජයෙහි ග්‍රන්ථ ප්‍රකාශන, පෙළ පොත් ආදියෙහි පමණක් නොව රාජ්‍ය අමාත්‍යධූර, දෙපාර්තමේන්තු නාම සහ සංස්ථා නාම ආදියෙහිද භාවිතා වන '''විද්‍යාව''' යන්න බෞද්ධ ධර්මයෙහි පමණක් භාවිතා විය යුතු බව මෙතුමාගේ තර්කය විය.
නවතම අපූර්වය නම් '''Solar System''' යන්නට '''සූර්ය පද්ධතිය''' යන්න භාවිතා කිරීමට පටන් ගැනීමයි. '''Solar System''' යන්නට අප දන්නා කලක සිට පාසල් වල සහ ජන සමාජයෙහි භාවිත කල /කරන පදය '''සෞර ග්‍රහ මණ්ඩලය''' යන්න බව මෙතුමා නොදැන සිටීම මහත් අරුමයකි. මේ පිළිබඳව අනෙකුත් විකිපීඩියානුවන්ගේද නොබිය නොවක් අදහස් අගයමි. ස්තුතියි. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 05:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)

===පිලිතුර===
සියල්ල සඳහා පිලිතුරුදීමට විවේකයක් නොමැතිවීම පිලිබඳ සමාවන්න. සුළු හෝ දායකවීමේ සිතිවිලිලෙන් විකිපීඩියවට පිවිසුනද එය පසෙකලා ලද විවේකය ඔබට පිලිතුරු සැපයීමට යොදවමි.
මාගේ අතීත දායකත්ව පිලිබඳව මාහට කීමට ඇත්තේ එවකට විශය පිලිබඳ මගේ තිබූ දැනුමත් විකිපීඩියා, විකිපොත් සහ විකිමූලාශ්‍ර (එවකට නොතිබුනු) තුනෙහි වෙනස පිලිබඳ මගේ '''නො'''දැනුමත් සමහර ගැටුම් සඳහා හේතුවූ බවයි. විශය කරුණු පිලිබඳව මගේ ස්ථාවරය එතරම් ‍වෙනස්වී නැතතත් විවිධ Wikimedia හි විවිධ ව්‍යාපෘති සහ ඒවායේ යොදාගැනීම් සහ රීති පිලිබඳව දැන් මාසතු දැනුම මගේ සමහර අතීත දායකත්ව අදාල ව්‍යාපෘතිය තුල නිවැරදි නොවනබව පිලිගනිමි.

මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ සිංහල විකිපීඩානුවන් සමහරක් ‍අන් අයගේ දායකත්ව දියුණු හෝ නිවැරදි කිරීම සඳහා දායකනොවී, අනුන්ගේ වැරදි සෙවීමට සහ අනුන්ට පහර ගැසීමට තම වටිනා කාලය මිඩංගු කිරීමයි.

මාවිසින් ඊයේ රාත්‍රියේ කල දායකත්වයක් ගැන නගා තිබූ චෝදනාවට පිලිතුරක් මෙසේ තබමි. [[සෞර ග්‍රහ මණ්ඩලය]] ලිපිය හෝ එහි සිරස මා විසින් කිසිදු අයුරකින් වෙනස්කර නොමැත. සාමාන්‍යයෙන් සෞර/සූර්ය ග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වන්නේ හිරු සහ ග්‍රහලෝක වේ. මාවිසින් සිදුකලේ සූර්ය පද්ධතිය තුල ඇති වෙනත් ගුහ වස්තු පිලිබඳවඇති මාතෘකාව නොගැලපෙන ලිපියක මාතෘකාව නිවැරදි කිරීමයි. එම ලිපියේ ප්‍රවර්ගය ලෙසද ඇත්තේ [[ප්‍රවර්ගය: සෞරග්‍රහ මණ්ඩලය]] බවද මතක්කර සිටිමි.

මා විසින් මෙවැන් පිලිතුවලදී නිතර සඳහන්කරන අයුරින්ම, සෑම විකි දායකත්වයකටම අදාලවන රීතිය පරිදිම මවිසින් කල ඕනෑම දායකත්වයක් අහෝසිකිරීමට හෝ නිවැරදි කිරීමට ඔබට ඇති හැකියාව මතක්කර සිටිමි.
[[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 07:57, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි