"වෙසක් උත්සවය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{පසළොස්වක පොහොය ශීර්ෂකය}}▼
==දිනය==
▲වෙසක් (සිංහල වචනය) යනු බෞද්ධයන්ගේ උත්සව පවත්වන වාර්ෂික නිවාඩු දිනයකි. ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක - සොනෙ - ලා - ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
විවිධ සාම්ප්‍රදායයන් තුළ භාවිතා වන චන්ද්‍ර මාසානූකූල දින දර්ශනයට අනුව නියම වෙසක් දිනය එකිනෙකට වෙනස් වේ. බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක උෙපාසඒ දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස් වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.
▲ අැතැමි විටක අවිධ මත ෙලස බුදුන් උපන් දිනය යනුවෙන් භාවිතා වන නමුදු මෙම වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.
==ඉතිහාසය==
බෞද්ධ ලෝකයේ මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායයකි.
වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදු වීම හා පරිනිර්වානය වැනි වැදගත් සිද්ධින් අනුස්මරණය කරති. බුද්ධාගම ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට ව්‍යප්ත වුවද ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමග බද්ධ විය. මෙහි ප්‍රථිපලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් සමරනු ලැබේ.
==වෙසක්
වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් මල්, හඳුන් කූරු, ඉටිපන්දම් යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ෙග් ගත කරති.
Line 66 ⟶ 46:
බුදුන් පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටුවෝය. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත් සියලු පවතින දේවල් නැසෙන සුලු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත් මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් පහදා දුන්හ. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය. කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදි කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි.
===ශ්‍රී
මැයි මාසයේ පුරපසළොස්වක දිනයේ අාගමික හා සංස්කෟතික උත්සවයක් ෙලස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දාන මය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත්වේ. බුද්ධ ජයන්තියද වෙසක් සමග සමරනු ලැබේ. (2006 වර්ෂයේ සමරනු ලැබුවේ 2550 වැනි බුද්ධ ජයන්තියයි) විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රෙද්ශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති.▼
▲
▲{{පසළොස්වක පොහොය ශීර්ෂකය}}
[[en:Vesak]]
|