"විකිපීඩියා:කෝපි කඩේ (technical)" හි සංශෝධන අතර වෙනස්කම්

# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 06:04, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) මේකෙන් සමහරුන්ට අසාධාරණයක් වෙනවා නේද? විකියේ '''[[විකිපීඩියා:Ignore_all_rules|දැඩි නීති පද්දතියක් නොමැත]]''' කියන මූලික අදහස බිඳ වැටෙනවා නේද? අර වගේ අය වාරණය කිරීමයි වෙන්න ඕනෑ. විකියට නීති එක් වෙන්න වෙන්න දායකත්වය අඩු වෙන්න පුලුවන්. ඔය විකාර වැඩ කරන අය අලුතෙන් පිටු හදන එක වාරණය කලාම තියෙන පිටුවලට ''ගේම'' දෙන්න පුලුවන්. ප්‍රතිපත්තියක් තියෙන එක හොඳයි. නමුත් නීති දාන එකට මගේ එච්චර කැමැත්තක් නෑ. මේක මගේ අදහසයි.
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' [[User:දසනැබළයෝ|දසනැබළයෝ]] ([[User talk:දසනැබළයෝ|talk]]) 08:47, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) දැනට තියෙන පිටු විකෘති කිරීමට තැත් කළහොත් ඒවා අහෝසි කල හැකියි. එය දිගටම කළහොත් වාරණය කල හැකියි. එහෙත් අළුතින් විකෘති පිටු සැදීම මෙම ක්‍රියාන්විතය මගින් නතර කිරීම අවශ්‍යය යන්න මගේ අදහසයි.

== [[පරිශීලක:Singhalawap]] ගේ අපූර්ව දායකත්වය ==

මගේ අදහසෙහි හැටියට [[පරිශීලක:Singhalawap]] ගේ අපූර්ව දායකත්වය ඇරඹෙන්නේ [[අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන්]] වෙතිනි. [[:en:United States of America]] යන ඉංග්‍රීසි ලිපිය පරිවර්තනය විය යුත්තේ '''අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන්''' ලෙසින් යැයි තර්ක කල හෙතෙම, '''states''' යන්න '''ජනපද''' වන්නේ කෙසේද යැයි අභියෝග කරමින් ඉහත මාතෘකාව සහිත ලිපිය බිහි කර ඇත. එනමුදු, සිංහල පද වලට වඩා ඉංග්‍රීසි පද බොහෝමයක් ඇති මෙම ලිපියෙහි පරිවර්තනය ප්‍රගතිය ඉතා මන්දගාමී බවද, එය වැඩුමට [[පරිශීලක:Singhalawap]] ගේ දායකත්වය අල්ප බවද නිරික්ෂණය කළෙමි. සිංහල හා ලාංකික ජන සමාජය තුල '''United States of America''' යන්නට භාවිතා වන්නේ '''ඇමරිකානු එක්සත් ජනපද''' යන්න බව නොරහසකි.
ඉන්පසු මා නිරික්ෂණ කල අපූර්ව දායකත්වය නම් '''Ceylon''' යන ඉංග්‍රීසි පදයට '''සිලෝන්''' යන්න භාවිතා කොට විවිධ ලිපි මාතෘකා භාවිතා කිරීමය. ඉංග්‍රීසිවරුන් අප රට පාලනය කල 1796 සිට 1948 දක්වාද බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ‍ඩොමීනියන් රාජ්‍යයක් ලෙස (1971 දී කැරැල්ලට නඩු පැවරුයේ බ්‍රිතාන්‍ය මහා රාජණීය ට විරුද්ධව කැරැලි ගැසීමට එරෙහිවය ) පැවැති 1948 සිට 1972 දක්වා පැවැති කාලයේදීද අප රටට සිංහලෙන් භාවිතා කල නාමය '''ලංකාව''' බව කවුරුත් දන්නා කරුණකි. අප රට අධ්‍යාපනය ලැබුවෙකු ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයය හැදෑරුවෙහි නම් අනිවාර්යයයෙන්ම මෙම කරුණ දැන සිටිය යුතුමය. මෑත කාලයේ සිංහල පුවත්පත්., සඟරා හෝ අනෙකුත් ප්‍රකාශන කියවූවෙකු හටද මෙම පදය හමුනොවීම විය නොහැක්කකි.
ඊළඟ දායකත්වය '''Science''' යන ඉංග්‍රීසි පදයට '''විද්‍යාව''' යන්න භාවිතා කිරීමට විරුද්ධව එයට '''සයන්ස්''' යන පදයක් භාවිතා කිරීමයි. ලංකාවෙහි සිංහල අධ්‍යාපනය ඇරඹි කිසියම් දිනක සිට ලංකාවේ අධ්‍යාපනඥයින් භාවිතා කල '''විද්‍යාව''' යන පදය නොදැනීම අරුමයකි. එකල බෞද්ධ පිබිදීම දැනට වඩා ඉහල මට්ටමක තිබි අතර මහජනයාගේ අදහස් ප්‍රකාශනයෙහිදී නොබිය බවද අදට වඩා ඉහල ව තිබියදී ඇති නොවූ මත ගැටුමක් [[පරිශීලක:Singhalawap]] ට ඇති වී තිබිණි. අද සමාජයෙහි ග්‍රන්ථ ප්‍රකාශන, පෙළ පොත් ආදියෙහි පමණක් නොව රාජ්‍ය අමාත්‍යධූර, දෙපාර්තමේන්තු නාම සහ සංස්ථා නාම ආදියෙහිද භාවිතා වන '''විද්‍යාව''' යන්න බෞද්ධ ධර්මයෙහි පමණක් භාවිතා විය යුතු බව මෙතුමාගේ තර්කය විය.
නවතම අපූර්වය නම් '''Solar System''' යන්නට '''සූර්ය පද්ධතිය''' යන්න භාවිතා කිරීමට පටන් ගැනීමයි. '''Solar System''' යන්නට අප දන්නා කලක සිට පාසල් වල සහ ජන සමාජයෙහි භාවිත කල /කරන පදය '''සෞර ග්‍රහ මණ්ඩලය''' යන්න බව මෙතුමා නොදැන සිටීම මහත් අරුමයකි. මේ පිළිබඳව අනෙකුත් විකිපීඩියානුවන්ගේද නොබිය නොවක් අදහස් අගයමි. ස්තුතියි. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 05:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)

සංස්කරණ

1,905

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/120243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි